September 25, 2022

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

කාන්තාවන් නිරයේ ඉපදෙන හේතුව

නිරයේ වැඩි වශයෙන් කාන්තාවන් ඉපදීමට හේතු දවසක් අනුරුද්ධ මහරහතන් වහන්සේ දිවැසින් දකිනවා මරණින් පස්සේ කාන්තාවෝ බොහෝ දෙනෙක් අපායට යනවා. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් ඇවිත් අහනවා.”ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස නිරයේ බහුල ලෙස ස්ත්‍රීන් උපදින්නේ ඇයි” කියලා.බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ස්ත්‍රීන් ලඟ තියෙන අඩුපාඩු තුනක් නිසා ඒ අය නිරයට යනවා කියලා.1. ස්ත්‍රිය උදෑසන ලෝභ සහගත සිතින් වාසය කරනවා./2. දහවල ඊර්ෂ්‍යාවෙන් කල් ගත කරනවා./3. රාත්‍රියේ කාම රාගයෙන් යට වු සිතින් කල් ගත කරනවා.ඔන්න ඔය හේතු නිසා කාන්තාවෝ නිරයේ උපදිනවා කියලා බුදු නෙතින් දැක්කා.එකල බුදුන් වහන්සේ පෙන්වා දුන්නා බොහෝ කාන්තාවන් අසංවරකම නිසා අපායේ යන හැටි..යම් කෙනෙක් කුමන ආකාරයකින් හෝ අන් අයව සතුටු කරමින් යටපත් වූ රාග, ද්වේශ, මෝහ අවුස්සා කාමච්ජන්දයට යොමු කරවීම පිනිස කටයුතු කරන්නේ නම් ඔහු හෝ ඇය මරණින් මතු “පායාස” කියන නිරයට වැටෙන්නට එයම හේතුවක් වෙන බව දේශනා කර තිබෙනවා.

විමලා ගණිකාවගේ පාපොච්චාරණය ඒ කාලෙත් ස්ත්‍රීන් ඇඟ පේන්න ඇඳුම් ඇඳලා තියෙනවා. ඒ ගැන ඇත්තම විස්තරේ බුදුන් වහන්සේගේ කාලේ හිටිය විමලා කියලා රහත් තෙරණියක් ලස්සනට කියනවා. උන්වහන්සේලා බොරුව අත් ඇරියා. අවසානයේ ඇය පැවිදි වුනා. රහත් තෙරණියක් වුනා. ඒ නිසා මේ චවන සත්‍ය වචනමයි.”මං ඒ කාලෙ ඇඳුම් ඇන්දේ රහස් තැන් පිටට පෙනෙන විදිහට. මෝඩ ජනතාව මගේ ළඟට නිකම්ම ඇදිල ආවා. මං උස් හඬින් හිනා වෙවී විවිධ මායාවල් කළා””මම මෝඩ ජනතාවගේ වර්ණනාවන්ට ගැළපෙන විදිහට ඇඳගෙන ”වේසා ගෙයි” දොරකඩට වෙලා ඉන්නවා. මුවන් අල්ලන්න උගුල් අටවන වැද්දෙක් වගේ.සංවරකම කියන්නේ ගැහැණියකට ආභරණයක් කියලයි අහල තියෙන්නේ. ලෝකෙන් සඟවාගත යුතු තැන් ලෝකයට පෙන්වීම නම් තිරිසන් ගතියයි.උත්තාන සත්ත්වයෝ , ගහන සත්ත්වයෝ යැයි ලොව ඇතිතාක් දෘශ්‍යමාන සත්ත්වයෝ කොටස් දෙකකට බෙදෙති. උත්තාන සත්ත්වයෝ නම් නොසැඟවුණු ප්‍රකට වූ එළිදරව් වූ කෙලෙස් ඇත්තෝ ය. එනම් තිරිසන්නු ය. ගහන සත්ත්වයෝ නම් සැඟවුණු වැසුණු අප්‍රකට වූ කෙලෙස් ඇත්තෝ. එනම් නියම මනුෂ්‍යයෝ ය.මේ සංස්කාර හරිම සාධාරණයි. ආශ්වාදයට වඩා ආදීනවය ගැඹුරු කොට දෙනවා. එමනිසා අතීත කුසල් නිසා ඔබට ලැබුණු ශරීරය ඔබ අයුතු ලෙස භාවිතා කිරීමට හෝ කෙලෙස් රැස්කරගන්නට යොදාගන්න එපා. ඒ ඔබේ අතීත කුසල් විපාක දීමක් මිස නිත්‍ය දෙයක් නම් නොවන බව නිතර සිහිකරන්න. ඒ ලැබුනු දේත් නිර්වාණය පිණිසම උපයෝගී කරගන්න ලැජ්ජා බිය ඇතිව…..

කාන්තාවෝ ගැන අපගේ බුදු සමිඳුන් වදාල සංයුක්තයක්ම ඇත. සංයුක්ත නිකායේ මාතුගාම සංයුක්තය කියවන්නට හැකි නම් කාන්තාව ගැන බුදු සමිඳුන්ගේ අවබෝධය ගැන පුදුම සිතෙන්නේ ය. අපේ බුදු සමිඳුන් හැර කාන්තාවන් ගැන අනුකම්පා කල වෙනත් ශාස්තෘවරයෙක් නැති තරම්ය. උන් වහන්සේ නිසාමයි අදටත් ගැහැණුන් නිරයෙන් බේරෙන්නේ.එදා බුදුරජාණන් වහන්සේ නිය පිටට (නිය පොත්තට) ගත් පස් ප්‍රමාණය වගේ ඉතා සුලු පිරිසක් මිනිස් ලොවින් චුතව නැවත මිනිස් ලොවම උපදින බවත් මහ පොළොවේ ඇති පස් ප්‍රමාණය වගේ අධික පිරිසක් සතර අපායේ (ප්‍රේත,අසුර,තිරිසන්,නිරය) උපදින බවත් දේශනා කලේ බුදු නෙතින් දුටු නිසයි.ගැහැණිය දුවනකොට කැතයි කියලත් දේශනා කලෙත් බුදුන් වහන්සේ ය. මහ වැස්සේ විශාඛා හිමින් ඇවිද ගියේ ඒ නිසාය. නමුත් අද සමාජය හාත්පසින්ම වෙනස්‍ ය. අද ලෝකයේ සකස්වෙමින් පවතින්නේ සද්ධර්මයේ අර්ථයන්ගෙන් බැහැර වූ මාර සමාජයකි. ලෝකය දියුණු වෙනවා මෙන්ම වේගයෙන් ආධ්‍යාත්මිකව පිරිහීමකට ලක්වන සමාජයකි. මේ ලෝකය ඉදිරියට තව තවත් පිරිහෙනවා ඇත. ඔබේ ඇසට කනට ඉදිරියට වැඩිපුර දකින්නට ඇසෙන්නට තිබෙන්නේ වැරදි දේ මිස නිවැරදි දේ නොවේ. එනමුත් ලෝකයට යන්න දීලා ඔබ නවතින්න.අසංවර වී නිරයට යන්නට ප්‍රථම උතුම් සම්බුදු දේශනා අසා හරිමග යන්නට සියලු ස්ත්‍රීන්ට වාසනාව උදාවේවා..මෙම ලිපිය ධර්ම දානය පිනිසම හේතු වේවා..!!!