September 27, 2022

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

මොහොතක් මේ ගැන හිතන්න

එක්තරා කාන්තාවක් තමන්ගේ කාර්‍යාලයේ ඉතා හදිසි රැස්වීමක් සඳහා ෆයිල් කවර කිහිපයක්ද රැගෙන වේගයෙන් ඇවිද එනවා.ඇය එක්වරම තම ප්‍රධානියාගේ ලේකම්ගේ ඇඟේ හැපී ඇය අත තිබූ කවරය සියල්ල බිම ඇද වැටී සී සී කඩ වෙනවා. කාන්තාවන් දෙදෙනාම කඩිනමින් එකිනෙකාගෙන් සමාව අයැද සිටිනවා. එකිනෙකාට උදව් කරනවා.මෙසේ මිනිත්තු කිහිපයකින් පසු ඔවුන් නැවතත් එකිනෙකාගෙන් සමාව අයදිමින් ඔවුන්ගේ රාජකාරි සඳහා පිටත් වන්නේ අනෙකාට මුව පුරා සිනහවකින්ද ස්තූති කරමින්…ඇය සියලු රාජකාරි නිමවී නිවසට යනවා. කඩිමුඩියේ නිවසේ වැඩ නිම කරමින් තම සැමියා ඒමට ප්‍රථම රාත්‍රී ආහාර වේල සෑදීමට උනන්දු වෙනවා.ඇය එක්වරම ඇගේ පිටුපසට වන්නට තිබූ රාක්කයේ වූ යමක් ගන්නට හැරෙනවාත් සමඟ ඇගේ පස් වියැති කුඩා පුතාගේ ඇඟේ හැපෙනවා. පුතා ඉතා අපහසුවෙන් නොවැටී ඉන්නවා.ඇය දරුවාට ශබිදය නගා කෑගසනවා.දවසේ මෙහෙයන් කර ගෙදර ආ පසු පුතා ඇගේ පසුපසට වී නිහඬව සිටීමත් ඇය ඒ බව නොදැන හැරෙද්දී ඔහුගේ සිරුරේ වැදීම නිසා ඉහිරුනු වතුර භාජනයත් වෙනුවෙන් කුඩා දරුවා නොසෑහෙන්න බැනුම් අසනවා.රාත්‍රී ආහාරයෙන් පසු ඇය ඇඳට යනවා.එවිට ඇයට මතක් වෙනවා අද දවසේ වූ සිදූවීම්. කාර්‍යාලයේ මිතුරියගේ ඇඟේ වැදී විසිර ගිය සියලු දේ එක් කල ආචාරශීලීබවත් රාත්‍රීයේදී පුතාගේ ඇඟේ වැදුන කල ඔහුට බැන වැදුන සැටිත් ගැන…ඇයට ඉතා විශාල කණගාටුවක් දැනෙනවා. ඇය වහා නැගිට පුතාගේ ඇඳ අසලට යනවා. ඇයව දුටු කුඩා දරුවා විගස ඇඳෙන් නැගී සිටිනවා. ඇඳේ පසක තිබූ කුඩා මල් කිනිති දෙක තුන ඔහු ඔහුගේ සියුමැලි ඇඟිලි වලින් එක මිටකට එකතු කරගන්නවා.’අම්මා’ ඔහු සිහින් හඬින් අමතනවා’ඔව් මගේ පුතේ”මේක අම්මට’ඔහු ඒ මල් කිනිති කිහිපය අම්මාට දෙනවාඇය වික්ශිප්තව බලා ඉන්නවා.අම්මා මම හවස සෙල්ලම් කරද්දී මේ මල් දැක්කේ. ඒවා අම්මා වගේ ලස්සනයි. ඒ නිසා මම ඒවා කැඩුවා. මම වැටුනත් එක්ක. ඒත් මම ඇඬුවේ නෑ. අම්මට මේ ටික දීලා අම්මව පුදුම කරන්න යද්දි තමයි අම්මාගේ ඇඟේ හැප්පුනේ මාව. මට සමාවෙන්න අම්මා.ඇය කුඩා පුතුව වැලඳගෙන හඬනවා.ඔබ හෙට මියගියොත් ඔබේ රාජකාරි ස්ථානය ඉතා ඉක්මනින් ඔබේ තනතුරට කෙනෙක් ගනීවී. ඒ අඩුව පුරවාගනීවී. නමුත් ඔබේ දරුවාට සමීපතමයන්ට ඒ අඩුව පුරවාලන්නට නොහැකි වේවි.ඒ නිසාම ඔවුන් ගැන මීට වඩා සංවේදී වන්න. ආචාරශීලී වන්න..