October 25, 2020

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

රූමැ ටොයිඩ් ආතරයිටිස් හැදෙන විදිය

රූමැටොයිඩ් ආතරයිටිස් යනු කුමන ආකාරයේ රෝග තත්වයක්ද? රූමැටොයිඩ් ආතරයිටිස් යනු නිදන්ගත ප්‍රදාහාත්මක ආබාධයක් වන අතර එම තත්වය වඩාත්ම බලපාන්නේ සන්ධිවලටය. ඇතැම් අවස්තා වල මෙම තත්වය මගින් සම, ඇස්, පෙනහළු, හෘදය සහ රුධිර නාල ඇතුළු විවිධ ශරීර පද්ධති වලට හානි කළ හැකිය.මෙම රෝග තත්වය ස්වයං ප්‍රතිශක්තිකරණ රෝග තත්වයකි. එනම් ප්‍රතිශක්තිකරණ පද්ධතිය මඟින් ශරීරයේ පටක ආගන්තුක ද්‍රව්‍යක් ලෙස වැරදීයට හදුනාගෙන ප්‍රහාරයකට ලක්කිරීමෙන් ඇතිවන රෝග තත්වයකි..
මෙම පහරදීම සන්ධිවල ආස්තරයට බලපාන අතර වේදනාකාරී ඉදිමීමක් ඇති වේ. එය අවසානයේදී අස්ථි ඛාදනය හා සන්ධි විරූපී වීම සිදුවේ. එමෙන්ම මෙම රෝග තත්වය මගින් ශරීරයේ අනෙකුත් ස්ථාන වලටද හානි කළ හැකිය.• රූමැටොයිඩ් ආතරයිටිස් රෝගයේ ලක්ෂණ මොනවාද? සන්ධි වල අධික වේදනාව, උණුසුම, ඉදිමුම, සන්ධි තද බව, තෙහෙට්ටුව, උණ සහ ආහාර රුචිය නැතිවීම ආදී රෝග ලක්ෂණ දැකිය හැක. සාමාන්‍යයෙන් උදේ කාලයේ සහ විවේකයෙන් සිටිනවිට ඉහත ලක්ෂණ වඩාත් නරක අතට හැරේ.මුල් අවස්ථාවේ කුඩා සන්ධිවලට බලපායි. විශේෂයෙන් අත් හා පාදවල ඇඟිලි රෝගී කරයි. රෝගය වර්ධනය වන විට, රෝග ලක්ෂණ බොහෝ විට මැණික් කටුව, දණහිස, වළලුකර, වැලමිට, ඉණ සහ උරහිස් දක්වා පැතිරෙයි. බොහෝ අවස්ථාවන්හීදී, ශරීරයේ දෙපස එකම සන්ධිවල රෝග ලක්ෂණ දක්නට ලැබේ.රූමැටොයිඩ් ආතරයිටිස් ඇති පුද්ගලයින්ගෙන් සියයට 40 ක් පමණ සන්ධිවලට සම්බන්ධ නොවන රෝග ලක්ෂණ අත්විඳිති. රූමැටොයිඩ් ආතරයිටිස් බොහෝ සන්ධි නොවන ව්‍යුහයන්ටද බලපායි. එනම් සම,ඇස්, පෙනහළු, හදවත, වකුගඩු, ඛේට ග්‍රන්ථි, ස්නායු පටක, ඇට මිදුළු, රුධිර නාල ආදියයි.රූමැටොයිඩ් ආතරයිටිස් රෝග ලක්ෂණ කාලයකට අඩුවීමද කාලයකට වැඩිවීමද සිදුවිය හැක. කාලයාගේ ඇවෑමෙන් රූමැටොයිඩ් ආතරයිටිස් මගින් සන්ධි විරූපණයට ලක්විය හැක.

• රූමැටොයිඩ් ආතරයිටිස් රෝගයේ අවදානම් සාධක මොනවාද? ලිංගිකත්වය:රූමැටොයිඩ් ආතරයිටිස් ඇතිවීමට පිරිමින්ට වඩා කාන්තාවන් වැඩි ය./වයස:රූමැටොයිඩ් ආතරයිටිස් ඕනෑම වයසක දී ඇතිවිය හැකි නමුත් එය බහුලවම ආරම්භ වන්නේ මැදි වයසේදී ය.
/පවුලේ ඉතිහාසය:පවුලේ සාමාජිකයෙකුට රූමැටොයිඩ් ආතරයිටිස් තිබේ නම්, පවුලේ අනෙකුත් සාමාජිකයන්ටද රෝගය වැළඳීමේ අවදානම පවතී./දුම්පානය:ජානමය නැඹුරුතාවයක් තිබේ නම් දුම්පානය මඟින් රූමැටොයිඩ් ආතරයිටිස් ඇතිවීමේ අවදානම වැඩි කරයි./පාරිසරික අවදානම් සාධක වලට නිරාවරණ:ඇස්බැස්ටෝස් හෝ සිලිකා වැනි සමහර ද්‍රව්‍ය වලට නිරාවරණ මගින් රූමැටොයිඩ් ආතරයිටිස් ඇතිවීමේ අවදානම වැඩි කරයි./තරබාරුකම:විශේෂයෙන් වයස අවුරුදු 55 සහ ඊට අඩු කාන්තාවන්, අධික බර හෝ තරබාරු අය රූමැටොයිඩ් ආතරයිටිස් ඇතිවීමේ තරමක් ඉහළ අවදානමක් ඇති බව පෙනේ.• රූමැටොයිඩ් ආතරයිටිස් රෝගයේ සංකූලතා මොනවාද? ඔස්ටියෝපොරෝසිස්.රූමැටොයිඩ් ආතරයිටිස් රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරන සමහර ඖෂධ ඔස්ටියෝපොරෝසිස් අවදානම වැඩි කළ හැකිය. මෙමගින් අස්ථි දුර්වල කර අස්ථි බිඳීමට වැඩි අවදානමක් ඇති කරයි.රූමැටොයිඩ් (නොඩුයුල්ස්) ගැටිති:වැලමිට වැනි පීඩන ස්ථාන වටා මෙම ගැටිති බහුලව සාදයි. කෙසේ වෙතත් මෙම ගැටිති පෙනහළු ඇතුළුව ශරීරයේ ඕනෑම තැනක සෑදිය හැකිය.ආසාදන.මෙම රෝගයට භාවිතා කරන බොහෝ ඖෂධ නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතියට දුර්වල වීම සිදුවන අතර එමඟින් ආසාදන ඇතිවීමේ අවදානම වැඩි වීම සිදුවේ.කාපල් ටනල් සින්ඩ්‍රෝම්.රූමැටොයිඩ් ආතරයිටිස් මැණික් කටුවලට බලපාන්නේ නම්, කාපල් ටනල් සින්ඩ්‍රෝම් හෙවත් ඇඟිලි හා අල්ල හිරිවැටීමේ රෝග තයත්වය ඇති වේ.හෘදයාබාධ.රූමැටොයිඩ් ආතරයිටිස් මගින් ධමනි දෘඩබව හා අවහිරතාවය ඇති කරයි එමෙන්ම හදවත වටා ඇති ආවරනයේ ප්‍රදාහය ඇති කරයි.පෙනහළු රෝග.රූමැටොයිඩ් ආතරයිටිස් ඇති පුද්ගලයින්ට පෙනහළු පටක වල ප්‍රදාහය හා කැළැල් ඇතිවීමේ වැඩි අවදානමක් ඇති අතර එමඟින් ක්‍රමයෙන් වැඩිවන ස්වසන අපහසුතාවක් ඇති වේ.ලිම්ෆෝමා.රූමැටොයිඩ් ආතරයිටිස් මගින් වසා පද්ධතිය තුළ වර්ධනය වන පිළිකා ඇතිවීමේ අවදානම වැඩි කරයි.රූමැටොයිඩ් ආතරයිටිස් රෝගය සඳහා ආයුර්වේද ප්‍රතිකාර තිබේද?මෙම රෝග තත්වය සඳහා දීර්ග කාලීනව බටහිර ඖෂධ ලබාගැනීමේදී ඉහත දැක්වූ ආකාරයේ විවිද සංකූලතා ඇතිවිය හැකිය. නමුත් මේ සඳහා ආයුර්වේදය තුල සංකූලතා වලින් තොර ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාර පවති.(වෛද්‍ය බී.එම්.සී.එන්. බණ්ඩාරබී.ඒ.එම්.එස්. (කැළණිය විශ්ව විද්‍යාලය)ලි.ප.අං: 13274/ආයුර්වේද සුව මැදුර/101/1/2 , මීගමු පාර කුරුණෑගල.0718067108)