October 20, 2019

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

ටොයෝටා පළමු මෝටර් රථය නිපද උනේ මෙහෙමයි

ජපානය කියන්නෙ දෙවෙනි ලෝක යුද්ධයෙන් පොළොවටම සමතලා වෙච්චි රටක්. 1945 දී හිරෝෂිමා හා නාගසාකි නගරවලට පරමාණු බෝම්බ හෙලීමේ ඛේදවාචකය ගැන නොදන්න අයෙක් නෑ. ඒක කිසිම දිනක අමතක නොවන ඉතිහාසගත ඛේදයක් ලෙස ඉදිරියටත් තියෙනු ඇත.ජපන්නු – හපන්නුදෙවෙනි ලෝක යුද්ධය අවසන් වීමත් සමඟම ජපානයත් සහමුලින්ම විනාශ වෙලයි තිබුනේ. සුළු හා මහා පරිමාණයේ ව්‍යාපාර හා සියලූම කර්මාන්ත ඇතුළු සමස්ථ ආර්ථිකයම කඩාවැටිලයි තිබුනේ. ඒත් ජපන්නු තුළ වූ අපරිමිත ධෛර්යය හා කැපවීම මත ඔවුන් නැවතත් අමාරුවෙන් කොන්ද කෙළින් කරගන්නට උත්සාහ දැරූහ.ජපානයේ කර්මාන්ත ආරම්භ වීම මුලින්ම පටන් ගත්තේ තයිසෝ යුගයේදීය. එනම් 1912 – 1926 කාලයේදීය. පරමාණු බෝම්බ ගසා විනාශ කරන විට එම කර්මාන්ත ලෝකයේ දැවැන්ත හා කීර්තිමත් නමක් දිනා සිටි ඒවා විය. නමුත් ඒවාට ආයෙමත් නැගී සිටීමට කාලයත් සමඟින් හැකි වූ නිසාම අද ඇමෙරිකාවත් සමඟින් කරට කර හැප්පීමට හැකි එකම රට ජපානය බවට පත්ව තිබේ. රෙදි වියන අම්මා ජපන් ගොවියෙකුට දාව සකීචි ටොයෝඩා ඉපදුනේ 1867 දී ෂිසුඔකා වලදීය. ඔහූ තනියට තව සහෝදරයෙක් හා සහෝදරියක්ද විය. ඇගේ මව ගෘහනියක් ලෙස ගේදොර වැඩ කටයුතු කරන අතරේ නිවසේ සිටම කල හැකි රෙදි විවීමෙහි නියැලුනාය. එකල රෙදි විවීම එකම තැන සිට කල හැකි දෙයක් නොවීය. පැති දෙකින් දෙකට මාරුවෙමින් රෙද්ද විවිය යුතු විය. ඒ නිසා ඇයට දිනපතාම දැඩි ශ්‍රමයක් හා විශාල කාලයක් ඒ වෙනුවෙන් වැය කරන්නට විය.පුංචි කාලේ සිටම අම්මා රෙදි වියන්නට විඳින දුක හා මහන්සිය දෙස බලාගෙන සිටිමින් උස් මහත් වූ සකීචි යොවුන් වියට එත්ම, අම්මාව මේ දුකින් ගැලවිය යුතුයැයි සිතුවේය. සකීචිට නව නිපැයුම් සම්බන්ධව තිබූ ඇල්ම නිසාම රෙදි වියන්නට යන්ත්‍රයක් සෑදීමට අදහසක් ආවේය. ඔහූ විසින්ම කල සැලසුමකට අනුව දැව යොදා ගනිමින් රෙදි විවීමේ යන්ත්‍රයක් නිර්මාණය කලේය.

ලෝ ප්‍රථම රෙදි විවීමේ යන්ත්‍රය 1890 දී සකීචි විසින් තම මව වෙනුවෙන් නිර්මාණය කල යන්ත්‍රය ලොව ප්‍රථම රෙදි විවීමේ යන්ත්‍රය විය. එම යන්ත්‍රය අර්ධ ස්වයංක්‍රීය එකකි.සකීචි ඔය කාලෙදිම විවාහ වූ අතර ඉන් දියණියක් හා පුතෙක් ලැබිණි. නමුත් ඔහූ නව නිපැයුම් කාර්යය මග නතර කලේ නැත. දිගින් දිගටම උත්සාහවන්ත වී එම යන්ත්‍රය දියුණු කරන්නට විය. 1896 දී ලොව ප්‍රථම වරට පූර්ණ ස්වයංක්‍රීය රෙදි වියන යන්ත්‍රයක් නිපදවන්නට ඔහූට හැකි විය. පියාගෙම අඩිපාරෙ ‍යන පුතෙක් නමින් “කීචිරෝ ටොයෝඩා” වන සකීචිගෙ එකම පුතාද ඔහූ මෙන්ම නව නිපැයුම් උත්පාදනයෙහි නිපුනයෙක් විය. 1924 වනවිට තරුණ වියෙහි පසු වූ කීචිරෝ තම පියා සමඟින් එක්වී රෙදි විවීමේ යන්ත්‍ර අධිවේගී යන්ත්‍ර බවට පත් කලේය. මෙම යන්ත්‍රය Model G මැෂිම නමින් අදටත් ලෝක ප්‍රසිද්ධය.එක යන්ත්‍රයකට එක යන්ත්‍ර ක්‍රියාකරුවෙක් බැගින් වූ රෙදි විවීමේ සම්ප්‍රදාය බිඳ වැටුනේ මේ ත් සමඟය. මෙම Model G වර්ගයේ යන්ත්‍ර 30ක් ක්‍රියාකරවීමට එක් යන්ත්‍ර ක්‍රියාකරුවෙකු හොඳටම ප්‍රමාණවත් විය. ඒ නිසාම බොහෝ අයට රැකියා අහිමි විය.මෙම යන්ත්‍රය මඟින් 99%ක්ම දෝෂ රහිතව රෙදි වියවා ගැනීමට හැකි වූ අතර කාලය උපරිම ලෙස ප්‍රයෝජනයට ගැනීමටද හැකි විය. හෙතෙම අපතේ යාමද අවම විය. එසේම කිසියම් යන්ත්‍රයක යම් දෝෂයක් හටගත් සැණින් ක්‍රියා විරහිත වන පරිදි ඒවා නිපදවා තිබුණි.ටොයෝඩා ඔටෝමැටික් ලූම් වර්ක්ස්කීචිරෝ පියා වගේම නොපසුබට වීර්යයෙන් යුත් නව නිර්මාණ පිපාසිතයෙකි. සකීචි අර්ධ ස්වයංක්‍රීය යන්ත්‍රය සම්පූර්ණයෙන් ස්වයංක්‍රීය එකක් කරන්නට මහන්සි වූවා සේ කීචිරෝ ද පියාගෙ අඩිපාරේ යමින් Model G මැෂිම මහා පරිමාණයෙන් එකලස් කල හැකි ක්‍රමයක් හදා ගැනීමට සිහින දැක්කේය.නෞකාවකින් ඇමෙරිකාව බලා පිටත්ව ගිය කීචිරෝ එරටේ තිබෙන විශාල පරිමාණයේ කර්මාන්තශාලා දැක විමතියට පත්විය. ජපානයේද මෙවැනි විශාල කර්මාන්තශාලාවක් ඇති කර එහි Model G මැෂිම් එකලස් කල යුතුයැයි ඔහූ තීරණය කලේය.ඒ අනුව 1926 දී ජපානයේ ආරම්භ කල මෙම විශාල කර්මාන්තශාලාව “Toyoda Automatic Loom Works” නමින් ලෝ ප්‍රකට විය.

කීචිරෝගේ රථ උන්මාදය 1929 දී කීචිරෝ ඇමෙරිකාවේ සංචාරයක නිරත විය. ඒ කාලය වනවිට ජපානයේ මිනිසුන්ට මෝටර් රථයක් දකිනවා තියා ඒ ගැන අහලවත් තිබුණේ නැත. නමුත් බටහිර රටවල හා යුරෝපීය රටවල සංචාරය කරන්නට යන ධනවතුන්ට මෝටර් රථ දකින්නට අවස්ථාව ලැබී තිබුණි.කීචිරෝටත් ඇමෙරිකානු සංචාරයේදී ඕනෑ තරම් මෝටර් රථ දකින්න ලැබුනා. ෆෝඩ් මෝටර් ආයතනයෙන් 1908 ඉදන්ම හදපු Model T තමයි ඒ දවස්වල ඇමෙරිකාවේ බහුලම මාදිලිය උනේ.වසර දෙකකට කලින් (1927) Model T වර්ගයේ මෝටර් රථ නිෂ්පාදනය කිරීම සම්පූර්ණයෙන්ම නවතා දැමුවත් මා සොයාගත් අන්දමින් ඒ වෙනකොට ඔවුන් එම මොඩලයෙන් නිපදවා ඇති මෝටර් රථ සංඛ්‍යාව මිලියන 15ක්. බොහෝ කාලයක් යනතුරු ලොවෙහි වැඩිපුරම ඇති කාර් මොඩලයේ වාර්තාව හිමි කරගත්තේ එම මෝටර් රථයයි.වොක්ස්වැගන් ආයතනය විසින් 1972 දී Beetle මොඩලයේ මෝටර් රථ නිෂ්පාදනය කිරීම නතර කල අතර ඒ වෙනකොට එම මොඩලයෙන් නිෂ්පාදනය කර තිබූ මෝටර් රථ සංඛ්‍යාව Model T රථයේ නිෂ්පාදිතය ඉක්මවා තිබිණ. ඒ අනුව එම වාර්තාවේ නව හිමිකරු වූයේ Beetle රථයයි. ටොයෝටා පළමු මෝටර් රථය කීචිරෝ ආපහු ජපානයට පැමිණිදා පටන් ඔහූගේ හිත තිබුණේම අලුත් මෝටර් රථයක් හදන අරමුණේමයි. ඔහූ ඒකට පිටත පෙනුම රූප සටහන්, එන්ජින් සැලසුම් හා තව කොතෙකුත් දේවල් කලේය. ඔහූගේ මහන්සියේ හා කැපවීමේ ප්‍රතිඵල ලැබෙන්නට ගත වූයේ වසර හයකි.කීචිරෝ පළමුවෙනි ප්‍රොටෝටයිප් එක හදල ඉවර කලේ 1935 දීය. ඉන් පසු ඔහූ එහි තත්ව පරීක්ෂා කිරීම් හා අත්හදාබැලීම් අවසන් කිරීමෙන් අනතුරුව 1936 දී ජපානයේ පළමු මෝටර් රථය මුළු මහත් ලොවටම හඳුන්වාදෙනු ලැබීය