September 27, 2022

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

රාජා ඇතාගේ දළ දෙකේ රහස

නුවර දළදා මාළිගාවේ හිටපු රාජා ඇතාගේ පොඩි විස්තරයක්. ඔන්න ඔය ඇතාගෙ තිරයෙන් පිටිපස්සෙ කතාව පටන්ගන්නෙ ඇතා නැති උනාට පස්සෙ.ඇතා නැති උනාට පස්සෙ තීරණය කරලා තියනව මෙයාව හැමෝටම තව කලක් බලාගන්න නැවත ප්‍රතිනිර්මාණය කරන්න ඕනි කියල. අන්තිමට ඕක බාර වෙලා තියෙන්නෙ කෞතුකාගාර දෙපාර්තුමේන්තුවේ ඉන්න නිලධාරීන් ඇතුළු තව පිරිසකට.අපි දැනුත් මාළිගාවේ ගිහින් රාජව බැලුවට, ඔහොම නැගිට්ටුවෙ කොහොමද කියල දන්නෙ පොඩි පිරිසයි.ඇතා මැරුණම කරන ගෞරව ඔක්කොම කරල ඉවර වෙලා වැඩේ හෙමීට පටන්ගෙන තියනව. නමුත් වැඩේ හෙමීටම කරල හරියන්නේ නෑ. මොකද කුකුලෙක් නරියෙක් වගේ නෙමෙයි අලියා ලොකු හින්ද පරක්කු උනොත් කුණු වෙනව. බරපතලම වැඩේ තමයි අලිගෙ හම වෙන්කරගන්න එක. සරලව කිව්වොත් හම ගහන එක. ඔය වැඩේ කරන්න ක්‍රමයක් තියනවා. හරි විදියට මුලින්ම කපා ගන්න ඕනි. ඊට පස්සෙ හම අයින් කරගෙන යන්න පුළුවන්. හිතන තරං ලීසිම නෑ කරන්න ගියාම.ඉතින් සෑහෙන මහන්සියක් දාල පහළොවක් විස්සක් කට්ටිය අර කුණුවීගෙන යන ඇතාගේ හම් කෑලි ටික වෙන් කරගෙන.නමුත් ඉතින් ඕක දිග ඇරියම අර අහසේ තියන තරු වගේ හිල් තියනවලු. වෙලාවට ලොකු කරදරයක් නෑ මොකද අලියා කළු පාටයිනේ.ඔන්න ඊට පස්සෙ අර ඉතුරු කෑලි වළලලා ටික කාලෙකින් ඇට ටික විතරක් උනාම ගොඩගන්නවනෙ. ඔන්න ඉතින් කට්ටිය වැඩේ කරගෙන යනව. නමුත් මේ වගේ ලොකු අලියෙක්ව මේ ගොල්ලො මිට ඉස්සෙල්ල ඔය විදියට හදල තිබිල නෑ. දහසකුත් එකක් බාදක මැද්දේ මේක කරගෙන එනකොට, ඕක හදල ඉවර කරන්න ඕනි දිනයත් ලග එනව.දැන් වැඩ හරියාගෙන එනකොට මෙන්න ඇතාගේ එක කණක් කුණුවීගන යනවලු.. ඉතින් ගහන්න ඕනි කෙමිකල් ඔක්කොම ගහල. මෙන්න එතකොට ඒ වල සැරට ඇතුලේ පුරෝලා තියන ඊවත් දිරල යනවලු.

ම්ම්ම්ම්ම්,,, ඒ බාධකය නම් ජය අරගෙන තියෙන්නෙ කණ ඇතුලට X-ray කොළයක් දාල.දැන් ආපහු කට්ටිය වැඩ. ගොඩක් දුරට දැන් හදාගෙන ගිහින් ඉවරවෙලා. ඒ කියන්නේ ඔය ඇට කෑලි සෙට් කරල, හිස කබලත් සෙට් කරල ,, කකුල් වලට යකඩ කෑලි දාල බස්සල,,, ඔක්කොම හරි. දැන් තියන්නෙ දළ දෙක හයි කරන වැඩේ..ඔන්න දළ දෙක හයි කරන්න හදනවලු.බෑ.. දළ තියපු ගමන් ඒවල බරට හිස්කබලත් එක්කම පාත් වෙනවා. යකඩ කෑලි දාල පිටිපස්සට බර ගන්නත් බෑ. මොකද දළ සෙට් වෙන්නෙ හිස කබලට. අනිත් එක තව යකඩ කෑලි දැම්මොත් අලියාගේ හිස්කබලෙයි ඇගෙයි හැඩේ වෙනස් වෙනව. අලියගෙ ඔලුවේ හැඩේට, ගානට හිස්කබල තියෙන්න ඕනෙ.. ඔය ගැටලුවට විසදුම් දෙන්න සතර දිග්බාගේ ඉන්න දැනමුත්තො ආවට කාටවත් බැරිවෙලා හරියට ගොඩ දාගන්න..ඔන්න අන්තිම විසදුම වෙලා තියෙන්නෙ දළ දෙකට මුක්කු දෙකක් ගහන්න… “අපොයි එහෙම උනාම මහා කැතයි,,,, හැදුවටත් ලැ‍ජ්ජයි,,,. ජනාධිපති අපිව එල්ලයි,,,” ඔන්න ඔකොම කට්ටිය කිව්වට විසදුමක් නම් තිබිල නෑ.ඒත් ඉතින් මොනව කරන්නද කියල ඒ විදියටවත් කරමුයි කියල යෝජනා කරගෙන, හදාගෙන යනකොට එක්කෙනෙකුට ඇවිත් තියනව අපූරු අදහසක් ඔව්,, අන්තිමට හැදුවේ ඒ ආපු මසුරන් වටිනා අදහසට අනුව තමයි.. හොඳට වැදුණු අලියෙක්ගෙ හොඬේ බිම ගෑවෙන හින්ද අලියගෙ හොඬේට හොද යකඩ පයිපයක් බස්සල (හොඬේ විදියට ගානට අරගෙන) ඒක පොළවට හොඩේ විදියටම තියල බර දරාගන්න සැලැස්වීම. දැන් මේ රාජාගෙ දළ දෙකේ බර දරාගෙන ඉන්නේ හොඬේ.කොහොමද වැඩේ,,,,, වැඩේ හොඳ උනාට ඔය අදහස මුලින්ම හිතන එක නම් එච්චර ලේසි නෑ.හරි දැන් ඉතින් ඔක්කොම හදල විවෘත කරන්න ප්‍රධාන අමුත්තා තමයි එවකට ජනාධිපත්, ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස උතුමාණන්,,, ඒ දවස වල මෙයාට ඔය “ශ්‍රීමත්” කියන කෑල්ල නොකිව්වොත් රස්සාව නැතිවෙන තරම් වරදක්…මෙතුමා විවෘත කරන්න ඉස්සෙල්ල දවසේ මේක බලන්න ඇවිත්. මොකද උන්නැහේට මේ දළදෙකේ කතාව ගැන වටින් ගොඩින් පොඩි කසු කුසුවක් ඇහිල තියනව.ඇවිල්ලත් නිකන් ඉදල නෑ,,,. පොලු වල ළමයි එල්ලෙන විදියට දළ දෙකේ එල්ලිලා බලල.. දෙවියනේ කියල ඇතා හෙලවිලවත් නෑ.ඔන්න ඊට පහුවෙනිදා එතුමාම ඇවිත් තමයි මේක විවෘත කරල තියෙන්නෙ.ඔන්න ඕක තමයි කණට X-ray කොලේකුයි, හොඬේට යකඩ බටයකුයි බස්සපු රාජා ඇතාගේ කතාව…