December 6, 2021

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

බත් මුට්ටියෙන් උපන් බතල අල

අයිපෝමියා බටාටාස් යන උද්දිත විද්‍යාත්මක නාමයෙන් හදුන්වන බතල ජීවිතයේ එක් වරක් හෝ ඔබ රස බලා ඇතිවාට සැක නැත.ග්මේ ගොඩේ කොයි කවිරුත් කියන්නෙ බත්වල ගුණය තියෙන අල වර්ගයක් බතල කියලා.ඇත්තෙන්ම ප්‍රති ඔක්සිකාරකයක් වන බතල වල ගුණ අපමණය.එහි අඩංගු පෝෂක කොටස් පිළිබදව සලකන විට, සෑම බතල වර්ගයකම ප‍්‍රධාන වශයෙන් කාබෝහයිඩ්‍රේට පවතින නිසා මිනිස් සිරුරට අවශ්‍ය ශක්තිය සපයන ආහාරයක් ලෙස බතල හඳුන්වා දිය හැකිය. මේ අතරින් ඉතාම වැදගත් කරුණ ලෙස හඳුනා ගත හැක්කේ මේ සෑම බතල වර්ගයකම වියලි බරෙන් 10% කට වඩා වැඩි ප‍්‍රමාණයක් තන්තු අඩංගු වීමයි.අර්තාපල් කනවාට වඩා මෙවා ගුණ වෙන්නෙ ඒකයි.විවිධ වර්ණ වලින් යුතු බතල වර්ග 25ක් පමන ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ. වැඩි වශයෙන්ම පෝෂක පවතින්නේ බතල වල පොත්තේ නිසා හොඳින් පිරිසිදු කර අවම වශයෙන් පොත්ත ඉවත්නොකරන ලද බතල ආහාරයට ගැනීමෙන් ඔබට ඒ පෝෂක කොටස් වැඩි ප‍්‍රමාණයක් ඔබේ සිරුරට ලබා ගැනීමට හැකියාව ලැබෙන බව මතක තබාගන්න.එදිනෙදා ජීවිතයේ වැයවෙන පෝෂණ ගුණය හා ශක්තිය බතල අපට සපයනවා.මෙවනි ගුණ ඇති බතල උපන් හැටි ඔබ දැන හිටියාද?දැනගෙන නොහිටියානම් අද දැනගන්නකෝ.මේ බතල උපන් විදිහ ජන වහරේ පවතින ජන කතාවක් ඔබලා මේ කතාව කියවලා දරුවන්ටත් කියා දෙන්න.අපේ දේ අපි පරම්පරාවට රැකල දෙන්න එපැයි.මෙන්න මේකයි බතලේ උපත.ඔන්න එක් ගමක අම්මයි තාත්තයි දූල දෙන්නයි ජීවත් වෙනවා තාත්තා අකාලයේම මොය යනවා අම්මා මේ දූල දෙන්න ලොකුමහත් කරලා නිසි කාකෙදී විවාහ කරලා දෙනවා.ඉතින් විවාහ උන දූලා දෙන්න වෙනම පැලක් හදාගෙන මහ ගෙදරට ටිකක් දුරින් පදිංචි වෙනවා.කාලයත් එක්ක අම්මා වයසට ගිහින් දුබල වෙනවා.ඒත් අම්ම මහ ගෙදා තනියමයි ඉදලා තියෙන්නේ. දවසක් මේ අම්මා තමන්ගෙ ගමට ආසන්නයේ පදිංචිවෙලා හිටපු පොඩි දුවගෙන් දවල්ට බත් කටක් කන්න ඕනි කියලා හිතාගෙන බොහෝම අමාරුවෙන් පයින්ම යනවා පොඩි දූගෙ ගෙදරට.ඉතිම් මහන්සියෙන් ඇවිත් දූගෙ ගෙට ගොඩ උනු අර අම්මා ඈත තියාම පොඩි දුව දකිනවා.ඒ වෙලාවේ දුව බත උය උයයි හිටියේ.අම්ම දකිද්දිම දුව හිතනවා.අම්මත් එන්නෙ කන වෙලාව්ටමයි මේ උයපු බත මටයි ලමයිටයි මදි වෙනව මෙයාට දුන්නොත්.ආය මට උයන්න බෑ.ගෙදර හාලුත් නෑ කියල හිතලා මුට්ටිය නෑබිලියෙන් වහලා යනවා අම්මව බලන්න.අම්ම ලගට ගිහින් කියනවා”අම්මේ අද දවල්ට අපි ඉව්වෙ නෑ ගෙදර හාල් ඇටයක්වත් නෑ.කහට ටිකක් බීල ඉන්නෙ අපිත්.අම්ම ඉක්මනට අක්කලා දිහා යන්න එහෙනම් උයල ඇති” කියලා.

ඒ අම්මා ඉතින් හා දුවේ කියල පිටත් වෙලා බඩගින්නේම ආපහු ගෙදරට එන්න පිටත් වුනේ “උබලාට කන්න බොන්න හිගයක් නෙවේවා” කියලා ප්‍රාර්තනා කරල.අම්ම යන්න ඇරලා දුව ළමයිටත් බත් කන්න එන්න කියලා බත් බෙදන්න මුට්ටියේ නෑබිලිය ඉවත් කරනකොට අර බත් මුට්ටියෙ බත් සේරම ලේ වෙලා මට්ටියෙන් එකයිලු.මේක දැක්ක දුව අම්මට නොදී කන්න හිටපු නිසා මේක උන බව දැනගෙන දුක් වෙනවා.ඊට පස්සෙ ඒ මුට්ටිය වත්ත පහලට ගිහින් හලනව මෙන්න බත ලේ උනා කියලා.ඒ ලේ පහලට ගලාගෙන් යනවා.කාලයක් යනකොට ඒ ලේ ගලාන ගිය තැනින් රතුපාට වැල් වගයක් එනව..ඒවා වත්ත පුරාම බෝවෙනවා.ගලවලා දැම්මත් ආය හැදෙනවා.එවායේ ලොකූ අලත් හැදිලා තියෙනවා.මේවා මොනාද කියල අහනකොට මිනිස්සුන්ට මේ දුව කීවලු මේව බතලේ උන වැල් කියලා.ඒ නිසා මිනිස්සු මේවට බතලේ වැල් කියන්ට පටන්ගත්තලු.කාලයත් එක්ක අම්මට නොදී කන්න හිටපු දුව හොදටෝම දුප්පත් උනාලු.කන්න දෙයක් නැත්තටම නැති වෙලා බඩගින්නේ ඉන්නකොට අර බතලේ වැල් වල අල හාරගෙන ඇවිත් තම්බලා කෑවලූ මැරුණත් කමක් නෑ කියලා.ඒවා පුදුම රසක් දැනුනලු කිසි දෙයක් උනෙත් නැති නිසා ළමයින්ටත් කන්න දුන්නා.ඒක පුරුද්දක් විදිහට කනකොට මේ අයල ලස්සන වෙලා නිරෝගිව පෙනුනලු.ගමේ අය මේ ගැන හොයා බලද්දි මේ බතලේ වැල්වල අල කන නිසා කියල දැනගෙන ගමේ අයත් කන්න පටන්ගත්තලු.එදා ඉදන් බත ලේ උන බතෙන් හැදුන බතල අල හැමෝම කන්න ගත්තලු.ඔන්න ඔහොමයි බතලේ උපත උනා කියල ගම්මැද්දෙන් අහන්ට ලැබෙන්නේ.දෙමාපියන්ට නොදී කන්න හොදනැති බවත් මේකෙන් අපට කියා දෙනවා.ඒ වගේමයි දෙමාපිය ආශිර්වාදය අපට පිහිටක් වෙන බවත් කියා දෙන ආදර්ශමත් කතාවක් මේක්.ඔබේ අදහස් දක්වන්න.(උපුටා ගැනීම ජනවහරින්)