October 18, 2021

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

බත් කන්නත් දැන් බය හිතෙයි

පෙරදිග ධාන්‍යාගාරය වු අපේ රටේ ප්‍රධාන අහාරය බත්ය. අතීතයේ ලොව කිසිවෙකුටත් ගැති නොවී ශක්තිමත් ආර්ථීකයකට අප උරුමකම් කීවේ වී ගොවිතැන මුල් කර ගනිමින් බැදුණු සංස්කෘතිය නිසාය. වස විස නොයොදා වගා කරනු ලබන සහල් සෑම අත කින්ම පරිපුරණ වු අතර පෝෂණ ගුණයෙන් සහ ඖෂධීය ගුණයෙන් යුතු වීම නිසා ජනතාව නිරෝගී විය. කාය ශක්තිය මෙන්ම ආධ්‍යාත්මය ද දියුණු වීය. කිසිදු විසක් නොයෙදූ නිසා සිරුරේ රසායනික සංයුතිය සංවර විය. බුද්ධ බෝග ලෙස හැදින්වීමට මෙම සියලු කරණා හේතු වීය.ක්‍රමයෙන් නවීකරණය වන ලෝකය හා යමින් ශ්‍රී ලංකාවේ ජන ජීවිතයද බොහෝ වෙනස්කම් වලට ලක්ව ඇති වර්ථමානයේ අපේ සුපුරුදු අහාර රටාවද මිනිස් සිරුරට අහිතකර කෘෂි රසායන ආක්‍රමණය කරමින් පවතී. අපේ බත් පතට වර්ථමානයේ එක් වන විස රසායන පිළිබදව මෙන්ම එහි අයහපත් බලපෑම් පිළිබඳව දැනුවත් නොවීම නිසා, තුන් වේලම බත් කන අප ජාතියේ අනාගතය මහා විපතක හෙළීමකි. වත්මන් සමාජයේ වගකිය යුතු වැඩිහිටියන් ලෙස අපද එහි වරදකරුවන් වී අවසානය./• සහල් වල ඇති සියලු පෝෂණ ගුණයන් විනාශ කරන ප්‍රධාන සාධකය වනුයේ වගාවේ දී එක් කරන කෘෂි රසායනයි./• රසායනික පොහොර, වල් නාශක සහ කෘමි නාශක විවිධ ප්‍රමණ වලින් සහල් වල ඇතුලත් වේ./• අද ලොව පුරා බහුලව දකින්නට ලැබෙන බෝ නොවන රෝග වලට මේවා හේතු වේ./• කෘෂි රසායන වල ආසනික් සහ බැර ලෝහ ගණනාවක් අඩංගුය./• ශ්‍රී ලංකාවේ බහුලව ආහාරයට ගන්නා සහල් යොදා ගෙන කරන ලද පරීක්ෂණ වලින් විශ රසායන අඩංගු බව තහවුරු කරගෙන ඇත./• පස් යොදාගෙන සිදුකර පරිෂණ වලින් ඔප්පු වුයේ පසේ මතුපිට ස්ථරයේ පමණක් අසනික් අඩංගු බවයි. (වගාවේදී යොදන රසායන මතුපිට ඉතිරිවීම මීට හේතුවයි.) වකුගඩු රෝගය නිසා මිය ගිය අනුරාධපුර රෝගියෙකුගේ මරණ පරීක්ෂණය තුළින්, ශාරිර කොටස් වල අඩංගු අසනික් ප්‍රමාණයන් පහත පරිදි වේ.

(වෙද්‍ය කේ.එස් දිසානායක මහතා කරන ලද පරිෂණයකි) /ශාරිර කොටස (body parts) As(μg/kg)/අහාර මාර්ගය (Large intetine) 192.3 – 303.5/ගුද මාර්ගය(Rectum) 101.5 – 260.5/අක්මාව(Liver) 195.8 – 355.5/තයිරොයිඩ් ග්‍රන්ථය(Thyroid) 74.1 – 198.3/ප්‍ලිහාව(Spleen) 135.4 – 318.4/වකුගඩු(Kidney) 153.5 – 477.1 මෙම අවාසනාවන්ත තත්වයෙන් අප සහ අපේ දරු පරපුර රැක ගැනීමට ඇති එකම මාර්ගය කෘෂිරසායන වලින් තොර අහාර බෝග වගාව සහ පාරිභෝජනයයි. සහල් මිලදී ගැනීමේදී අප පහත කරුණු පිළිබදව දැනසිටීම වැදගත් වේ./• සුදු පැහැති සහලට වඩා නිවුඩ්ඩ සහිත රතු සහල් පෝෂණ ගුණයෙන් ඉහලය. නිවුඩ්ඩ ඉවත්කර සහල් සුදු පැහැ කිරීම යනු පෝෂණය ඉවත් කිරීමයි./• අතින් කොටන සහල් වල අඩංගු විටමින් B යාන්තානුසරයෙන් කොටන සහලේ මෙන් දෙගුණයකි./• වස විස නොයෙදූ දේශීය සහලේ ප්‍රතිඔක්සිකාරක ගුණ ඇත./• බෝ නොවන රෝග වලින් අප ආරක්ෂා කිරීමේ හැකියාව සහිතය./• සහල් පිළිකා වළකන ආහාරයකි./• බැක්ටීරියා නාශක ගුණ සහිතය./• තන්තු ප්‍රමාණය අධිකය./• ප්‍රතිප්‍රදාහ ගුණ සහිතය.• සහල් වල යකඩ අඩංගුය./• සහල් වල ඇති ඖෂධිය තෙල් අහිතකර කොලස්ටරෝල් අඩු කරයි./• සහල් ප්‍රතිශක්තිය වඩවයි.මෙම ප්‍රතිලාභ එලෙසම ලබාගැනීමට ඇවැසි නම් අප වස විස නොයෙදූ දේශීය සහල් ආහාරය එක් කර ගැනීමට උනන්දු විය යුතුය.වස විස නොමැති සහල්වල ලක්ෂණ• වස විස නොයදා වගා කරනු ලබු සහල් වලින් පිසින ලද කිරි බතක් පැය 12ක් පමණ ද, සාමාන්‍ය බතක් පැය 24 කින් පසුව වුවද (එනම් පසු දින) අහාරයට ගත හැක. කෘෂි රසායන එක් නොවීම නිසා හිතකර ක්ෂූද්‍ර ජීවින් ගෙන් ආරක්ෂාව සැලසීම නිසා මෙය සිදුවේ.• ඉතා කෙටි කාලයක් තුල ගුල්ලන් වැනි කෘමි සතුනගෙන් හානි ඇති වේ.• විශ රසායන අඩංගු නොවන නිසා බඩේ දැවිලි ගතියක් ඇති නොවේ.• සහල් සේදීමේදී ජලයට විශේෂ පැහැයක් එක් නොවේ. වර්ණක රහිත වීම ඊට හේතුවේ.• සුළු අහාර ප්‍රමාණයකින් කුස පිරේ.• බොහෝ වෙලාවක් යනතුරු නැවත කුසගිනි නොදැනේ.අප සැවොම එක්වී හැකි සැම විටකම වස විසෙන් තොර සහල්, නැවුම් එළවළු පලතුරු අපේ ආහාරයට එක් කර ගනිමු. කෘතීම අහාර වලින් දුරස් වී නිරෝගී පරපුරක් වෙනුවන් යුතුකම ඉටු කරමු. නැවතත් පෙරදිග ධාන්‍යාගාරය සාඩම්බර පුරවැසියන් ලෙස ලෝකය ඉදිරියේ ලක් මව බබළවමු.

source- ශ්‍රී ලංකාවේ පාරම්පරික සහල් (කාර්මික තාක්ෂණික ආයතනය 2011), සුව දිවියක පදනම (සෞබය අමාත්‍යාංශය), ආහාර වල පෝෂණය සහ ඖෂධීය ගුණ (වෙද්‍ය නිරෝෂන් සමරවික්‍රම)ලිපිය සැකසීම – ලක්ශිකා ජයවර්ධන .