October 20, 2019

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

ඇදුුම සම්පුර්ණයෙන් සුව කල හැකියි

ඇදුම (Asthma) කියන්නේ පෙනහලු වල ඇති වන්නාවූ රෝගී තත්ත්වයක්‌. ඒ නිසාම හුස්‌ම ගැනීමේ අපහසුතා ඇතිවේ. පෙනහලු (Lungs) තුළ තිබෙන්නා වූ වාතය එහා මෙහා රැගෙන යන නාළ අවහිරතාවයක්‌ නිසා පෙනහළු තුළට වාතය ඇතුළට ගැනීමටත් ඒ වගේම පිටතට ගැනීමටත් බාධා ඇතිවන්නට පිළිවන්. බොහෝ අවස්‌ථාවල වාතය ගෙන යන නාළවල ඇතිවන්නාවූ ඉදිමුමක්‌ එසේත් නැතිනම් තදවීමක්‌ නිසා මෙවැනි අවහිරතා ඇතිවන්නට පිළිවනි. ඔබට ඇදුම ඇත්නම් ඔබට එය නිතරම ඇතිවන්නට පුළුවනි. (Chronicdisease) ඇදුම ඇති අයෙකුට හැමදාම ඇදුම එකම විදියට එකම වේලාවක ඇති නොවෙන්නට පුළුවනි. සමහර අවස්‌ථාවල දී ඔබ හුස්‌ම ගැනීමේදී ඇතිවන්නා වූ දේවල් නිසාත් ඇදුම හැදෙන්නට පිළිවනි. දුම්පානයේදී ඇතිවන්නා වූ දුම නිසා ඇදුම තත්ත්වයන් උත්සන්න වන්නට පුළුවනි. ඒ වගේම සමහර අවස්‌ථාවල ඔබ කරන දේ අනුව ඇදුම තත්ත්වයන් ඇති වන්නට පුළුවනි. වේගයෙන් දිවීම උදාහරණ වශයෙන් දක්‌වන්නට පුළුවන්. ඇදුම රෝගී තත්ත්වය මොන කාරණයක්‌ නිසා ඇතිවනවාද යන්න එක එල්ලේම ප්‍රකාශ කළ නොහැකියි. නමුත් පවුල් සංස්‌ථාව තුළ ඇදුම රෝගය පවතී. එනම් දෙමාපියන්, ආච්චිලා සීයලා ඒ වගේම සහෝදර සහෝදරියන් හා අනෙකුත් නෑයින්ට ඇදුම රෝගය තියෙන්න පුළුවන්.

ඇදුම රෝගී තත්ත්වය මොනයම් හේතු නිසා උත්සන්න වනවාද යන්න සැළකිලිමත් වීම ඉතාම වැදගත්. එවිට ඒ අවස්‌ථා වලින් ඔබට වැළකී සිටින්නට පුළුවන්. නාසයට උගුරට එසේ නැතහොත් වාතය රැගෙන යන නාලිකාවලට වන අපහසුතාවන්. (Irritant) නිසා වැනි හේතු ඉන් කිහිපයකි. එයට හේතුවන දේවල් වශයෙන් දුම්පානය නොයෙකුත් ස්‌ප්‍රේ වර්ග හා වායු දූෂණ වැනි දේවල් ඇදුම රෝගී තත්ත්වය උත්සන්න කරයි. ඇදුම ඇති රෝගීන්ට දුම් පානය ඉතාමත් අහිතකරයි. දුම්පානය කරන්නන් සමග ජීවත්වන ඇදුම රෝගීන් නිතරම රෝගී තත්ත්වයෙන් පෙළේ. එයට හේතුව වන්නේ දුම්පානය පෙනහලුවලට වාතය රැගෙන යන නාලිකා වලට ඉතාමත් අහිතකර වීමය.එමෙන්ම සමහර සුවඳ විලවුන් (Spray Cans) සුවඳ විලවුන් වර්ග, ගෙවල් පිරිසිදු කිරීමට ගන්නා දියරයන් නිසාත් ඇදුම රෝගය උත්සන්න වන්නට පුළුවනි. ඇදුම රෝගය උත්සන්න කරන තවත් හේතුවක්‌ ලෙස අසාත්මිකතාවය (Allergies) හැඳින්විය හැකිය.පුද්ගලයාගෙන් පුද්ගලයාට මෙම අසාත්මිකතාවයන් බලපාන විදිය වෙනස්‌වේ. සෑම දෙනාටම එක හා සමාන වන්නේ නැහැ. එක්‌ අයෙකුට අසාත්මිකතාවක්‌ පෙන්වන දෙයක්‌ තවත් අයෙකුට එසේ නොවන්නට පුළුවන්. කෙසේ නමුත් යම් දෙයක්‌ තම රෝගී තත්ත්වයකට අසාත්මිකතාවක්‌ දක්‌වන්නේ නම් එයින් බැහැරව සිටීම ඉතා වැදගත්ය.ඇදුම රෝගීන්ට බොහෝ අසාත්මිකතාවයන් තියෙන්න පුළුවන්. තමන් ගන්නා ආහාරපාන වලින්, දේශගුණ තත්ත්වයන් ගෙන් සුවඳ විලවුන් මගින්, ගෙදර හා කාර්යාලයීය පරිසරය මගින් නොයෙකුත් දේ සිදුවන්නට පුළුවන්. හොඳම දෙය නම් එම අවස්‌ථා මොනවාද යන්න හොඳින් වටහාගෙන ඒවායින් ඇදුම රෝගී තත්ත්වය සුවකර ගන්නා තෙක්‌ වැළකී සිටීමය.ඇදුම රෝගය සුව වූ පසු ඔබට අසාත්මිකතාවයන් ඇතිවන්නේ නැත. එතෙක්‌ ඉවසිලිමත් වන්න. ඇදුම රෝගය සුවකළ නොහැකි තත්ත්වයක්‌ නොවේ. තමන්ගේ රෝගී තත්ත්වයට අදාළ නිසි ප්‍රතිකාර පමණක්‌ නිසියාකාරව ලබාගෙන නිසි පරිදි වෛද්‍ය උපදෙස්‌ අනුව කටයුතු කරන්නේ නම් කිසිදු ගැටලුවක්‌ නොමැතිව ඇදුම රෝගී තත්ත්වයෙන් මිදෙන්නට පුළුවනි.