October 3, 2022

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

ඇස් පෙනීම වර්ධනය කරන උඳු පියලිය

උඳුපියලිය නිල්ල පයට පෑගුණත් ඇසට ගුණ දෙන්නේ යයි කියමනක් අසන්නට ලැබෙනවා.ගෙමිදුළු වලත් එළිමහන් බිම්වලත් හැදී පොළොවට සමාන්තරව, පැතිර යන බහුවාර්ෂික කුඩා පැළෑටියක් වන, උඳුපියලි . ඔසු ගුණ පිරි වටිනා ශාකයක්. ත්‍රිපත්‍රි පත්‍ර,සහිතයි. සියුම් බූවකින් වැසී ඇති ශාකයේ දම් පැහැති මල් පිපී ඉන් කුඩා කරල් සෑදෙනවා.හීන්- මහ ලෙස ප්‍රභේද, දෙකකින් යුතු වන අතර ඒවා Fabaceae කුලයට අයත්වනවා. .හීන් උඳුපියලි -(Desmodium triflorum)…විවිධ රෝග ප්‍රතිකාර සඳහා බහුලව යොදා ගන්නේ හීන් උඳුපියලි .ප්‍රභේදය යි .එය විෂ නාශකයක් , වේදනා නාශකයක් ,, මුත්‍රාකාරකයක් , ක්ෂීර වර්ධකයක් , කුසගිනි වර්ධකයක් හා, ශක්ති ජනකයක් සේ සිරුරේ ක්‍රියාත්මක වනවා.සිසිල ගුණැති ශාකය, උෂ්ණයට ඇතිවන තොල්පැලීම් බඩ පපුව දැවිල්ල අම්ල පිත්ත රෝග ආදියට එරෙහිව ප්‍රතිචාර දක්වනවා.ඇස් රෝගවලට ගුණ දෙමින් පෙනුම වර්ධනයට උපකාරිවනවා.කුසගිනි මඳිකම ,ගුල්ම විෂ මාන්දම ගෙඩි වණ අතීසාර , ආමවාත මුත්‍රා අඩස්සි ළදරු ක්ෂය රෝගය , ඉරුවා රදය , නාග විෂ , කැඩුම් බිඳුම් , දිය වැඩියාව නිසා ඇතිවන පිපාසය ආදි රෝග අවස්ථා බොහොමයකදී ඖෂධ සැකසීමට සම්පූර්ණ උඳුපියලි ,ශාකය ම යොදාගන්නවා.කුඩා දරුවන්ගේ අජීර්ණවලදිත් කුසගිනි මඳකම සඳහාත් ශාක යුෂ ස්වල්පයක් දෙනු ලබනවා.එය මවුකිරි ද වර්ධනයකර දෙන්නක් . උඳුපියලිය කොළ අඹරා පුවක් ගෙඩියක පමණ ගුලියක් එළකිරි සමග මිශ්‍රකර උදේ පානය කිරීමෙන් .මවුවරුනට මනාව කිරි එරෙන බව සඳහන් .

වණ සඳහා කොළ යුෂ හෝ මුල් යුෂ තැවරීම සුදුසු බව දැක්වෙනවා..උඳුපියලිය කොළ බුලත් මෙන් සපමින් කෙළ ගිලීම, තොල් පැලීම සුව කරන ප්‍රතිකාරයක්.බඩ පිපුම් ඇතිවිට කොළ මඳ පවනේ වියළා කුඩුකර කෝපි මෙන් පානය කරනවා ..උඳුපියලි වියළා කුඩුකර උළුහාල් කුඩු තේ හැඳි, බාගයක් දමා කෝපි මෙන් පානය කිරීම මධුමේහයේදී ,ඇතිවන පිපාසය සංසිඳුවන්නක්.මුත්‍රා අඩස්සිය ඇතිවිට සම්පූර්ණ ශාකය තම්බා බීමට දෙනවා.. පත්තෑ විෂට ශාකය දෙහි ඇඹුලෙන් අඹරා ගානවා.පොලොන් විෂ හැරීමට උදුපියලිය යුෂ පතක් දෙන බව සඳහන්. සිරුරේ විෂ , සෙංගමාලය , අතීසාර ,ඇස් රෝග ආදියේදි උඳුපියලිය කැඳ සකසා දෙනවා .මෙහි සඳහන් අනෙකුත් බොහෝ රෝග අවස්ථාවලදී මෙන් ම ශක්ති වර්ධනය සඳහාද කැඳ පානය සුදුසුයි .මහ උඳුපියලි (Desmodium heterophyllum)…හීන් උඳුපියලි ශාකයට සමාන පෙනුමැති ඊට මඳක් විශාල, පත්‍ර සහිත මෙම ශාකය උදරාබාධ වණ, අතීසාර ආදියේ දී ප්‍රතිකාර සඳහා යොදා ගනු ලබන්නක්.හීන් වර්ගය අහාවයට ගියකල ඒ වෙනුවට භාවිතාකළ හැකි තරමේ ඔසු ගුණ ඇති සේ සැළකෙනවා.මූලාශ්‍ර හා සේයාරූ-,අපේ ඔසුපැළ වෛද්‍ය ලේඛන හා අන්තර්ජාලය ඇසුරිනි)