November 24, 2020

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

රාජසිංහ රජුට කැරැලි ගැසූ වල්ගා තරුව

උඩරට දීර්ඝ කාලයක් රජකළ රණකාමී දෙවැනි රාජසිංහ රජුට (1636 – 1687) විරුද්ධව එකල පෑවූ වල්ගා තරුවක් නිසා මහජනතාව කැළඹී රජුට විරුද්ධව විශාල කැරැල්ලක් 1664 ඇති කළ බව එකල ලංකාවේ සිරකරුවකුව සිටි රොබට් නොක්ස්ගේ ලංකා විස්තරයේ 18 පරිච්ෙඡ්දයේ විස්තර වෙයි. මේ කැරැල්ල හා එයට බලපෑ වල්ගාතරුව හඳුනා ගැනීමක් මේ කෙටි ලිිපියේ එයි. රොබට් නොක්ස් ලිවූ ඉතිහාස ග‍්‍රන්ථය ‘එදා හෙළදිව. නමින් ගුණසේන සමාගම සිංහලයට නඟා ඇත. නොක්ස් අනුව දෙවැනි රාජසිංහ රජ දරදඬු පාලකයෙකි. ඔහු පෘතුගීසීන්ට විරුද්ධව අඹතැන්න සටන, ගන්නෝරු සටන, රන්දෙනිගල සටන කර පෘතුගීසීන් දරුණු ලෙස පැරද වූ රජෙකු බැවින් ඔහු වර්ණනා කරමින් ප‍්‍රශස්ති හා හටන් කාව්‍ය රාශියක් ලිය වී ඇත.නොක්ස් අනුව එදා රජුට මහනුවර හැර තවත් උප අගනුවරවල් පහක් තිබී ඇත. සතුරු ආපදාවලදී හා රට මැද සංචාරවලදී රජු වරින්වර මේ රාජමාලිගා පරිහරණය කර ඇත. නොක්ස්ගේ විස්තරය ඇරැඹෙන විට රජු පදිංචිව සිටියේ හේවාහැට නුදුරු නිළඹේ උප අගනුවරයි. රජමැඳුර හා නිළඹේ ගැන නොක්ස් විස්තර කරයි.මේ අතරතුර 1664 දෙසැම්බර් 21 දින රාති‍්‍ර වනවිට මුළු අහස වසාගත් දැවැන්ත වල්ගා තරුවක් උඩරට රාජධානිය හරහා පායා තිබිණි. එයා ඉතා දීප්තිමත් විය. වල්ගා තරුවක් පායා තිබීම නිසා රටවැසියා භීතියෙන් තැති ගත්හ. වල්ගා තරුවේ විහිදෙන කෙළවරවල් සොයා බැලීමට රජු රාජපුරුෂයන් උස් කඳුවලට යවා ඇත. රටවැසියන් පමණක් නොව රජු ද රට කැළඹූ මේ දැවැන්ත වල්ගා තරුවෙන් බෙහෙවින් දැඩි කම්පනයට පත් විය.රජුගේ දීර්ඝ දැඩි පාලනය හා කෲර මර්දනය රට වැසියන් තලා පෙළා තිබිණි. මේ නිසා රජු නෙරපා දැමීමට හෝ මරා දැමීමට සියුම් රහස් කුමන්ත‍්‍රණයක් සකස් විය. මේ කුමන්ත‍්‍රණයේ මූලිකයා වූයේ අඹන්වෙල රාළ නමැති අධිපතියෙකි. 1664 දෙසැම්බර් 21 න් පසු දිනෙක රාති‍්‍රයේ ඉතා රහසිගතව අඹන්වල රාළ ඇතුළු සීයක් පමණ කැරැලිකරුවෝ් නිළඹේ රජවාසල වැටලූහ.

එහිදී රජවාසල රැකවලූන් හා කැරැලිකරුවන් අතර රහස් සම්මුතියක් ඇති වී කැරැලිකරුවෝ රජවාසලට පිටින් රජවාසල කොටු කර රැඳී සිටි බව නොක්ස් කියයි. මේ වැටලීමේදී රජවාසල මුරකරුවන් පිරිසක් කැරැලිකරුවන්ගේ අදහස්වලට එකඟ වී ඇත. කැරැලිකරුවන් රජවාසල වටලා සිටියදී රජු ඉතා රහසින් මැදියම් ? රජවාසලෙන් රහසේ පිට වී ඉතාම විශ්වාසවන්ත පනහක පමණ පිරිසක් සමඟ රජමැඳුර පිටුපසින් අවුත් නිළඹේට ඈතින් පිහිටි ඉතා දුර්ගම ගමනාගමනය අතිශය දුෂ්කර ගලඋඩ නම් බලකොටුව පිහිටි කන්ද දෙසට රහසේ ගමන් කිරීම ආරම්භ කර ඇත. (අප උපගුරුවරයකුව ලෙස පදියපැලැල්ල නුදුරු මුංවත්ත මහා විද්‍යාලයේ සේවය කරන කල මේ ප‍්‍රදේශවල ඇවිද ලද අත්දැකීම් අනුව එකල හඟුරන්කෙත ලංගම ඩිපෝවෙන් මල්උල්ල නාම පුවරුව රැගත් බස් රථයක් විය. එම බස් රථයෙන් ගලඋඩකන්ද පාමුලට යා හැක.) ගලඋඩ කන්ද රජුට තිබූ ආරක්ෂිතම බලකොටුවක් විය. කන්ද අතිශය දුෂ්කර නැඟීම අසීරු එකකි. ගමනට තිබූ බාධා වැළැක්වීමට මේ කුඩා සෙනඟ ඉදිරිපිටින් ඇතෙකු යොදා ඇත. ඇතා යන විට සකස් වූ කැලෑ මාර්ගය ඔස්සේ රජු හා සීමිත පිරිස බලකොටුවට නැඟීම ආරම්භ කළහ.එළිවනතුරු රැක සිටි අඹන්වෙල රාළ ප‍්‍රධාන කැරැලිකරුවන්ගේ අදහස වූයේ රජු කොටු කර අල්ලා ගෙන මරා දැමීම හෝ ඔවුන්ගේ බසට රජු නමා ගැනීමයි. පසුදා උදෑසන වනවිට රජු තම ආරක්ෂාවට ගෙන ගිය ලිහිල් තුවක්කු පත්තු කිරීමකින් තොරව ගලඋඩකන්දට ළඟා විය හැකි විය. රජු පැන ගිය බව කැරැලිකරුවන්ට සැල වූ බව නොක්ස් කියයි. මේ වනවිට රජවාසලේ සිටියේ රජුගේ පුතා හා රජුගේ සහෝදරියක් පමණකි. රජ කුමරු ගැටවර වියේ පසු විය. ඔහුට රටතොට හා රටවැසියන් පිළිබඳ පැහැදිලි අවබෝධයක් තිබුණේ නැත. කැරැලිකරුවෝ තරුණ කුමරු ඉදිරිපිට රැස්ව වැඳ වැටී රජකම භාරගන්නා ලෙස කුමරුගෙන් ඉල්ලා සිටියහ. එවැනි විශාල පිරිසක් කුමරු මීට පෙර දැක නැත. කුමරු කලබල වූ විට කැරැලිකරුවන් පිළිතුරක් දුන්නේ නැත. කෲර රජු පලා ගිය බවත් තරුණ කුමරු රජකම භාරගත් බවත් කැරැලිකරුවෝ රටවැසියන්ට ප‍්‍රකාශ කළහ. 1664 දෙසැම්බර් 21 ඇරැඹුණු කැරැල්ල දෙසැම්බර් 25 වනතුරුත් නිශ්චිත තීරණයකට පැමිණ තිබුණේ නැත. මේ අතර ඉතා රහසේ රජුගේ් සහෝදරිය හා තරුණ කුමරු කැරැලිකරුවන් මඟ හැර දෙවැනි රාජසිංහ රජු රැඳී සිටි ගලඋඩකන්දට රහසේම පළා ගියහ. කැරැලිකරුවන්ගේ ඊළඟ අදහස වූයේ රටවැසියන් තමා වෙත නම්මවා ගැනීමයි. ඒ සඳහා රජවාසල හා අගනුවර කොල්ලකා ලබා ගත් බඩු මුට්ටු රටවැසියා අතර බෙදා දෙමින් මහජන කැමැත්ත ලබා ගැනීමට උත්සාහ කළහ. ඒ දිනවල රටේ ඇතුළත වූයේ දරුණු කොල්ලකෑමක් බව කියයි.නොක්ස්ගේ විස්තරයේ 18 පරිච්ෙඡ්දයේ තොරතුරු අනුව මේ අතරතුර රජුගේ හැඩරුව රැගත් අධිපතියෙක් කැරැලිකරුවන් ඇල්ලීමට පලා යන කැරැලිකරුවන් ලූහුබැඳීමට කටයුතු කර ඇත. ඔහුගේ නම නොක්ස් සඳහන් නොකරයි. (කැරැල්ලට පසු යළි රජකමට පත් දෙවැනි රාජසිංහ රජු ලබාදී ඇති අලූවිහාරයේ සන්නස අනුව රජුගේ හැඩරුව හා රූපය ඇති අලූවිහාරයේ මුදලි රජමැඳුරේ නිදා සිටියදී රජු යැයි සිතූ කැරැලිකරුවෝ ඔහු කඩුවෙන් ඇන මරා දැමූහ. පසුව තමා වෙනුවෙන් දිවි පිදූ අලූවිහාරයේ මුදලිගේ පරපුරට තම ඉඩකඩම් හා පදවි සඳහා ප‍්‍රදාන රැසක් දුන් බව අලූවිහාරේ සන්නස කියයි.

නොක්ස් මේ තොරතුරු දක්වා නැත.) කැරැලිකරුවන්ගේ අරමුණ කැරැල්ල ඇරැඹි දින අටක් දහයක් යනතුරු ඉටු වූයේ නැත. කැරැලිකරුවෝ අරමුණ වැරදී පසුබෑම හා පළා යෑමට වූහ. දෙවැනි රාජසිංහ රජු ගලඋඩකන්දේ සිට නිළඹේ යළි පැමිණි සේනාව යවා කැරැලිකරුවෝ රැසක් අල්ලා ගත්හ. අල්ලා ගත් වැඩි දෙනා රාජ නියෝගය අනුව දරුණු වධදී මරා දැමූහ. ඊට හවුල් වූ කීප දෙනෙක් දිවි බේරා ගත් අතර ඔවුන් සිර කොට සිඟා කා ජීවිතය රැක ගැනීමට ඉඩ දෙන ලදී.කැරැලි නායක අඹන්වල රාළ අල්ලා ගත හැකි වී සිංහලේ ඇති දෙතිස් වධ දරුණු මඳ බැවින් ඊටත් වඩා දරුණු වධ දී ඔහු මැරීමේ අදහසින් රජු අඹන්වල රාළ පහතරට ලන්දේසීන් වෙත යැව්වේය. කපටි අඹන්වල රාළ විශාල පෙට්ටගමක් ද සමඟ ලන්දේසීන් වෙත ගියේ තමා ළඟ වටිනා වස්තුව ඇති බව අඟවමිනි. ලන්දේසීන් රවටා ඔවුන්ගේ සිත් දිනා ගත් අඹන්වල රාළ කොළඹ කොල්ලූපිටියේ විශාල ඉඩමක් ලබා ගෙන පොල් වගාවක් ඇති කළේය. ඔහු මියගිය පසු පෙට්ටගමේ තිබුණේ කිසිම වටිනාකමක් නැති දේ කීපයකි. (වරක් අඹන්වල රජවාසල නඩුවකදී කැරැල්ලට පෙර දුන් සාක්කියක් ඉතා රසවත් කවියෙන් දී ඇත. -ඔහොයියා අවුල් නාද සපිරි වර්දනේ දින දින අවුල් නාද සපිරි වර්දනේ – යනුවෙන් මේ ගී සාක්කිය සිංහල ජන සාහිත්‍යයේ විශිෂ්ට නිර්මාණයකි.) කැරැල්ලට පසු රජු තම පුතාට වස දී මැරූ බව නොක්ස් කීවද …………….නිළඹේ කැරැල්ලෙන් රට කැළඹූ වල්ගා තරුව කුමක්ද?අන්තර්ජාලයේ තොරතුරු අනුව 1664 කැරැල්ලට රටවැසියන් පෙළඹ වූයේ බිහිසුණු හේලිගේ වල්ගා තරුවයි. 1759 මාර්තු 13 මේ වල්ගා තරුව සොයා ගතතේ එඞ්මන් හේලිය. එය ඒ නිසා හේලිගේ වල්ගා තරුව නමින් ප‍්‍රකට වෙයි. අවුරුදු හැත්තෑපහක් හෝ හැත්තෑඅටක් අතරතුර මේ වල්ගා තරුව පෘථිවියට පායයි. මෑත කල අන්තිමට දිස් වූයේ 1986 දීය. ඒ ලෝකයට දිස් වූ වර්ෂ කි‍්‍රස්තු පූර්ව 240 දක්වා ඈතට යයි. වල්ගා තරු ගැන නිශ්චිත අවබෝධයක් නොතිබූ උඩරට ජනයා 1664 නිළඹේ කැරැල්ල ඇති කොට තම භීතිය රජුට පළ කර ඇත.(ස්තුතියවත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස්. කේ. ජයවර්ධන සහ හෙළවංශයට.)