November 24, 2020

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

සයින සයිටීස් හැදෙන හැටි

බොහෝදෙනා පීඩාවිඳින තවත් හිසේ කැක්‌කුම් තත්ත්වයක්‌ ලෙස හිස්‌ කබලේ සෙම පිරීම හෙවත් සයිනසයිටීස්‌ රෝගය හඳුන්වාදිය හැකියි. සයිනසයිටීස්‌ රෝගය ඇතිවන්නේ අපගේ ශ්වසන මාර්ගයේ ඉහළ කොටසේ සිදුවන ආසාධනයන් නිසා නිපදවන සෙම හිස්‌කබලේ ඇති කුහරවල ක්‍රමක්‍රමයෙන් එකතුවීමෙනි. අපගේ නාසයට සම්බන්ධව හිස්‌කබලේ කුහර යුගල් තුනක්‌ තිබේ. එයින් එක්‌ කුහර යුගලයක්‌ ඇසට ඉහළින් නළල ප්‍රදේශයේ ෆ්‍රන්ටල් සයිනස්‌ (Frontal Sinus) ලෙසත්, දෙවැන්න ඇසට පහළින් නාසය දෙපස උඩු දත් ඇන්දට ඉහළින් මැක්‌සිලරිසයිනස්‌ (Maxillary Sinus) ලෙසත්, තෙවැන්න නාසය ඇතුළතින් එත්මොයිඩල් සයිනස්‌ (Ethmoidl Sinus) ලෙසත්, පිහිටා ඇත. මේවා අපගේ නාස්‌ කුහරයට සම්බන්ධ වේ. ශ්වසන මාර්ගයේ උඩ කොටසේ නිපදවන සෙම සහ සොටු මෙම කුහරවලට ක්‍රම ක්‍රමයෙන් එකතුවීමේ ප්‍රවණතාවයක්‌ ඇත.දැන් අපි සලකා බලමු කෙනෙකුගේ සෙම නිපදවීම වැඩිවන්නේ ඇයි ද කියා. සමහර අයට උපතින්ම ඇති පීනස හෙවත් AllergicRhinitis ලෙස හඳුන්වන රෝග තත්ත්වය නිසා උදය කාලයේ නිතර නිතර සෙම ගැලීම සිදුවේ. මෙම සොටු දියර හොඳට සූරා එළියට නොදමා උඩට ඇදීමෙන් සයිනස්‌ කුහරවලට එකතුවිය හැකියි. සමහරෙකුට දූවිලි හෝ දුම් ඇවිස්‌සුණු තැන්වලදී කිවිසුම් යාම සහ සොටුදියර ගැලීමට පටන් ගනියි. මෙයට අමතරව සෙම්ප්‍රතිශ්‍යාව වැළඳුණු අවස්‌ථාවලදී ද මෙම තත්ත්වය ඇති වේ. තවද නාසයේ ඇති මස්‌දළු, පීනස්‌ ගෙඩි වැනි රෝග තත්ත්ව නිසා ද සුළු වශයෙන් හෝ සෑදෙන සෙම නාසයෙන් එළියට දැමීමට ඇති අපහසුතාවයෙන් කුහර තුළ තැන්පත් විය හැකියි. මෙසේ කාලයක්‌ තුළ එකතුවන සෙම බැක්‌ටීරියාවල ආසාධනයට සහ පැසවීමට ලක්‌වීමෙන් මෙම සයිනසයිටීස්‌ නැමැති ආසාධන තත්ත්වය ඇති වේ.රාත්‍රී කාලයේ ස්‌නානය සහ තෙත කොණ්‌ඩය පිටින් නිදා ගැනීම, නිතර නිතර සීතල වතුර පාවිච්චිය මෙම රෝග ඇතිවීමට බලපාන වෙනත් සාධක වේ.

රෝග ලක්‍ෂණ හිසේ නළල ආශ්‍රිතව ඇතිවන දැඩි වේදනාව, හිසේ බර ගතිය, හිස පහතට හෙළා ලිවීමේදී හෝ වැඩක්‌ කිරීමේදී ඇතිවන අපහසුතාවය, පහත්වී නැගිටින විට කැරකිල්ල සහ විසිවෙන ගතිය ඇතිවීම, අන් අය නොරුස්‌සන ස්‌වභාවය, කියාගැනීමට බැරි අසනීප තත්ත්වයක්‌ දැනීම, සවස්‌ කාලයේ උණ ගතිය, දිවා කාලයේ ඇස්‌ ඇරගෙන සිටීමට ඇති අපහසුතාවය සහ තද නිදිමත.ඔබට මෙවැනි රෝග ලක්‍ෂණ ඇත්නම් වෛද්‍යවරයෙක්‌ හමුවී පරික්‍ෂා කර බලා ප්‍රතිකාරවලට යොමුවීමෙන් මෙම රෝග තත්ත්වය නිට්‌ටාවට සුවකර ගත හැකියි.හිස්‌කබලේ කුහර ඇති තැන් ඇඟිල්ලෙන් තද කිරීමෙන් දැඩි වේදනාවක්‌ ඇතිවේ නම් මෙම රෝගය ප්‍රධාන වශයෙන් හඳුනාගත හැකියි. ඊට අමතරව එක්‌ස්‌ කිරණ පරික්‍ෂණයක්‌ මගින් කුහර තුළ සෙම තැන්පත් වී ඇතිදැයි පැහැදිලිව බලාගත හැකියි.රෝගය සඳහා ප්‍රතිකාර සති දෙකක පමණ කාලයක්‌ වෛද්‍ය නිර්දේශ මත ප්‍රතිජීවක ඖෂධ ලබා ගැනීම. මීට අමතරව සෙම නිපදවීම අඩු කිරීම සඳහා ද පීනස සඳහා ද ප්‍රතිකාර ලබා ගැනීම. හුමාලය ආශ්වාස කිරීම.මෙම ප්‍රතිකාරවලින් ද ගුණයක්‌ නොමැතිනම් උගුර කන නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත යොමුවී සයිනස්‌වල ඇති සෙම ඉවත් කර සේදීම කළ යුතුය.

බොහෝ රෝගීන් මෙම කරුණු නොදැන සයිනසයිටීස්‌ රෝගයෙන් පීඩාවිඳින අවස්‌ථාවන් ඇත. එම නිසා රෝගයට නිසි ප්‍රතිකාර ලබාගැනීමත් නැවත රෝගය මතු නොවීම සඳහා අප ඉහතින් සඳහන් කළ රෝගයට බලපාන කරුණුවලින් ඉවත්වීමත් ඉතාම වැදගත් වේ. සයිනසයිටීස් වලට ප්‍රත්කාර නොකළොත් මොළයේ සැරව ගෙඩි පවා ඇතිවිය හැකිය. නිතර නිතර ඇතිවෙන හිසේ වේදනාවෙන් බොහෝ දෙනෙක් පීඩා විදිනවා. මේ හිසේ වේදනාවට අධික සෙම සහිත බව හේතු හැටියට බොහෝ දෙනෙක් විශ්වාස කරනවාහිසේ ඇතිවෙන සෙම බොහෝවිට සෑදෙන්නේ සයිනස් (Sinus) ආශ්‍රිතවයි. සයිනස් කියන්නේ නාසය වටේ මුහුණේ ඇති කුහර වර්ගයක් මේ කුහර නාසයට සම්බන්ධව පවතිනවා.ප්‍රධාන වශයෙන් කුහර වර්ග තුනක් මුහුණේ පිහිටා තිබෙනවා. ෆ්‍රන්ටල් සයිනස් (Frontal Sinus) ඇසට ඉහළින් ද මැක්සිලරි සයිනස් (Maxillary Sinus) මුහුණ දෙපැත්තෙත් එත් මොයිඩල් සයිනස් (Ethmoidal sinus) නාසයට පිටු පසින්, පිටියුටරි ග්‍රන්ථිය ආසන්නයේත් පිහිටා තිබෙනවා.මේ සයිනස් ශ්ලේස්මල පටලයකින් වැසී තිබෙනවා. සයිනස්වල යම්කිසි සෙම ප්‍රමාණයක් පැවැතිය යුතුයි. සයිනස්වල පවතින සෙම මඟින් සයිනස්වල ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යාමත් විෂ බීජ තැන්පත් වීම අවම කිරීමත් වෙනවා.සයිනස්වල පවතින සෙම නාසයෙන් පිටතට පැමිණෙනවා. මේ සෙම එළියට නෑවිත් සෙම සිර වී ප්‍රණාල අවහිර වුවහොත් හෝ යම්කිසි ආසාධනයක් නිසා සෙම වැඩිපුර සෑදුණොත් සයිනස් ඇතුළේ සෙම පිරීම නිසා පීඩනයක් ඇති වෙනවා. මේ පීඩනය නිසා හිසේ සහ මුහුණේ වේදනාකාරී තත්ත්වයක් හට ගන්නවා. මේ තත්ත්වය සයිනස් රෝගී තත්ත්වයක් ලෙස හඳුන්වනවා.හිසේ සහ මුහුණේ ඇතිවන වේදනාව වැඩි දින ගණනක් පවතින්නේ නැතිව සුව වන්නේ නම් එය ඇකියුට් සයිනසයිටීස් (Acute Sinusitis) සයිනස් ආසාධනය) රෝගී තත්ත්වය ලෙසත් එම තත්ත්වය සති 12කට වඩා පවතින්නේ නම් එය ක්‍රොනික් සයිනසයිටීස් (Chronic Sinusitis) ලෙසත් හඳුනාගත හැකියි.

ඇකියුට් සයිනසයිටීස් වලදී කම්මුල්වල කැක්කුම, දත්වල වේදනාව දැනෙන්නට පුළුවන්. මේ වේදනාව හිස ඉදිරියට නැවීමේ දී තදින් දැනෙනවා. එසේම කොන්ද පෙදෙසින් ඉදිරියට නැවී බිම බැලීමේ දීත් මුහුනේ වේදනාව දැනෙනවා. මේ වේදනාව ඇස්වලට ඉහළින් නළල පෙදෙසේ වේදනාවක් ලෙසත් දැනෙන්නට පුළුවන්. නාසය රතු වීම කම්මුල් වැඩිපුර රතු වීම නළල කම්මුල් වැනි ප්‍රදේශ තෙරපීමකදී තද වේදනාවක් දැනීම මේ රෝගයේ අනික් ලක්ෂණයි.මේ වේදනාව හිසට ගමන් කිරීමේ දී හිස මුදුන හිස දෙපස සහ හිස පිටුපසටත් දැනෙනවා. මේ ස්ථානවල සයිනස් නොමැති වුණත් සයිනස් නිසා ඇතිවන වේදනාව හිසට දැනීමේ හැකියාව තිබෙනවා. සයිනස්වල වැඩිපුර සෙම පිරීම නිසා ඇතිවන මේ රෝගී තත්ත්වයේ දී නාසයෙන් දියර ගැලීම, උගුරට සෙම වැඩිපුර පැමිණීම, සෙම සහිත කැස්ස ඇති වීමටත් පුළුවන්.ඇකියුට් සයින සයිටීස් ඇතිවන්නේ ඉහළ ශ්වසන පද්ධතියේ ඇති වෙනත් ආබාධත් සමඟයි. සෙම් ප්‍රතික්ෂ්‍යාව, කැස්ස, උගුරේ අමාරු වැනි තත්ත්ව ඊට උදාහරණ ලෙස දැක්විය හැකියි. මෙවැනි රෝගී තත්ත්ව, වෛරස් රෝග නිසා ඖෂධ ලබා ගත්තත් නැතත් දින හතක් දහයක් ඇතුළත සුව වෙනවා.මෙවැනි අවස්ථාවකදී මුහුණට උණු වතුර හුමාලය ඇල්ලීම, පැරසිටමෝල් පෙති දෙකක් ගැනීම වැනි ප්‍රතිකාර කළ හැකියි. කෙසේ වුවත් දින දහයක් ගිය පසුත් නාසයෙන් දියර ගැලීම, උගුරට සෙම පැමිණීම, හිසේ කැක්කුම, මුහුණ දෙපැත්තේ කැක්කුම ඇත්තම් ඒ පිළිබඳ වඩාත් සැළකිලිමත් විය යුතුයි.සෙම්ප්‍රතික්ෂ්‍යාව, කැස්ස වැනි රෝගී තත්ත්ව වෛරස් නිසා ඇති වුණත් දෙවනුව බැක්ටීරියානු ආසාධනයක් ඒ මත ඇති වුවහොත් සයිනසයිටීස් තත්ත්වයක් ඇති වෙනවා.සෙම්ප්‍රතික්ෂ්‍යාව ඇතිකරන වෛරස් වර්ග දහසක් පමණ තිබෙනවා. වෛරස් ආසාධන වැඩි වශයෙන් ඇති වන්නේ දරුවන්ට යි. එක් වෛරසයකින් ආසාධන තත්ත්වයක් ඇතිවිය හැක්කේ එක් අවස්ථාවකදී පමණයි.දරුවා පුංචිම කාලයේ නිවසේ සිටියදී සෙම් ප්‍රතික්ෂ්‍යාව ඇති නොවුණත් ළදරු පාසල් යන සමය වන විට නිතර නිතර සෙම්ප්‍රතික්ෂ්‍යාව ඇති වෙනවා. ළදරු පාසලේ එක් දරුවෙකුට සෙම් ප්‍රතික්ෂ්‍යා වෛරසය ඇති වුණොත් අනෙක් අයටත් සෙම් ප්‍රතික්ෂ්‍යාව ඇතිවීමේ ඉඩකඩ වැඩියි. කෙසේ වුවත් ළමයින් මේ වෛරස්වලට හුරුවිය යුතුයි. වෛරස් රෝගී තත්ත්වය දින 7ක් පමණ යන විටත් සුව වන්නේ නැත්නම්, මුහුණ ඉදිමෙනවා නම් හිසේ කැක්කුම් සහිත නම් දරුවාට බැක්ටීරියා ආසාධනයක් බවට සැක කළ හැකි යි.

වෛද්‍යවරයාගේ නිර්දේශය මත ප්‍රතිජීවික ඖෂධයක් ලබාදීම සුදුසුයි. නමුත් සෙම් ප්‍රතික්ෂ්‍යාව සෑදී සෙම කහපාට වීම සයිනසයිටීස් තත්ත්වයක් නොවෙයි. එවැනි අවස්ථාවක ප්‍රතිජීවක ඖෂධ ගැනීම නොකළ යුතුයි. සෙම්ප්‍රතික්ෂ්‍යාව වෛරස් තත්ත්වයක්. වෛරස් රෝග ප්‍රතිජීවක ඖෂධ ගැනීමෙන් සුව වන්නේ නැහැ. බැක්ටීරියා ආසාධනයකදී පමණක් ප්‍රතිජීවක ඖෂධ ගැනීම සුදුසුයි.ප්‍රතිජීවක ඖෂධ හිතු මනාපයට ගැනීමෙන් වන්නේ කාලයක් ගත වීමේ දී විෂ බීජවලට ප්‍රතිජීවක ඖෂධ ඔරොත්තු නොදෙන තත්ත්වයක් ඇති වීමයි. මෙය ඉතාම භයානක තත්ත්වයක්.සෙම් ප්‍රතික්ෂ්‍යාව හැදෙන හැම වාරයකදීම කැස්ස ඇති වන්නේ නම් එය ඇදුම රෝගයේ ලක්ෂණයක්. ඒ නිසා එවැනි අවස්ථාවක ප්‍රතිජීවක ඖෂධ ගන්නවාට වඩා ඇදුම රෝගයට ප්‍රතිකාර කිරීම කළ යුතුයි.හිස පිටුපසට වන්නට මොළය පිහිටා තිබෙනවා. සයිනසයිටීස් තත්ත්වයට නියමාකාර ප්‍රතිකාර නොකළ හොත් සයිනස්වල විෂබීජ නිසා මොළයට ආසාධන ඇති වී මොළයේ සැරව ගෙඩි පවා ඇතිවිය හැකියි. එසේම සයිනස්වල සිට ඇසට විෂ බීජ පැතිරීමෙන් ඇස වටේ ඉදිමීම, ඇස රතුවීම ඇස සෙලවීමේ දී වේදනාවක් ඇතිවීම අවසානයේ ඇස් නොපෙනීයාම සිදු වෙනවා.ශරීරයේ ඕනෑම තැනකට රුධිර සංසරණ පද්ධතිය හරහා විෂ බීජ පැතිර යාමට පුළුවන්. සයිනස් නිසා ඇතිවන විෂ බීජ පවා ශරීරයේ ඕනෑම තැනකට ගමන් කිරීමේ ඉඩකඩ තිබෙනවා.සයිනසයිටීස් තත්ත්වයේ දී නාසය හා මුහුණ කැක්කුම හිසේ කැක්කුම එකට ඇති වෙනවා. නාසයෙන් සොටු ගලන්නේ නැතිව හිසේ කැක්කුමක් ඇති වන්නේ නම් එය ඉරුවාරදය යැයි සැක කළ හැකියි. කාලයක් තිස්සේ පවතින හිසේ කැක්කුම නිදි මැරීමේ දී, වාහනවල ගමන් කිරීමේ දී, සමහර කෑම ගත් පසු, මානසික ගැටලු නිසා ඇතිවන හිසේ කැක්කුම ඉරුවාරදයයි. රෝග තත්ත්වය නිවැරැදිවම හඳුනා ගැනීමට නම් සයිනස්වල එක්ස්රේ පරීක්ෂණයක් ලබාගත යුතුයි.