October 13, 2021

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

ලෙඩ රෝග රැසකට ගුණ දේශීය අල

ඉංග‍්‍රීසින් අප රට හැර ගිය නමුත් ඔවුන් අපට දායාද කළ පරගැති බව අපට තාමත් ඉවත් කර ගත නො හැකිව ඇත. අපි දැන් තිරිඟු ප‍්‍රධාන ආහාරය වශයෙන් පත් කර ගෙන සිටිමු. එහෙත් එක් තිරිඟු ගසක්වත් මෙරට වැවෙන්නේ නැත.අප රටේ පරිභෝජනයට සුදුසු අල වර්ග 90 කට වඩා තිබූ බව ඔබ දන්නවා ද? මෙම අල වර්ග විවිධත්වය අපගේ ආහාර සුරක්ෂිත භාවයේ වැදගත් ලක්ෂණයක් විය. බොහෝ අල වර්ග ප‍්‍රධාන ආහාර වේල සඳහා විකල්පයක් වශයෙන් වූව ද ගත හැකි වූයෙන් වී අස්වනු පාළු වූව ද බඩගින්නේ සිටීමේ අවධානමක් අපට නො වී ය.අපේ අල වල ගුණාත්මකභාවය ගැන කතා කලොත් උදාහරණයක් වශයෙන් හුලංකීරිය- ශරිරයේ අම්ල ගතිය මර්ධනය කරයි. අජීර්ණය සුව කරයි. ස්ථුල බව අඩු කරයි. දියර ස්වභාවයෙන් මළ පිටවීම පාලනය කරයි. ලේ සීිදං පහවන අතීසාරය සුව කරයි. අර්ෂස් සුව කරයි. ළදරු ආහාරයක් ලෙසත්, සුව වූ රෝගීන්ට දෙන බර අඩු ආහාරයක් ලෙසත් නිර්දේශිත ය.බුත්සරණ- සෙංගමාලය වැළඳුන රෝගීන්ට රෝග අවස්ථාවේ දී මෙන් ම රෝගය සුවවූ පසූ කලක් යන තුරු ම කෑමට දිය යුතු ය. කහ උණ සුව කරයි. කුණකටුවන් සහ කරවලයන් දෂ්ට කළ අයට බුත්සරණ ඖෂධයකි. ළදරුවන්ගේ සෙම් රෝග නිවාරණයට සහ කිරි මැලියම් දොස්වලට ඖෂධයකි.කිඩාරන්- කිඩාරන්වල ඖෂධීය ගුණය කියා නිම කළ නො හැක. ශරීරයේ උෂ්ණයෙන් වැළඳෙන රෝග මැඬලයි. වැඩිහිටි කතුන්ගේ ඇට මිදුලූ දියවීමේ රෝගය සුව වේ. අර්ෂස් රෝගයෙන් බඩ වැල මෑත්වීම වළකයි. අර්ෂස් වැළඳීම වළකයි. අර්ෂස් වැළඳුන අය සුව කරයි. නාග විෂ මෙන් ම සියලූ සර්ප විෂ මර්ධනයට කිඩාරන් යොදා ගනී.

දන්දින- අධික රුධිර පීඩනය පාලනය කරයි. ඉතා පෝෂ්‍ය ගුණයෙන් යුතු හෙයින් ශරීර ශක්තිය වඩවයි. කාන්තාවන්ගේ කේෂ කලාපය වැඞීමට උපකාර වේ.අල වර්ග සම්බන්ධව තවත් වැදගත් කාරණයක් නම් අල පමණක් නොච එ්වායේ කොළ ද අතිශයින් පෝෂ්‍යජනක බවයි. උදාහරණයක් වශයෙන් බතල කොළවල අලවලටත් වඩා විටමින් ක්‍ල විටමින් ණ, ලවන සහ පොටෑසියම් අඩංගු ය. මෙයට අමතරව මඤ්ඤොක්කා කොළ අපට අත්‍යවශ්‍ය පෝෂණය සපයයි.වැල් අල වර්ගද රාශියක්‌ දක්‌නට ඇත්තේය. බතල, කටු අල, දන්දිල, නාට්‌ටල, උඩල අල, රාජ අල, කිරි කොඩොල්, කුකුලල, හි`ගුරල, අතු අල, ඇගිලි අල, ගෝනාල වැනි අල වර්ග මීට අයත් වේ. අනික්‌ අල වර්ගය හැ`දින්වෙන්නේ ගස්‌ අල වර්ග යනුවෙනි. ගස්‌ අල හබරල හා ගහල යනුවෙන් ප්‍රධාන කොටස්‌ දෙකකට අයත් වේ. කිරි අල, මවු අල, සෙවෙල් අල, ආටිචොක්‌ අල, රැල් බුරුල්ලා අල, කිඩාරන් අල, හුළංකිරියා අල, බුත්සරණ අල, තුන්මස අල, හබරල, වෙල් අල, මඤ්ඤොක්‌කා, කොහිල, ආදි අල වර්ග ගස්‌ අල වර්ග වලට අයත්වේ.අපේ පැරැන්නන් දේශිය අල භෝග වර්ග ගැන දැන සිටියද වත්මන් පරපුර මේ අල වර්ග ගැන අසා නොතිබෙන්නටද ඇත. ඒ විතරක්‌ නොව මෙකී අල වර්ගවල රස වි`දීමට ඒ අයට අවස්‌ථාව උදාවන්නේද ඉතා කලාතුරකිනි.ඔබත් අදම හැකි පමණින් ගෙවතුවගාවක් ලෙස දේශීය අල වර්ග වවමු.තිරිඟු පිටි පරගැති බව දුරලමු .එයයි මේ නිදහස් දින අපි අදිටන් කලයුතු සැබෑ බලාපොරොත්තුව. ( source -උදිත් නිරොශන කුලසූරිය )