October 5, 2022

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

ඇස්වල පෙනීම වැඩි කරන ආහාර

කැරට් ( Carrots ) කැරට් ආහාරයට ගැනීම ශරීරයේ වර්ධනයට යම් බලපෑමක් එක් කළත් එහි අඩංගු ඇතැම් සංඝටක මඟින් ඇසේ පෙනුම සම්බන්ධයෙන් සෘජුවම දායකත්වයක් ලබාදෙයි.මෙම කැරට් වල අඩංගු කැරටිනොයිඩ්ස් ( Carotenoids ) නම් සංඝටකය මඟින් විටමින් A නිපදවීමට බොහෝසෙයින් දායක වේ. විටමින් A මඟින් ඕනෑම වයසක අයකුගේ ඇස් සෞඛ්‍ය නීරෝගී මට්ටමෙන් පවත්වාගෙන යෑමට දායක වේ.නිවිති ( Spinach ) ඇතැම් විට කුඩා දරුවන් නිතරම නරඹන කාටූන් වලින් නිවිති ආහාරයට ගැනීමෙන් පෙනුමක් ලැබෙන බව පිළිබිඹු කළත් එය අතිශෝක්තියක් නොවේ. මන්ද නිවිති වල බහුල වශයෙන් ලුටීන් ( Lutein ) නම් පෝෂණ පදාර්ථය අන්තර්ගත වේ. මෙම ලුටීන් මඟින් ඇසේ සුද ඇති බීටා අවදානම අඩුවිය හැකි බව පර්‍යේෂණ මඟින් සොයාගෙන තිබේ.මීට අමතරව නිවිති වල බීටා කැරොටින් ( Beta Carotene ) හා සීසැන්තින් ( Seaxanthin ) නම් කැරොටිනොයිඩ ( Carotenoids ) බහුල වශයෙන් අන්තර්ගත අතර මෙමඟින් ඇසේ පෙනීම සම්බන්ධයෙන් සෘජුවම දායකත්වය ලබාදෙයි. බෙල්ලන් ( Oysters ) ඇතැම් කාල වල වෙරළාශ්‍රිත ගල්පර වල දක්නට ලැබෙන පෝෂණ ගුණය අතින් ඉතාම ඉහළ වටිනාකමක් ඇති මුහුදු බෙල්ලන් ද ඇසේ නීරෝගී සෞඛ්‍යයට සෘජුවම දායක වන ආහාරයකි.මෙම බෙල්ලන්ගේ අංශුමාත්‍ර මූලද්‍රව්‍යයන් බහුලව දක්නට ලැබෙන අතර අනෙක් සෑම ආහාරයකට වඩා සින්ක් (Zinc ) බහුලව ඇති ආහාරයක් ලෙස සැළකේ.විටමින් A ප්‍රධාන වශයෙන් ගබඩා කර ඇත්තේ අක්මාවේ වන අතර ගබඩා කර ඇති විටමින් A ඇසේ දෘෂ්ඨිවිතානයේ ( Retina ) ඇතැම් සෛල කරා ගෙන යෑමට මෙම සින්ක් උපකාරී වේ. මෙම විටමින් A මඟින් දෘෂ්ඨිවිතානයේ ඇතැම් සෛල මඟින් පෙනීමට බොහෝ සේ උපකාරී වන මෙලනින් ( Melanin ) නම් වර්ණකය නිපදවීමට උදව් වේ.

ග්‍රීන් ටී ( Green Tea ) අද බොහෝ කාන්තාවන් අධික තරබාරුකම දුරලා ශරීරයේ හැඩය පවත්වා ගැනීමට හරිත තේ ( ග්‍රීන් ටී ) පානයට නැඹුරු වී සිටිති. එයට අමතරව ග්‍රීන් ටී රසවත් පානයක් ලෙස ද ගැනීමට ඇතැමුන් පුරුදු වී සිටිති. මේ සැමටම වඩා ග්‍රීන් ටී වල බහුල වශයෙන් අඩංගු වී ඇති විවිධ වර්ගයේ ෆ්ලැවනොයිඩ්ස් ( Flavonoids ) ඇස අභ්‍යන්තරයේ සියුම් පටක වලට ද ආරක්ෂාවක් ලබා දේ. ෆ්ලැවනොයිඩ්ස් ( Flavonoids ) නම් හරිත තේ වල අන්තර්ගත ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයන් ( Antioxidants ) මඟින් දිවා කාලයේ දී තද සූර්‍යයාලෝකයට නිරාවරණය වීම මඟින් ඇසට ඇතුළු වන විකිරණශීලි කිරණ මඟින් දෘෂ්ඨිවිතානයට වන හානිවීම වළක්වයි. වට්ටක්කා ( Pumpkin )වයසට යෑමත් සමඟ ඇසේ ඇතිවන බොහෝ රෝගී තත්වයන්ට හේතුව අපේ ආහාරයේ අඩංගු සමහර වැදගත් පෝෂ්‍ය පදාර්ථ වල හිඟ බව නොරහසකි.මෙම සංඝටක අතුරින් ලුටීන් ( Lutein ) සහ සීසැන්තින් ( Seaxanthin ) නම් කැරොටිනොයිඩ් ප්‍රධාන තැනක් ගනී. වයස් ගතවීමත් සමඟ ඇතිවන සමහර බෝවන රෝග වලට ආහාර වලින් ප්‍රවේශම් විය යුතු වීමත්, වෛද්‍ය උපදෙස් අනුව සමහර ආහාර වර්ග ගැනීම සීමාවීමත් හා ආහාර රුචිය අඩු වීමත් යන හේතූන් නිසා වයස්ගත වන අයගේ පෝෂණය සම්බන්ධයෙන් සැළකිය යුතු ලෙස අවධානය යොමුකළ යුතුයි. මේ නිසා අපේ දෘෂ්ඨිවිතානයේ ඇති පීත දේහයේ ( Macula ) හි සෛල වල අකර්මණ්‍ය වීම ( ARMD ) වැළැක්වීම සඳහා ආහාර වල අඩංගු මෙම කැරටිනොයිඩ ( Carotenoids ) බොහෝසෙයින් දායක වේ.මාළු ( Fishes )මාළුන් ගේ අන්තර්ගත ඔමෙගා – 3 ( Omega – 3) නම් මේද අම්ලය මඟින් සෛල වල ආකෘතිය ස්ථාවරවම පවත්වාගෙන යෑමට උදව්වන අතර සෛල වල සිදුවන සන්නිවේදනයන්ට ද උපකාරී වේ.විශේෂයෙන් සැල්මන් ( Salmon ) හා අනෙකුත් මත්ස්‍ය තෙල් බහුලව අඩංගු මාළු ආහාරයට ගැනීමෙන් දෘෂ්ඨිවිතානයේ පීත දේහයේ අකර්මණ්‍යතාවයන් හට ගැනීමේ හැකියාව අඩුවන බව සොයාගෙන තිබේ. මීට අමතරව මත්ස්‍යයන් ගේ ඇති ඔමෙගා -3 මේද අම්ල මඟින් ඇස් වියළීම ( Dry Eyes ) හා ග්ලූකෝමා ඇතිවීමේ අවදානම ද අඩුවන බව සොයාගෙන තිබේ.මීට අමතරව වොල්නට්ස් ( Walnuts ) හා ගොජි බෙරිස් ( Goji Berries ) වල අඩංගු ඇතැම් පෝෂණීය සංඝටක ඇසේ සෞඛ්‍යයට ඍජුවම බලපාන අතර නිතර නිතර මේවා ආහාරයට ගැනීම මඟින් ඇසේ ඇතිවන විවිධ රෝගී තත්වයන්ගෙන් ආරක්ෂාවීමට මඟ පෑදේ.