October 17, 2021

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

මාස හයේ දරුවන්ට ගුණ බෙරි බතක් හදමු

බෙරි බත් – මාස 06 – 07 සුවදැල් හාල් පිරිසිදු වතුරෙන් හොදින් බෙරිවන්න පිසගන්න. ඉන්පසු එය හොදින් මතගාගන්න. කැබලි නැතිවන සේ. එයට මව්කිරි ටිකක් එකතු කර බබාට දෙන්න. මාස 06 1/2 පමණ වන විට මෙයට පොඩිකරගත් කෙසෙල් ,තම්බා පොඩිකරගත් වට්ටක්කා, අල, බතල , කැරට්, වැනි එලවලුවක් මිශ්‍ර කරන්න පුලුවන් . මෙවැනි එලවලු එක වතාවට එකක් පමණයි එකතු කල යුතු වන්නේ. දරුවන්ට අසාත්මිකතාවය ඇතිවිය හැකි බැවින් වරකට එක් එලවලුවක් බැගින් එකතු කර බලන්න .මාස 07 වැඩි දරුවන්ට පෝෂණීය බෙරි බතක් හදලා දෙන්න පුලුවන් . බොහෝ විට මේ වයසේ දරුවන් ලොකු දරුවන් වගේ කෑම ප්‍රතික්ෂේප කරනවා හරිම අඩු බැවින් එලවලු මස් හෝ මාලු බිත්තර කහමද, පලා වැනිදෑ එකතු කල හැකිය .සුවදැල් හාල සමග වට්ටක්කා ,කැරට් , බෝංචි ,සුකිනි , පලාවර්ගයක් මස් හෝ මාලු කැබැල්ලක් දමා තම්බා ගෙන එය කැබලි සිටින සේ (මාස 07නම් ඉතාමත් කුඩා කැබලි) මත ගාගන්න .එයට හාල්මැස්සන් කුඩු ස්වල්පයක් එකතු කරගන්න .බබා මාස 07 ට වැඩිනම් මෙම එලවලු මස් හෝ මාලු බෙරි බත ඉදීගෙන එනවිට බිත්තර කහමද ය එකතු කරන්න පුලුවන් .

නමුත් බිත්තර හොදින් පිසගන්න අවශ්‍ය වෙනවා .ඒ වගේම මාස 07 පසුවූ පසු මෙම බෙරි බත ඔලිව් , පොල්තෙල්, බටර් හෝ ගී ටිකක් රත්වන්නට තබා එයට සිහින්ව කපාගත් ලූනු දමා රත්වනවිට බෙරි බත දමා තෙම්පරාදු කර මතගා දිය හැකිය .එමෙන්ම බෙරි බත් ඉදීම සදහා වතුර වෙනුවට පොල්කිරි එකතු කල හැකිය.එයට පැලවෙන්න දැමූ මුංඇට වැනි ධාන්‍ය වරගයක් එකතු කල හැකිය.බඩ ඉරිගු එකතු කරන්න. එය පෝෂණීය වගේම බෙරි බතෙහි රස වැඩි කරන්නට සමත් වෙනවා.හැම වේලටම වට්ටක්කා හෝ බතල කැබලි කැරට් ,සුකුනි, පලා එකතු කරන්න. එයට අමතරව බබාට අසාත්මිකතාවය නැති එලවලු මස් මාලු බිත්තර එකතු කල හැකිය.මාස 11 වැනි බබෙකුගේ බෙරි බත සදහා රටකජු, කජු වැනි දෑ බත් සමග ඉදෙන්න තබා මතගා දෙන්න.ග්‍රීන් පීස්, කඩල වැනිදේ එකතු කරන්න .රස අනුව තුනපහ ස්වල්පයක් කහ වැනි දෑ එකතු කරමින් දරුවා ට වසර ක් පිරෙන විට සාමාන්‍ය ඔබ ගන්න ආහාරය වලට හුරුකරන්න.කිසිම විටෙක දරුවා ට වසර ක් පිරෙන තෙක් ලුණු, සීනි ආහාර වලට එකතු නොකරන්න.