October 3, 2022

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

පිත්තාශයේ ගල් සුවකරන අළු කෙසෙල්

කෙසෙල් ගෙඩියක් ආහාරයට ගන්නා විට එහි ඇති ප්‍රණීත රසය නිසා ආහාරයට වඩාත් පි‍්‍රය උපදවන බව අමුතුවෙන් පැවසිය යුතු වන්නේ නැහැ. කෙසෙල් ගෙඩියක් අමුවෙන් ආහාරයට ගැනීමේදී යම්කිසි කහට රසක් දැනුනත් අළු කෙසෙල් නම් ආහාරයට ගත යුත්තේ අමුවෙන්. එය පලතුරක් අතුරුපසක් ලෙස අපි කවුරුත් ආහාරයට ගන්නේ නැහැ.අළු කෙසෙල් ව්‍යාංජනයක් ලෙස සකසාගත හැකි අතර කුඩා දරුවාගේ සිට මහල්ලා දක්වා කිසිදු අගුණයක් නොමැතිව ගතහැකි ව්‍යාංජනයක් ලෙස කොයි කා අතරත් ප්‍රසිද්ධ ය.වැඩෙන දරුවාගේ පෝෂණයට මහෝපකාරී වන අළු කෙසෙල් ආහාරයට ගැනීමෙන් සිරුරට ලැබෙන ගුණදායක බව අපි සොයා බලමු.තන්තුමය කොටස් අළු කෙසෙල්වල පවතින බැවින් මළබද්ධය දුරු කරන නිසා අර්ශස් රෝගය පාලනය කරගත හැකි ය. ශරීරයේ රුධිර වහනය වන රෝගවලට ගුණදායක වන අතර යෝනි මාර්ගයේ රක්තය පිටවේ නම් ඒ සඳහා අළු කෙසෙල් ව්‍යාංජනය පමණක් නොව අළු කෙසෙල් අල භාවිතා කළ කසායක් ද යොදාගත හැකි ය.

ශරීරය සිසිල් කරන ගුණය අළුකෙසෙල්වල පවතින බැවින් බඩ දැවිල්ලට සුදුසුයි. දියවැඩියා රෝගියෙකුගේ ආහාර වේලට අළු කෙසෙල් ඇතුළත් කළ යුත්තේ ආහාර හොඳින් දිරවීමට උදව්වන නිසා ය. පිත්තාශයේ ගල් හා වකුගඩු ආශි‍්‍රත ගල් සෑදීමේ ප්‍රවණතාවය අඩු කරන අතර කනේ අමාරුවකදී අළු කෙසෙල් ගුණදෙයි. අපගේ ශරීරයේ අනවශ්‍ය මේද කොටස් ඉවත් කරනු ලබයි.පිළිකා රෝග කාරකවලදී ඒවා නැසීමට උදව් වේ. ආහාර පහසුවෙන් දිරවීමට උදව් වේ. පණු රෝගවලට ගුණදායක වන අතර කුඩා දරුවන්ට ඉතාමත් සුදුසු ය. පිසු පසු අළු කෙසෙල් කෑමට පි‍්‍රය උපදවන ලෙස සැකසෙන බැවින් කුඩා දරුවන්ට ඉතා සුදුසු ය. හිසකෙස් වර්ධනය මෙන්ම වර්ණවත් කරයි. සමේ වර්ණය හොඳින් ලබාදේ. බඩගින්න ඇති කරයි. නීරක්තිය නැති කරයි. හෘදයේ ක්‍රියාකාරීත්වයට ඉතා සුදුසු ය. සිරුරේ ඇතිවන අසාත්මිකතා දුරු කරයි. ශරීරය සිසිලසින් තබා ගැනීමට උදව් වේ. බලය හා ශක්තිය වඩයි. රුධිර පීඩනය නැති කරයි .

අළු කෙසෙල් සම්බෝල අවශ්‍ය ද්‍රව්‍ය:-/අළු කෙසෙල් ගෙඩි 4/බොම්බයි ලූණූ ගෙඩි 4/උම්බලකඩ මේස හැඳි 2/ අමු මිරිස් කරල් 4/ දෙහි බෑයයි/ ලුණු ස්වල්පයක් කහ ස්වල්පයක් සාදන ක්‍රමය:-පළමුව අළුකෙසෙල් ගෙඩි ගෙන පොතු හැර පෙති වලට කපා සෝදා කහ මිශ්‍රකර රන්වන් පාට වන තුරු තෙලෙන් බැදගන්න. ඉන්පසු බොම්බයි ලූණු පෙති වලට කපා, අමු මිරිස් සිහින් වෙන්න කපා උම්බලකඩ සහ දෙහි ඇඹූලුත්, ලුණුත් දමා හොඳින් මිශ්‍ර කර පළමුව පිළියෙල කරගත් අළු කෙසෙල්වලට මිශ්‍ර කරන්න.(අවශ්‍යනම් මෙයට කපාගත් තක්කාලි ගෙඩියක්ද එකතු කරගන්න.) අළු කෙසෙල් උයලා පොතු ටික විසි නොකර අළු කෙසෙල් ලෙලි වලින් රසවත් ඒ වගේම හරිම ගුණ පොඩි කෑමක් හදමු.අවශ්‍ය දේවල් :සිහින්ව කපාගත් අමු අළු කෙසෙල් ලෙලි/උම්බලකඩ /කෑලි මිරිස්/රතු ළූණු /අමු මිරිස්/කුරුදු පොත්තක් රම්පෙ /කරපිංචා /ලුණු සාදන ආකාරය :01. භාජනයකට තෙල් ටිකක් දාල රත් වෙන කොට උම්බලකඩ කෑලි දමා ටිකක් බැද ගෙන පසෙකින් තිබා ගන්න.02. නැවත තෙල් ටිකක් දමා කෙසෙල් ලෙලි ටික ටිකක් බැදෙන්න දෙන්න.03. උම්බලකඩ හැර සියළුම අමු ද්‍රව්‍ය ටිකද එක්කර හොඳින් කලවම් කර කෙසෙල් ලෙලි ටික මෘදු වන තෙක් පිසගන්න.04. අන්තිමටම බැදගත් උම්බලකඩ එක් කර ලිපෙන් ඉවතට ගන්න.