October 2, 2022

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

මුල්ම හොන්ඩා රථය නිපද වු හැටි

උත්සාහය තියෙනවනම් මොනවද අපිට කරන්න බැරි .ගොඩක් දෙනෙක් දියුණු වෙන්න ඕනේ කියලා සිහින මැව්වට උත්සා කරන්නේ නෑ .ඉතින් අද අපි ඔබ කියන්න යන්නේ ලෝකයේ නමක් දිනු පුද්ගලයෙක් ගැන ඔබත් මේ ලිපිය කියවලා ජීවිතේට යමක් එක්කර ගන්න 1906 ජපානයේ ඉපදුනු කොලු පැටියෙක්. දුප්පත්කම නිසා පාසල් යන්න ලැබුනේ නෑ.ඒ හින්දා අවුරුදු 15 දී මොහු ටෝකියෝවේ ගරාජයක රස්සාවට ගියා.හැබයි ගරාජයේ හිමිකරු ඔහුට දුන්න රැකියාව තමා ඔහුගේ දරුවා බලාගැනීම. ඔහු කලේ දරුවාව පිටේ එල්ලාගෙන මුලු ගරාජය පුරාම ඇවිද්දා.. එහි වෙන වැඩ හොඳ අවදානයකින් බැලුවා.තරුන වයසෙදි ඔහු ඒ දවස්වල ප්‍රසිද්ධ කොම්පැනියක් වුන ටොයෝටා සමාගමේ මිකෑනික් වරයෙක් විදිහට බැඳුනා.කාලය ගතවුනා. ඔහුදැන් ඉතා දක්ශ මිකෑනික් වරයෙක්.ඔහුත් අනික් මිකෑනික් වරුන් ට වඩා වෙනස්. අනික් අයගේ සිහිනය වුනේ කොහොම හරි ජපානයේ හොඳම වාහන නිපදවන සමාගමේ මිකෑනික් වරයෙක් වීම.ඒ අපේ මේ කොලුවා ඔවුන්ගෙන් වෙනස් වුනේ ඔහු දැකපු සිහිනයයි.ඒ ඔහුගේම මෝටර් රථ සමාගමක් නිර්මානය කිරීමයි.ඉතින් තමාගෙම මෝටර් රතයක් නිපදවන්න සිහින දැකපු මේ තරුනයාට ටොයෝටා සමාගම අදාල පරීක්ශන කටයුතු කරන්න ඉඩ දුන්නා. හැබයි ඒකට වැයවෙන මුදල් සේරම කොලුවා විසින් දැරිය යුතුයි. ඉතින් ඔහු කෙතරම් මේ සඳහා මුදල් වැය කෙරුවාද කීවොත් බෝඩිමට සමුදී ගරාජයේ බංකුවක් මත නිදාගත්තා.මේ විදිහට ඔහු අවුරුදු දෙකක් බංකුව මත නිදාගත්තා. ඒ තමන්ගෙ සිහිනරථය ඉලිදක්වන්න.එහි ප්‍රථිපලය සිහින මෝටර් රතය එලිදැක්වීම.ඒත් ටොයෝටා සමාගම මේ මෝටර් රතය නිපදවීම ප්‍රතික්ශේප කරා.කතාව ඉවර කරන්න කලින් ප්‍රශ්නයක් අහන්නද ඔබ ඔහු නම් කුමක් කරයිද?ඔහු නැවතත් තමන්ගේ පරීක්ශන කටයුතු ගෙන ගියා. බංකුව මත තවත් අවුරුදු කීපයක් නිදාගන්න සිදුවුනා.අවසානයේ ඒ අඩුපාඩු මගහැරපු ඔහුගේ නව මෝටර් රතය ටොයෝට සමාගමට ඉදිරිපත්කරා…සමාගම එය පිලිගත්තා..කතාව එතනින් නවතින්නෙ නෑ. අවසානයේ ඔහුගේ සිහිනය සැබෑවෙන්න ඔන්න මෙන්න තියෙද්දි දෙවන ලෝක යුද්ධය ආරම්භ වුනා.ඉතින් කිසිම ආයෝජකයෙක් මේ මෝටර් රතයට ආයෝජනය කරන්න ඉදිරිපත්වුනේ නෑ. ඔහු වසර ගනනාවක් ආයෝජකයින්ට ලිපි ලීවා. අවසානයේ ආයෝජකයින් දෙදෙනෙක් ඉදිරිපත්වුනා.ඔහුගේ නව මෝටර් රත කම්හල ඉදිවුනා.

සියල්ල සතුටෙන් විසිරගියා කියලාද හිතන්නෙ.නෑ..1945 දී ඇමරිකාව විසින් ජපානයට හෙලූ බෝම්බ ප්‍රහාරයකින් මේ කර්මාන්ත ශාලාව පොලොවට සමතලා වුනා.මේ වෙනකොට මේ තරුනයා එකතුකල මුදල් ..පොදිගැසූ හීන යලිත් දියවුනා. හිටපු තැනටත් අන්තයට වැටුනා.ඔබ මොහුනම් කුමක් කරයිද?ඒත් මොහු කතාව අපිට මෙතනින් නතරකරන්න ඉඩදෙන්නෙනෑ.මොහු නව නිපැයුම් කරුවෙක්. ඒ වගේම හොඳ ව්‍යවසායකයෙක්. ඒ මොහු කල්පනාකරා කොහොමද ආයෙ වැඩේ ගොදදාන්නෙ කියලා.ඔහු ආයෙ කාර් එක හදන්න ගියේ නෑ, මොකද ඒවෙනකොට ජපානයේ කාර් මිල ඉතා ඉහලයි. කවුරුවත් ගන්නෙත් නෑ.ඔහු ඒ හින්දා එයට පිලියමක් ලෙස මෝටර් බයිසිකලයක් නිපදෙව්වා.1949 දී අශ්වබල 3 ක Dream මෝටර්බයිසිකලය ලොවට බිහිවුනා.ඒ විතරක් නෙවේ එය මොහුව කෝටිපතියෙකු කරා. වැඩේ නැගලා ගියා කියලා ඔහු මෝටර් බයිසිකල් මුදලාලි කෙනෙක් වෙලා ආතල් එකේ ඉන්න හිතුවේ නෑ. ආපහු ඔහුගේ සිහින මෝටර් රථය නිපදවන්න තීරනය කරා. මෙවර සියල්ල හොඳින් සිදුවුනා.අවසානයේ ඔහු නිපදවු මෝටර් රථය ලොව ඉතා ජනප්‍රිය වුනා. ඒ විතරක් නෙවේ අද වනවිට තමන් මිකෑනික් වරයෙක් ලෙස වැඩකරපු ටොයෝටා සමාගම සමග කරට කර සිටින මෝටර් රත සමාගමක් මෙච්චර අමාරු ගමන්ක් පසුකරපු ඒ මෝටර් රථ තමා”හොන්ඩා”මේ කොලුවාගෙ නම තමා සොයිචිරෝ හොන්ඩා.අපි දන්නවා මේ හොන්ඩා රතය පදවාගෙන යන ඔබටත් මේ වගේම බාදක වලින් පිරුනු අතීතයක් ඇති. මෙය කියවපු හැමෝටමත් එහෙම ඇති.ඒ බාධක ජයගත්ත අය වෙන්න ඇති.අපිට කියන්න ඕනෙ වුනේ මෙච්චරයි.බාධක එන එක ඔබට බාලනය කරන්න බෑ..ඒත් ඔබට පුලුවන් පරාජය වෙන එක පාලනය කරන්න..