September 27, 2022

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

කාබනික දියර පෝර හදන ලාංකිකයා

“මං පොලිසියෙන් අයින් වුනාට පස්සේ ඕලෙවල් සහතිකේ රාමු කරල බිත්තියේ එල්ලල රටට බරක් නැති වැඩක් ඇති මිනිහෙක් විදියට ජීවත්වන්නේ කොහොමද කියල කල්පනා කලා.මට හිතුන කොම්පෝස්ට් පෝර හදන්න. මං 1994 කොම්පෝස්ට් පොහොර හදල සිද්ධාලේපෙ හෙට්ටිගොඩ මහත්මයා ළඟට අරගෙන ගියා. මට ලක්ෂ එකහමාරක් දුන්නා. එතැන පෝර සමාගමේ අවුරුද්දක් විතර වැඩ කරල අයින් උනා.මම ගෙදර ඇවිත් කල්පනා කළා. වල්ගස්වලට අවශ්‍ය පදාර්ථ ස්වාභාවිකව ලැබෙනවා. නමුත් නඩත්තු කරන ගස්වලට පොහොර වතුර අවශ්‍යයි. ඒවාට යොදන රසායනික පොහොර නිසා කැඩ්නියම්, ආසනික් විෂ පසට එකතු වෙනවා.මට ඕන වුණා වසවිස නැති පොහොරක් නිෂ්පාදනය කරන්න. ඒ අනුව මේ දියර පොහොර හදල ඉස්සෙල්ලම මගේ පැලවලට ගැහුවා. අහල පහළ අයට දුන්නා. අස්වැන්න සරු වුණා ඵලදාව වැඩි වුණා. කවුරුත් හොඳයි කිව්වා.මේකට දැන් පේටන්ට් තියෙනව. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කරල ජාතික පොහොර ලේකම් කාර්යාලයේද ලියා පදිංචිකර කරල තියෙන්නෙ.මම දැන් මේ දියර පොහොර ලංකාවේ ඕනෑම දේශගුණයකට ගැලපෙන ආකාරයට නිෂ්පාදනය කරනවා..විශේෂයෙන්ම තේ, වී, එළවලු, බඩ ඉරිඟු සහ විසිතුරු මල්පැල වගාවන්හි අස්වැන්න, රසායනික පොහොර භාවිතයෙන් තොරව තම දියර පොහොර යෙදීමෙන් වැඩිකර ගත හැකි බව සනාථ කරල තියෙන්නෙ…රජයෙන් හෝ වෙනත් ආයතනයක් උදව් කරන්නේ නම් ඉතා අඩු මුදලකට මේ නිෂ්පාදන වෙළෙඳපොළට ඉදිරිපත් කරන්න පුලුවන්. මේ හරියෙ තියෙනව අක්කර හයක රජයේ ඉඩමක් මම ඒක ඉල්ලුවා. ප්‍රාදේශිය ලේකම්තුමිය තවම උත්තරයක් දුන්නේ නැහැ. එහෙම දෙනව නම් මට ඒ ඉඩමේ මේක ස්ථාපිත කරල තව කිහිප දෙනෙකුට රස්සාවල් දෙන්න පුළුවනි.
යනුවෙන් මේ පෝර හදපු රත්ගම බෝපගොඩ B ලෝරන්ස් ද සිල්වා පවසනව.