October 3, 2022

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

අක්මාවට ගුණ පානයක්

ආයුර්වේද ගුණ ඇති රසවත් පානයක් පිළිබඳ අද අපි ඔබව දැනුවත් කරන්නයි සූදානම් වන්නේ. ඉන්දියාව තුල ඈත අතීතයේ සිටම භාවිතා කරන මෙම ස්වභාවික පානය සතුව ශරීරයේ සියලුම විෂ සහිත සංයෝගයන් ඉවත් කර රුධිරයේ සීනි මට්ටම නිසි ලෙස නියාමනය කර ශරීර වේදනාවන් සමනය කිරීමේ හැකියාව තිබෙනවා.ඉන්දියානුවන් විසින් සිදු කරනු ලබන්නේ මෙම පානය සාමාන්‍ය කිරි පානයක් ලෙස සකස් කර ආහාර සඳහා එක්කර ගැනීම, තේ කහට සමග එක්කර පානයක් සකස් කර ගැනීම සහ සුප් පානයන් සඳහා එක්කර පානය කිරීමයි.මෙම කිරි පානය සඳහා භාවිතා කරනු ලබන අමුද්‍රව්‍ය මගින් ශරීරයට සැලසෙන සෞඛ්‍යය වාසි පිළිබඳ එකින් එක විමසා බලමු.මේ සඳහා භාවිතා කරනු ලබන ප්‍රධානතම අමුද්‍රව්‍ය වන්නේ කහ ය . කිරි පානය සඳහා කහ භාවිතා කිරීම මගින් ප්‍රධාන වශයෙන් සිදුවන්නේ ශරීරයේ සන්ධි සහ මාංශ පේශී සඳහා සවිබල ලැබීම, අක්මා රෝග නිවාරණයවීම, සමේ ගැටළු නිවාරණය, ශ්වසන රෝග නිවාරණය සහ ආතරයිටිස් රෝගය නිවාරණයවීම වැනි රෝගී තත්වයන් නිවාරණය වීමයි.අධ්‍යයනයන් මගින් තහවුරු කර ඇති ආකාරයට වේදනානාශක බලයන් සහ ක්ෂුද්‍රජීව නාශක බලයන් සහිත කහ මගින් විවිධ ආසාත්මිකතා සහ ශරීරයේ විවිධ අසමතුලිතතාවයන් සුවපත් කර “Alzheimer’s” සහ “dementia” වැනි රෝගී තත්වයන් පවා පාලනය කර පිළිකාව වැනි රෝගී තත්වයන්ගෙන් පවා ආරක්‍ෂා කිරීමේ හැකියාව කහ සතු වන බවයි.මෙම කිරි පානය සඳහා භාවිතා වන තවත් අමුද්‍රව්‍යක් වන ඉඟුරු මගින් සිදු වන්නේ ශරීරයේ පවතින වේදනා සමනය කිරීම, ඔසප් සමයේදී සිදුවන අපහසුතා අවම කිරීම, රුධිරයේ සීනි මට්ටම නිසි ලෙස නියාමනය කිරීම, ඔක්කාරය වැනි තත්වයන් පාලනය කිරීම, ආහාර ජීර්ණයට පහසු කරවීම සෙම්ප්‍රතිශ්‍යාව පාලනය කිරීම වැනි අකාරයන්ගෙන් සෞඛ්‍යය ආරක්‍ෂා කරදීමයි.පොල් කිරි තුල අඩංගු වන අධික විටමින් B ප්‍රමාණය, මැග්නීසියම්, electrolytes සහ මේද අම්ලයන් මගින් රුධිරයේ සීනි මට්ටම නිසි ලෙස පාලනය කර සන්ධි වේදනාව සමනය කර ශරීරයේ බර පාලනය කිරීම සිදු කරනවා.පොල්තෙල් මගින් ශරීරයේ තුවාල සුවකිරීම, ප්‍රතිශක්තිකරණ පද්ධතිය වේගවත් කිරීම, ආහාර ජීර්ණය නියාමනය කිරීම, බර අඩු කර ගැනීමට සහාය වීම, සමේ තෙතමනය ආරක්‍ෂා කිරීම සහ අක්මාවේ සහ වකුගඩු වල ඇතිවන රෝග වලින් ආරක්‍ෂා කිරීම සිදු කරනවා.මෙම කිරි පානයට ගම්මිරිස් එක්කර ගැනීම මගින් සිදු වන්නේ ශරීරයට කහ අවශෝෂණය වීමේ වේගය වැඩි කිරීමත් ශරීරය තුල ඇති ව්‍යාදිජනකයින් සමග සටන් වැදීමත් ආහාර ජීර්ණය නියාමනය කිරීමත් රක්තහීනතාවය දුරු කිරීමත් වැනි සෞඛ්‍යය වාසි අත්කර දීමයි.මෙම කිරි පානය සඳහා මීපැණි භාවිතා කිරීම මගින් සෙම්ප්‍රතිශ්‍යාව සහ වෙනත් ආසාදනයන් මගින් ආරක්‍ෂා කිරීම මෙන්ම ශරීරය සැහැල්ලු කර සුවදායක නින්දක් අත්කර දීම සිදු කරනවා.මෙම කිරි පානය සකස් කිරීම සඳහා අවශ්‍ය වන ද්‍රව්‍ය

  • කහ තේ හැන්දක්
  • කුඩා කැබලි වලට කපාගත් නවුම් ඉඟුරු අලයක්
  • පොල්තෙල් මේස හැන්දක්
  • ගම්මිරිස් ස්වල්පයක්
  • පොල් කිරි කෝප්ප දෙකක්
  • මීපැණි තේ හැන්දක්
  • කුරුඳු කුඩු තේ හැඳි භාගයක්

සැකසීම සාස්පානක් ගෙන අමුද්‍රව්‍ය සියල්ල එක්කර විනාඩි පහක් පමණ රත් කර කිරි පානය සකස් කර ගන්න.මෙසේ සකස් කර ගන්නා කිරි පානය ඔබට අවශ්‍ය වෙලාවක පානය කරන්නට පුළුවන්.