October 5, 2022

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

කොණ්ඩය සෝදන විට සිදුකරන වැරදි 08 ක්

සුන්දර කෙස් කළඹක් කියන්නේ යුවතියකට සම්පතක්.නමුත් මේ වනවිට බොහෝ යුවතියන් පිඩාවට පත්වෙන දෙයක් තමයි හිසකෙස් ගැලවී යාම.මේ අතරින් බොහෝදෙනෙක් පවසන්නේ හිසකෙස් සෝදන විට වැඩි ප්‍රමාණයක් ගැලවී යන බවයි.ඉතින් මෙයට ඔබ හිසකෙස් සේදිමේදී සිදුකරන වැරදි ද බලපායි.01. බොහෝ වෙලාවක් හිසකෙස් සේදීම.ඔබ ස්නානය කරන අවස්ථා වලදී බොහෝ වෙලාවක් හිසකෙස් සේදීම කළ නොකල යුතුයි. ඔබට තෙල් සහිත හිසකෙස් ඇත්නම්, හිස්හොරි ඇත්නම් පමණක් දිනපතා නෑම සුදුසු වේ.02. දිනපතා ෂැම්පු කිරීම.ඔබ දිනපතා හිසකෙස් සේදීම සිදුකරයි නම් දවසක් හැර දවසක් පමණක් ෂැම්පු භාවිතයට යොමුවන්න. දිනපතා ෂැම්පු භාවිතයෙන් ඔබේ හිස්කබල වියළි බාවයට පත්විය හැක.03. හිස්කබල තදින් ඇතිල්ලීම.හිසකෙස් සේදීමේදී මෙන්ම ෂැම්පු කිරීමේදී ඔබ තදින් හිස්කබල ඇතිල්ලීම සිදුකරයි නම් වහාම එය නවතන්න. මෙයින් ඔබේ හිසකෙස් වලට හානි වී ගැලවී යා හැක.

04. උණු වතුරෙන් හිසකෙස් සේදීම.උණු වතුරෙන් ඔබේ හිසකෙස් සේදීම මගින් ඔබේ හිසකෙස් මෙන්ම සමද වියළි බාවයට පත්විය හැක. එම නිසා අවශ්‍ය අවස්ථා වලදී පමණක් මඳ උණුසුම් ජලයෙන් සෝදන්න.05. තුවායෙන් තදින් අතුල්ලා හිසකෙස් පිසදැමීම.ඔබේ හිසකෙස් වියළා ගැනීමට තුවායෙන් තදින් අතුල්ලා හිසකෙස් පිසදැමීම සුදුසු නොවේ. තෙත හිසකෙස් ඉක්මනින් කැඩී යා හැක.06. තෙත හිසකෙස් පීරීම.තෙත හිසකෙස් ඉක්මනින් කැඩී යා හැකි බැවින් පීරීම නොකළ යුතුයි. හිසකෙස් හොඳින් වියළා ගැනීමෙන් පසුව පීරන්න.07. හිස්කබල ෂැම්පු කිරීම.ඔබ ෂැම්පු කිරීම ආරම්භ කරන්නේ හිස්කබලේ සිටද? එසේනම් එය වැරදියි. සෑමවිටම ඔබේ ගෙල මුලෙහි සිට ෂැම්පු කිරීම ආරම්භ කරන්න.08. වියළි හිසකෙස් ෂැම්පු කිරීම.වියළි හිසකෙස් ෂැම්පු කිරීම නොකළ යුතුයි. හිසකෙස් සෝදාගත් පසුව ෂැම්පු කරන්න