October 3, 2022

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

නොවරදවාම දවසට ඉඟුරු තේ එකක් බොන්න

සිරුර අධික ලෙස වෙහෙසීමෙන් ඇතිවන පේශි ඉදිමුම 25%කි න් අඩුකරලීමට, දිනපතා ඉඟුරු ග්‍රෑම් 2 බැගින් ගැනීමෙන් හැකිවන බව නවතම අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා..මාංශ පේශී වේදනා හා ප්‍රදාහ දුරලීමේ ගුණ එසේ පෙන්වා දෙන ඉඟුරු,උතුම් ඖෂධය, මහෞෂධය, යන නම්වලින් හඳුන්වනු ලබන්නක් .එය අපේ වෛද්‍යක්‍රමවල රෝග ප්‍රතිකාර සඳහා ,බෙහෙවින් යොදා ගැනෙන්නක්.කටීවාත ආමවාත ආම අතීසාර කැස්ස පීනස ඇදුම ඉක්කා, ලේ සමග මුත්‍රා පිටවීමආදි රෝග ගණනාවකට ඉන් සුව සලසන බව වෛද්‍ය ග්‍රන්ථවල සඳහන්.ඉඟුරු, විටමින් C, B3 B6, මැග්නීසියම්, පොටෑසියම්, කොපර් මැංගනීස්, යකඩ පොස්පරස් සින්ක් ෆෝලේට් තන්තු, හා ප්‍රති ඔක්සිකාරක ගුණ සපිරි වට්නා ඖෂධයක්.නැගෙනගිර ආසියානු සම්හවයක් සහිත ශාකය ලොව පුරා පැතිර ගොස් ඇති අතර එමගින් සගන්ධ තෙල් හා විවිධ ඖෂධ නිපදවනු ලබනවා කුළුබඩුවක් ලෙස මස් මාළු පිසීමටත්, ඉඟුරු දෝසි ආදි රසකැවිලි සැකසීමටත් , තේ කෝප්පය රසවත් කිරීමටත් ඉඟුරු යොදා ගන්නා අතර එමගින් බොහෝ රෝග පීඩා සංසිඳෙනවා.දිනපතා උදෑසන ඉඟුරු තේ බීම අස්ථි නිරෝගි වීමට හේතුවන බව සඳහන් .ප්‍රෝටීන් සහ මේදය බහුල ආහාරවලට ඉඟුරු එක්කර පිසීමෙන්, ඒවායින් ඇතිවිය හැකි උදරාබාධ වළකිනවා.අමු ඉඟුරු යුෂ මීපැණි හා දෙහි සමග මිශ්‍ර කර දීමෙන් අජීර්ණ සුවවන බව සඳහන්.ජීර්ණයට හා ආමාශය සුවපත් කිරීමට උපකාරිවන ඉඟුරු, ඛේටය හා අනිකුත් ජීර්ණ යුෂ නිපදවනවා.ඉඟුරුවල ඇති gingerols මගින් පෝෂක උරාගැනීම වර්ධනය කර වේගවත් කර ආහාර ජීර්ණය වේගවත්කර දෙනවා. ආහාරවලින් ඇතිවිය හැකි විෂ දුරලනවා . බඩ පිපුම මලබද්ධය පාචනය මෙන්ම බඩවැලේ පිළිකාද වළක්වනවා.එය චර්ම, පෙණහළු, පුරස්ථි ග්‍රන්ථි , පියොයුරු ඩිම්බ කෝෂ පිළිකාවලට, එරෙහිවත් සටන් කරනවා .ආහාර ගැනීමට පෙර ඉඟුරු කෑල්ලක් ලුණු හෝ සහිඳ ලුණු සමග කෑම ආහාර රුචිය වර්ධනය කර දෙන්නක් .ඉඟුරු සමටත් හිතකරයි. එය සමේ පිළිස්සීම් සුවපත් කරන්නක්.යුෂ මිරිකාගත් ඉඟුරු රොඩු සමේ ගැල්වීමෙන් කුරුළෑ මැකී සම පැහැපත්වන බවත් සඳහන්.උණ, සෙම්ප්‍රතිශ්‍යාවට, ඉඟුරු කොත්තමල්ලි තම්බා බීම අතීතයේ සිටම පැවැත එන පුරුද්දක්. සෙම් ප්‍රතිශ්‍යාවේදී සෙම් කෝපවීම්වලදී ඉඟුරු ඉස්මට මීපැණි දමා බීම හිතකරයි. ශ්වසන මාර්ගය ආශ්‍රිත, ඇදුම, කැස්ස මැඩලීමටත් ඉඟුරු උපකාරීවනවා. උතුරන වතුරට ඉඟුරු හා ලෙමන් යුෂ මිශ්‍රකර බීමෙන් කැස්ස හා උගුර වණවීම් සුවපත්වනවා.උණ හා සීත ගති දුරුකිරීමටත් ඉඟුරුවලට හැකියි.අමු ඉඟුරු ඇල් දියෙන් අඹරා තලපයක් සේ සකසා නළලේ ගැල්වීමෙන් හිසේ අමාරු දුරුවනවා. එසේ ම එය දත් කැක්කුමත් සුවපත් කර දෙනවා.ඉඟුරු ආර්තව අක්‍රමිකතා දුරු කිරීමටත් දරුවන් පිළිසිඳ ගැනීම් සඳහාත් කාන්තාවන්ට උපකාරි වන්නක්.. ආර්තව වේදනා දුරලීමට දිනකට ඉඟුරු කුඩු ග්‍රෑම් 1 බැගින් දින 3ක් ගත යුතු බව සඳහන්. එය වමන ඔක්කාර ගති ත් දුරු,කරනවා. පෙති කපා මීපැණිවල පොඟවා සපන්නට දීමෙන් ගැබිණියන්ට ඇතිවන ඔක්කාර වමන ගති දුරුවන බව සඳහන්. එහෙත් ගැබිණි මවුවරුන් ඉඟුරු අධිකව ගැනීම නම් සුදුසු නැහැ. .පිළිකා ඒඩ්ස් වැනි රෝග තත්ත්වලදී ඇතිවන වමන ඔක්කාර ගති දුරු කිරීමටත් ඉඟුරුවලට හැකියි.

එසේ ම මුහුදු ගමන්වලදී මෙන්ම ,ඇතැමුනට ගොඩබිම ගමන්වලදිද, ඇතිවන travel sicknes තත්ත්වයත් පාලනය කිරීමටත් හැකියි ආතරයිටිස් වේදනා නාශකයක් ලෙස ද ඉඟුරු ක්‍රියාත්මක වනවා . රුමැටොයිඩ් හා ඔස්ටියෝ පොරෝසිස් ආතරයිටිස් වේදනා ඉදිමුම් අඩුකර ලෙහෙසියෙන් අතපය ,සන්ධි ක්‍රියාකිරීමට හැකියාව ඇතිකරන ප්‍රති ප්‍රදාහ ගුණ ඉඟුරු සතුයි. දණිස් ආබාධ සහිත පුද්ගලයන් 247 දෙනකු යොදා කෙරුණු පර්‍යේෂණයකින් ඒ බව තහවුරු කර ගැනුණා.ඉඟුරු කොත්තමල්ලි මිශ්‍ර තේ බීමෙන් ආතරයිටිස් වේදනාවලට සහන අත්කර ගත හැකියි. රුධිර,කැටිගැසීම පාලනය කරන ඉඟුරු රුධිර සංසරණය යහපත් කිරීමට ද උදව්වන්නක්.එය ධමනි තුළ සිරව ඇති අහිතකර තෙල් ඉවත් කර හර්දයාබාධ ආඝාත තත්ත්වයන් වළක්වනවා. .අහිතකර LDL බැහැරකරමින් කොලෙස්ටරෝල් තත්ත්වය පාලනය කිරීමට උපකාරීවනවා.සිරුරේ බර පාලනය කරදෙනවා.ඉඟුරු ස්නායු පද්ධතිය, උත්තේජනය කරන්නක්.එය මොළයේ ක්‍රියාකාරිත්වය වේගවත් කර මනස ආතතියෙන් ආරක්ෂාකර දෙන්නක්, ධාරණ ශක්තිය හා මතකය වර්ධනය කර දෙන්නක් . ඇල්ෂයමර් වැනි රෝගවලට වැට බඳින්නක් මැදිවියේ කතුන් 60 දෙනකු යොදාගෙන කෙරුණු, අධ්‍යයනයකදී එහි මතක වර්ධන ගුණ සනාථවූ බව සඳහන්. ඉඟුරුවල ඇති gingerdiol සංයෝගය ප්‍රතිශක්තියත් වර්ධනය කර දෙනවා. ඉන් නිතර රෝගවලට ගොදුරුවීම් වළක්වනවා.දිනපතා උදෑසන ඉඟුරු මිශ්‍ර වතුර වීදුරුවක් පානය කරන්නේ නම්, එය රුධිරගත සීනි පාලනය කර දෙන බව සඳහන්.දිනකට ඉඟුරු කුඩු ග්‍රැම් 2 ක් ගැනීමෙන් දෙවන මට්ටමේ දියවැඩියාව 12%කින්, අඩුකරගත හැකි බව 2015 දී කෙරුණු පර්‍යේෂණයකදී සොයා ගැනුණා.එහෙත් දියවැඩියාව සඳහා වෙනත් ඖෂධ ලබාගන්නන්ට නම් ඉඟුරු අහිතකර බවයි සඳහන්වන්නේ.එහි ඇති රුධිර කැටි ගැසීම අඩුකිරීමේ ගුණය නිසා අධික ලේ වහනය,වීම්වලදී ගැනීම ද සුදුසු නැහැ බඩ පපුව දැවිලි අම්ලපිත්ත රෝගවලදිත් ඉඟුරු අහිතකරයි.. මයියොක්කා සමග ඉඟුරු පරිභෝජනයත් හිතකර නැහැ. .මයියොක්කා ආහාරයට ගැනීමට පෙර හෝ පසුව හෝ ඉඟුරු කෑම බීම ව්ස වීමට හේතු විය හැකියි .කවර තැනැත්තකුට වුව දිනකට ඉඟුරු ග්‍රෑම් 5 ඉක්මවා ගැනීම සුදුසු, නැහැ./ඉඟුරුවලින් අත් බෙහෙත් =උදරා බාධවලටඉඟුරු පෙති දිය ලුණු සමග සපා කෑම.ඉඟුරු යුෂ හා දෙහි යුෂ ලුණු ,මිශ්‍රකර බීම./හිසේ අමාරුවට,ඉඟුරු තේ පානය ,ඉරුවාරදයට/ ඉඟුරු පාවට්ට බෙලිකොළ බැදපු කොත්තමල්ලි තැම්බූ උණු දියෙන් වාෂ්ප ඇල්ලීම/බඩ පිපුම වැළැක්මට හා ජීර්ණය වේගවත් වීමට ඉඟුරු තම්බා නිවා මීපැණි දමා බීම/කැස්සට හා උගුර වණවීමට නටන උණු ජලයට ඉඟුරු හා ලෙමන් යුෂ මිශ්‍ර කර බීම/හුස්ම ගැන්මේ අපහසුතා ඇතිවිට ඉඟුරු,යුෂට පරණ උක් හකුරු දියකර වරින්වර බීම.