September 26, 2022

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

වැව් මාළු වල ගුණ

වැව් මාළු ගෙනාවම කොහොමද පිරිසිදු කර ගන්නෙ කියල සමහරු දන්නෙ නැහැ. වැව් මාළු වල සෙවල ගතිය වැඩියි. බොහෝ අය වැව් මාළු සුද්ද කර ගන්නෙ මෙන්න මෙහෙමයි. මාලු ගන්න තැනට කිව්වම එයාල කොරපොතු ඇරල දෙනවා. ඊට පස්සෙ ගෙදර ගෙනැල්ලා පැපොල් කොලයකට ලුනු ටිකක් දාල මාළු වල අතුල්ලනවා. එතකොට සෙවල ගතිය අයින් වෙනවා. සමහරු අළු වල අතුල්ලලත් සෙවල ගතිය අයින් කර ගන්නවා.වැව් මාළු අතර ප්‍රසිද්ධ මාළු වර්ගයක් තමයි කොරලි. කොරලි කියන්නේ ඉතා හොඳ පෝෂණයකින් යුත් මිරිදිය මසුන් වර්ගයක්. ඉතින් ඉඳහිට හෝ ඔබේ බත් පතට කොරලි මසුන් ව්‍යාංජනයක් එක්කර ගතහොත් එය ඔබට ඉතා හොඳින් පෝෂණය ලබාගත හැකි ශක්ති ප්‍රභවයක් වේවි. කුඩා ළමයින්ටද හොඳින් කටු ඉවත් කර ලබාදිය හැකිනම් මෙය ඉතාම ගුණදායකයි. කොරලි මසුන් වල,• ඔමෙගා – 6, ඔමෙගා – 3 මේද අම්ල• කැල්සියම්• ප්‍රෝටීන්• ෆෝලික් ඇසිඩ්• මැග්නීසියම්• පොටෑසියම්• සෙලිනියම්• නියැසින්• විටමින් – E• විටමින් B -12• ප්‍රතිඔක්සිකාරකආදී පෝෂ්‍යක කොටස් බහුල වශයෙන් අඩංගු වෙනවා. ඒ වගේම පිළිකා සෛල නැසීමටත් කොරලි මසුන් තුළ විශේෂ හැකියාවක් ඇති බව සොයාගෙන තියෙනවා. අවශ්‍ය දේ..• වැව් මාළු• තලා ගත් ඉගුරු සහ සුදුලූනු• කරපින්චා, සේර, රම්පා• ගොරක කැබලි කිහිපයක්• අමුමිරිස්• තක්කාලි• උළුහාල්• මිරිස් කුඩු, කහ, තුනපහ,ගම්මිරිස් කුඩු• කුරුඳු කැබැල්ලක්• ලුණු• තෙල්

සාදන ආකාරය :-කලින් සදහන් කල ආකාරයට මාළු සුද්ද කර සෝදා ගන්න.ලුනු,කහ,ගම්මිරිස් කුඩු,මිරිස් කුඩු සහ තුනපහ කුඩු සහ දෙහි ඇඹුල් ස්වල්පයක් දමා මාළු වල හොදින් තවරා පැත්තකින් තියන්න. අඩුම තරමින් පැය බාගයක්වත් යනතෙක්. මැටි හට්ටියක් ලිප තබා ඊට තෙල් එකතු කරන්න. තෙල් රත්වන විට තලා ගත් සුදුලූනු සහ ඉඟුරු, රම්ප,කරපිංචා, සේර, උළුහාල් , කුරුඳු පොත්තක් එකතු කර තෙම්පරාදු කරන්න. හොදින් තෙම්පරාදු වී සුවද එන විට නැවත මිරිස් සහ තුනපහ අවශ්‍ය තරම් තෙම්පරාදුවටම දමා තෙලෙන් බැද ගන්න. දැන් තක්කාලි සහ අමුමිරිස් එකතු කරන්න. මෙයටම මාළු දමා ටික වෙලාවක් තෙලෙන් තැම්බෙන්න ඇර වතුර අවශ්ය පමණ එකතු කරන්න. ගොරක කැබලි කිහිපයක් සහ ලුනු ස්වල්පයක් ( කලිනුත් ලුණු මාළු වලට දැම්ම නිසා රස අනුව ලුණු එක් කරන්න ) මාලු හොද්දටම දමා පිස ගන්න. මාලු හොදි හිදෙන්න නොදී මාළු පිසුනු පසු ලිපෙන් ඉවත් කරන්න. වතුර වෙනුවට පොල්කිරි උනත් පාවිච්චි කරන්න පුලුවන්.ඉතින්, වැව් මාළු සුද්ද කරනවිට ලිස්සන්නේ නැතිව, පිලීගඳකින් තොරව පිසගන්නා ආකාරය ගැන මෙම වීඩියෝ එකෙන් ඔබට තව දුරටත් ඉගෙන ගන්නත් පුළුවන්.