December 7, 2021

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

බුද්ධදාස රජුගේ උර සත්කාරය

දස මසක්‌ කුස දරා මෙලොවට බිහිකළ තම දරුවා ලෙඩ දුකකින් තොරව රැක බලා ගැනීමට දෙමාපියෝ රෑ දහවල් නොබලා අපමණ වෙහෙසක්‌ ගනිති. දේශීය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයේදී කුඩා දරුවන්ගේ නිරෝගී බව ආරක්‌ෂා කර ගැනීමට නොයෙකුත් ඖෂධ වර්ග හඳුන්වාදී ඇත. අලුත උපන් දරුවාගේ නිරෝගී බව කෙරෙහි වෙහෙසවන දෙමාපියන්ට එම ඖෂධ පිළිබඳ යම් දැනුමක්‌ තිබීම වැදගත්ය. එබැවින් අපි මෙවර උර බෙහෙත් ගැන විමසා බලමු. උර බෙහෙත් කියන්නේ මොනවාද?දේශීය වෛද්‍ය ක්‍රමයේ ඉතා දිගු ඉතිහාසයක්‌ සහිත ඖෂධ වර්ගයක්‌ ලෙස උර බෙහෙත් හඳුන්වනු ලබයි. මෙය අප රටේ වෙදකමේ යෙදුණු කීර්තිමත් රජකු වන බුද්ධදාස රජ දවසටත් ඈතට ගිය දිගු ඉතිහාසයක්‌ ඇත.උර බෙහෙත් ලෙසින් හඳුන්වන්නේ බෙහෙත් ගලෙහි උරගා සාදාගනු ලබන ඖෂධ වර්ගවලටය.මෙම උර බෙහෙත් අලුත උපන් දරුවන්ගේ නිරෝගී බව සඳහා ලබාදීමේදී එය භාවිතා කරන අවස්‌ථාව අනුව සාදා ගන්නා ක්‍රමයද වෙනස්‌ වේ.මවු කුසින් මෙලොව එළිය දුටු දින සිට වයස අවුරුද්දක්‌ දක්‌වා කාලය තුළ දරුවාට මතුවිය හැකි බඩරුදාව, බඩපිපුම, මළබද්ධය, මුඛයේ කිරි මැලියම් බැඳීම යන රෝගවලින් ආරක්‌ෂා කර ගැනීම සඳහා ලබාදීමේදී ඖෂධ අට පංගුවකින් යුත් උර බෙහෙතක්‌ සාදාගත හැකිය.අරළු, වදකහ, මාසක්‌කා, සුදු හඳුන්, රත් හඳුන්, සාදික්‌කා, වැල්මී, සුදු ලූනු යන ඖෂධ අට පංගුව ගෙන බෙහෙත් ගලේ වෙන වෙනම උරගා මවුකිරි සමඟ තේ හැන්දක්‌ දරුවා උදෑසනට නහවා පිරිසිදු කිරීමෙන් පසු ලබාදිය යුතුය. දිනපතා මෙම ඖෂධය දරුවාට ලබාදීමෙන් බඩරුදාව, බඩ පිපුම, මළබද්ධය, මුඛයේ කිරි මැලියම් බැඳීම සිදු නොවන නිසා දරුවා හොඳින් මවුකිරි උරා බොයි.

මෙම බෙහෙත් අටපංගුවේ ඇති ඖෂධීය ගුණ මොනවාද?අරළු  දරුවාගේ බඩ වේලුම නැති කරයි. එනිසා මළබද්ධය ඇති නොවේ./ වදකහ සහ සාදික්‌කා  බඩේ අජීර්ණ ඇති කරන විෂබීජ විනාශ කරයි. එනිසා බඩේ අමාරුව හෝ බඩ පිපුම නැති කරයි./ මාසක්‌කා  මවුකිරි උරා බොන දරුවාගේ දිවෙහි බැඳෙන කිරි මැලියම් දියකර හරියි./සුදු හඳුන්, රත් හඳුන්, වැල්මී  දරුවාගේ රුධිරය පිරිසිදු කිරීම හෙවත් රක්‌ත ශෝධනය සිදු කරයි. එනිසා දරුවාට මතුවිය හැකි රතගාය වළකාලයි./දරුවාගේ දිවෙහි කිරි මැලියම් බැඳීම වැඩිපුර සිදුවෙනවා නම් මාසක්‌කා ස්‌වල්පයක්‌ බෙහෙත් ගලේ උරගා පිරිසිදු රෙදි කඩකින් දරුවාගේ දිවෙහි තවරා පිරිසිදු කර හැරිය හැකිය./ඇතැම් විට දරුවන්ට මෙම ඖෂධ අටපංගුව මවුකිරි සමඟ පෙවිය නොහැකි වන අවස්‌ථා මතු වේ. එවිට එම ඖෂධ අට පංගුව සහිත මිශ්‍රණය මවගේ තන පුඩුවේ තවරා දරුවාට මවුකිරි උරා බොන විට ශරීරගත වීමට ඉඩ සැලසිය හැකිය./උණ හෝ බඩ බුරුලට යැමක්‌ ඇතිවිට මෙම ඖෂධ අටපංගුව ලබාදිය යුත්තේ වෛද්‍ය උපදෙස්‌ මතය. බඩ බුරුලට යන විට අරළු ගුණ නැත. ඉන් තව තවත් බඩ බුරුලට යවයි./එසේම මෙම ඖෂධ අටපංගුව ලබාදිය යුත්තේ දරුවාට වයස අවුරුද්දක්‌ යනතුරු පමණි. ඉන්පසු දරුවාට ලබාදිය යුතු ඖෂධ සහ මාත්‍රාව වෙනස්‌ වේ./මවුකිරි පමණක්‌ බොන දරුවාට බඩ පිපුම, බඩ බුරුලට යැම, බඩ රුදාව ආදිය මතුවීමට බලපාන ප්‍රධාන සාධක වනුයේ මව ගනු ලබන ආහාරපාන, දරුවා පිරිසිදු ලෙස තබා නොගැනීම මවගේ අපිරිසිදු බව වැනි සෞඛ්‍ය ගැටලුය.උර බෙහෙත් ලබාදීම පිළිබඳ ඔබට වැඩිදුර උපදෙස්‌ ලබා ගැනීමට අවශ්‍ය නම් දුරකථන අංක 0112431530 මගින් වෛද්‍යතුමිය ඇමැතිය හැකිය.(source =හෙළ අරණ Hela Arana)