October 1, 2022

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

13 අංකයේ ඇග හිරිවැටෙන ඉතිහාසය

බටහිර රටවල මිනිසුන් 13 අංකයට බොහෝ සෙයින් බයක් දක්වනවා. ඇතැම් ගොඩනැගිලි වල 13 අංකය පවා ඔවුන් සටහන් කරන්නේ නෑ. බ්‍රිතාන්‍ය ඉතිහාසයේ ජනප්‍රියතම අගමැතිවරයා වූ වින්ස්ටන්ට් ච’චිල් මහතාද සිනමා ශාලාවේ 13 අසුන් ගැනීමද ප්‍රතික්ශේප කර තිබෙනවා. ඒ වගේම airfrance සහ තවත් ගුවන්‍යානා සමාගම 13වෙනි අසුන් පේලියක් නොමැති බවද සඳහන් වනවා. ඒ තරමටම ඔවුන් 13 අංකයට බියක් දක්වනවා. නමුත් මේ තරමටම ඔවුන් බියක් දක්වන හේතුව කුමක්ද කියා සොයා බලමු.අංක 12 යනු ඉතාමත් වැදගත් අංකයක් ලෙස සැලකීමට පුළුවන්. ඒ මන්ද යත් මේ වනවිට භාවිතාවන අංක පද්ධතිය සෑදී තිබෙන්නේ අංක 12 මූලික කරගෙනයි. උදාහරණයක් ලෙස ගතහොත්, අවුරුද්ධට මාස 12ක්ද, දවසක් දෙකට බෙදූ විට පැය 12ක්ද ලැබෙනවා. 12 යනු හැම අතින්ම හොඳට බෙදිය හැකි අංකයක් වේ. නමුත් ඉන්පසුව තිබෙන 13 අංකය අසුබ යැයි කීමට ඉතිහාසඥයින් බොහෝ කරුණු කාරණා පෙන්නුම් කර දී තිබෙනවා.එනම් අවසාන රාත්‍රී භෝජනය සඳහා 13 දෙනෙක් සහභාගී වීම, 13 වෙනි අසුන ජේසුන් වෙනුවෙන් වෙන් කර තිබීම මෙන්ම එම 13 වෙනි අසුනේ හිදගත්තේ ජේසු තුමන්ව පාවා දුන් ජුදාස් බවටද මතයක් පවතිනවා. එමනිසාම 13 වන අසුනක හිද සිටින තැනැත්තෙකුට අවාසනාව පැමිණෙන බවට බටහිර මතයක් පවතිනවා. ක්‍රිස්තියානු මූලාශ්‍ර වලට අනුව කුරුසයේ තබා ඇණ ගැසූ දවසට පසු දවසෙහි ජුදාස් සියදිවි හානි කරගත් බව පැවසෙනවා. ඒ වගේම අවසාන භෝජනය මාසයේ 13වන දින පැවති අතර, කුරුසයේ තබා ඇණ ගසා ඇත්තේද 13වන සිකුරාදා දවසකයි. ජේසු තුමන් පරිභෝජනය කල ශුද්ධ වූ බදුන් ආරක්ෂා කල ආරක්ෂකයින්වත් ඝාතනය කිරීමට තීන්දූ කර ඇත්තේ 13 වන දිනයි. තවද, එකල යම් කිසි දඩුවමකට ඔබට මරණ හිමි වූවා නම් ඔබට එල්ලුම් ගහට පිවිසීමට තිබුනේද පියගැට පෙල 13කනි. ඒ වගේම මායාකාරියන් සිටියේද 13කින් සමන්විත කණ්ඩායමකින් බව සඳහන් වනවා.

මිනිස් ඉතිහාසයේ දරුණු ඝාතකයන් වන ජැක් ද රීපල් ඩෙස්නි ඩැනියල් සහ චාල්ස් මැන්සන් නැමැති පුද්ගලයින්ගේ නමට අකුරු 13ක් තිබෙනවා. තවද, සද මතට මිනිසුන් රැගෙන යාමට සූදානමින් සිටි ඇපලෝ 13 මෙහෙයුමේදී හදිසියේම ඔක්සිජන් ටැංකියක් පුපුරා යෑම නිසා සඳ මත ගොඩබැසීම අතරමග නැවතීමට සිදු වුනු අතර වාසනාවකට දින 6කට පසු ගගනගාමීන්ට නැවත පෘථිවියට පැමිනීමට හැකි වූවා. 15වන ශතවර්ශයේදී ටැරෝට් ලෙස හැදින්වෙන කාඩ් කුට්ටමක් භාවිතා කර ඇති අතර එහි 13 වන කාඩ්පතෙහි මරණය ලෙස සඳහන් වී තිබෙනවා. එකල විශ්වාසයන්ට අනුව මාසේ 13 වන දවසේ මරණය ලෙස සඳහන් වී තිබෙන කාඩ්පත තෝරාගතහොත් එය ඔබට ඉතාමත් අවාසනාවන්ත ඉරණමක් ඔබට අත්කර දෙන බව විශ්වාස කරනවා. මෙම කාරණා සහ තවත් හේතූන් නිසා බටහිර රටවල් 13 අංකය අවාසනාවන්ත අංකයක් ලෙස විශ්වාස කරනවා.නමුත් ලෝක ඉතිහාසය දෙස බැලීමේදී සෑම රටක්ම 13 අසුභ ඉලක්කමක් ලෙස සැලකෙන්නේ නෑ. උදාහරණ ලෙස ගතහොත් පුරාණ ඊජිප්තු වැසියන් 13 අංකය සිතුවේ ඉතාමත් වාසනාවන්ත අංකයක් ලෙසයි. ඉන්දියාවේ පන්ජාබ් වැසියන්ද 13 අංකය ඉතාමත් භක්තියෙන් පිළිගනු ලබනවා.බටහිර රටවල් අංක 13ට එතරම් බිය කරනවා සේම ජපානය අංක 4ටද එලෙසම බිය කරනවා. එසේම ඉතාලියානුවන් අංක 17ද එලෙසම අවාසනාවත අංකයක් ලෙස සැලකෙනවා. ලංකාව තුලද අංක 9ට යම්කිසි තරමකට බියක් දක්වනවා. මෙලෙස කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැතිව ඉතිහාස කරුණු මත යම් යම් අංක අවාසනාවන්තයි ලෙස ජනයා විශ්වාස කරනවා. එය හුදෙක් මිත්‍යා මතයක් පමණි යන්නයි අපගේ අදහස. ඔබේ අදහසද දක්වන්න.