October 4, 2022

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

ලවළු සම්බෝලයේ ගුණ

හෙළයන්ගේ ආහාර අතරට සම්බෝලයක් බොහෝවිට එක්වූයේ බත්පත රස ගැන්වීමට මෙන්ම එම ආහාරයේ ගුණාත්මක බව වැඩි කර ගැනීමටත්ය අමුවෙන් ආහාරය ගැනීමේ එක් ආකාරයක් හැටියටයි ඒ අතරට කොලවර්ග කරල් වර්ග ගෙඩිවර්ග අලවර්ග දළු වර්ග බොහොමයක් ඇත ඒ අතරින් ලාවළු සම්බෝලයද වෙනස්ම රසයකින් මෙන්ම ඉතා ඉහල පෝෂණ ගුණයකින් සහ ඔසු ගුණයකින් පරිපූර්ණයි ලාවළු ඉදුනු පසු පලතුරක් හැටියටත් එසේ නොමැතිනම් අමුවෙන් මදක් පැසුනු පසු අවුළුවක් හැටියට හෝ සම්බෝලයක් හැටියටත් ආහාරයට ගතහැක හෙළයන්ගේ සම්බෝල /ගොටුකොල/අගුනකොල/කොහොඹ ලපටි දළු/රාබු කොල/නීරමුල්ලිය/කතුරු මුරුංගා කොල/නෙළුම් අල ලපටි/කොහිල අල/රාබු අල/පතෝල/කෙසෙල්මුව/කරවිල/දඹල ලපටි කරල්/පැල මුං ලෙස ගත හැක ඒඅතරින් ලාවළු ගසද ස්වභාවිකව බාහිර සාත්තුවක් වසවිසක් නොමැතිව වැඩෙනා ගසක ඵලයකි බොහෝ අය මේ වටිනා පලතුර මගහරින්නේ එහි ඇති විශිෂ්ඨ ගුණය නොදන්නා කම සහ එහි වර්ණය සහ පිටි ස්වභාවය නිසා කටේ ඇලෙන නිසාවෙන් වන්නටත් ඇත කෙසේ නමුදු මෙම ලාවළු එක් ගෙඩියක බිත්තර 12 පමණ ගුණයක් ඇත මෙහි ගුණ සිරුර පැහැපත්වීම/ඇසට හිතකරවීම/මොළේ වර්ධනයට බෙහෙවින් උපකාරීවිම/ප්‍රතිශක්‍ති පද්ධතියට අවැසි පලතුරුවලින් ලැබිය යුතු ගුණාංගයන් ඉතා ඉහල අගයක් මෙහි සතුවීම/අස්ථි රෝගීන්ට අස්ථි වර්ධනයට උපකාරී වීම

ලාවලු සම්බෝලය සකසන ආකාරය ~මදක් පැසුනු ලාවළු ගෙඩියක් ගෙන සෝදා පිට පොත්ත ඉවත් කොට දෙපළු කොට එහි ඇටය ඉවත්කරගන්න පසුව එලවළු ගානා උපකරනයක ආධාරයෙන් හො පිහියකින් සිහින්ව කපාගෙන එයට ලුණු ,ගම්මිරිස් ස්වල්පයක් ,කපාගත් රතුළූණු, කපාගත් අමු කොච්චි දෙහි ඇඹුල් ස්වල්පයක් දමා කවලම් කොට ආහාරයට එක්කරගන්නඔබත් හැකිතාක් මෙවැනි වස විසෙන් තොර ආහාර භුක්තිවිද නිරෝගීවෙමු ඔසු මාෆියාකරුවන්ගේ වසංගත බෝකිරීමේ වෑයමට හා කෘෂි රසායන කරුවන්ගේ උගුලෙන් මිදෙමු මන්ද දැනට ඇති සෑම බෝගයක්ම වසවිස යොදා වවනා බැවින් බියෙන් සැකෙන් තොරව අමුවෙන් කෑමට හැකි දෑ ඉතාමත් අල්පයි අධික විස රසායනික යොදා වගාකරනා කැරට් වැනිදැ සෘජුවම වකුගඩු රෝග අස්ථිරෝග පිළිකා රෝගවලට හේතු බෑවින් මෙය එයට බොහෝ ආදේශකයක් වේවිනිරෝගී පරපුරක් සහ යහපත් ආර්ථිකයක් විවේකී සැදෑ සමයක් වෙනුවෙන් හෙළ ආහාර භුක්ති විදිමු හෙළ ඇවතුම් පැවතුම් පිළිපදිමු Source – හේනේපැලේ අප්පුහාමි