September 24, 2022

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

මාසෙන් දෙකෙන් කෙට්ටු වෙන විදිය

බොහෝ තරුණ තරුණියන් මුහුණ දෙන ගැටළුවක් ලෙස තරබාරු බව සහ කෘශ බව දැක්වීමට පුළුවන්. කෙට්ටු අය උත්සාහ කරන්නේ කොහොම හරි මහත් වෙන්න. ඒත් මහත අය බලන්නේ කොහොම හරි කෙට්ටු වෙන්න. ගෙදර තියෙන දේවල් උපයෝගී කරගෙන සුළු ප්‍රතිකර්ම කිහිපයකින් ඔබේ ගැටළුවට විසඳුම් ලබා ගන්න පුළුවන්. අධික ලෙස වියදම් කරගෙන කෘතිම ඖෂධ වලට හුරුවනවාට වඩා ස්වභාවික දේවල් උපයෝගී කරගෙන ඵලදායී ප්‍රතිඵල ලබාගන්න පහත දේවල් අනුගමනය කරන්න.කෙට්ටුව මට්ටු කර ගැනීමට…/ පුහුල් ගෙඩියක මදය ගෙන මිරිකා එළඟිතෙලෙන් බැද මී පැණි මිශ්‍රකර තේ හැඳි 1 බැගින් උදේ සවස ආහාරයට ගන්න./ අමුක්කරා පිටි, එළඟිතෙල්, මී පැණි සමඟ මිශ්‍ර කර තේ හැඳි 1 බැගින් උදේ සවස ආහාරයට ගන්න./ තල, අමුක්කරා පිටි, මී පැණි සමඟ අඹරා තේ හැඳි 01 බැගින් උදේ, සවස ආහාරයට ගන්න./ කොල්ලු, උඳු සමව ගෙන තම්බා දියර පානය කර ඇට ආහාරයට ගන්න./ රසකිඳ පිටි, නෙල්ලි පිටි, එළඟිතෙල් සමඟ මිශ්‍රකර තේ හැඳි 01 බැගින් කෑමට ගන්න./රසකිඳ, උඳු එක පමණ ගෙන තම්බා දියර පානය කරන්න ./ කඩල, මුං ඇට තම්බා දියර පානය කර ඇට ආහාරයට ගන්න./ පුහුල් ව්‍යාංජන ලෙස සකසා ආහාරයට ගන්න./ කටු අනෝදා ආහාරයට ගන්න./ දෙළුම් යුෂ පානය කරන්න./ පැණි පුහුල්, පිපිඤ්ඤා හොඳින් අඹරා යුෂ පානය කරන්න./ උඳු තම්බා දියර පානය කරන්න./ තල, මී පැණි සමඟ මිශ්‍ර කර කෑමට ගන්න./ රට ඉඳි වල ඇට ඉවත් කර එළඟිතෙල් මිශ්‍රකර එක මදුල බැගින් උදේ සවස කෑමට ගන්න.

තරබාරුව මට්ටු කර ගැනීමට…/කුරුඳු පොතු කුඩු කර මී පැණි සමඟ මිශ්‍ර කර තේ හැඳි 01 ක ප්‍රමාණය උදේ සවස ආහාරයට ගන්න./ මී පැණි තේ හැඳි 01 කට ගම්මිරිස් ඇට 02 ක් කුඩු කර දමා දිනපතා උදේ පානය කරන්න./ කළුදුරු, කුරුඳු පොතු තම්බා උදේ සවස පානය කරන්න./ අරළු, බුළු, නෙල්ලි එක පමණ ගෙන තම්බා උදේ, සවස පානය කරන්න./ කලාඳුරු අල, නෙල්ලි, රසකිඳ, බුළු එක පමණ ගෙන තම්බා උදේ, සවස පානය කරන්න./ කතුරුමුරුංගා කොළ මැල්ලුම් සාදා ආහාරයට ගන්න./ ගස්ලබු ආහාරයට ගන්න./ මී පැණි වලට දෙහි ඇඹුල් ස්වල්පයක් දමා තේ හැඳි 01 ක ප්‍රමාණය උදේ සවස ආහාරයට ගන්න./සුදුළූණු, එළඟිතෙල් වල දින 14 ක් තබා එක බැගින් ගෙන උදේ සවස ආහාරයට ගන්න./ ඇඹරැල්ලා ව්‍යාංජනය ආහාරයට ගන්න ./ කරපිංචා කොළ කොටා යුෂ වලට මී පැණි බිංදුවක් දමා පානය කරන්න.මහත අයට කෙට්ටු වෙන්න, කෙට්ටු අයට මහත් වෙන්න ආයුර්වේදයෙන් නොවරදින පිළියම්…බොහෝ තරුණයන් මුහුණ දෙන ගැටළුවක් ලෙස තරබාරු බව සහ කෘශ බව දැක්වීමට පුළුවන්. කෙට්ටු අය උත්සාහ කරන්නේ කොහොම හරි මහත් වෙන්න. ඒත් මහත අය බලන්නේ කොහොම හරි කෙට්ටු වෙන්න. ගෙදර තියෙන දේවල් උපයෝගී කරගෙන සුළු ප්‍රතිකර්ම කිහිපයකින් ඔබේ ගැටළුවට විසඳුම් ලබා ගන්න පුළුවන්. අධික ලෙස වියදම් කරගෙන කෘතිම ඖෂධ වලට හුරුවනවාට වඩා ස්වභාවික දේවල් උපයෝගී කරගෙන ඵලදායී ප්‍රතිඵල ලබාගන්න පහත දේවල් අනුගමනය කරන්න.