October 5, 2022

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

කටට රසට නෙළුම් අල අවුළුව හදන විදිය

හෙළයන්ගේ ආහාර අතර අලවර්ග වලට විශේෂිත තැනක් හිමිවුනා මන්ද බොහෝවිට හෙළයන්ගේ ආහාර සුරක්ෂිත කිරීම ගබඩා කර තබා ගැනීම යන දැ වලදී අලවර්ග කලක් පහසුවෙන් තබා ගැනීමට හැකියාව ලැබීමත් දැඩි නියන් කාලයේදී මේවා භාවිතයට ගැනීමට හැකිවීමත් නිසායි අද ඔබ දකිනා අල කීවම අර්තාපල් මඤ්ඤොක්කා පමණයි දකින්නේ එයද අපගෙ අලවර්ගයක් නොවේ නමුත් හෙළයන්ගේ අලවර්ග විශාල ප්‍රමාණයක් තිබුනා ඒවායේ එකිනෙකට වෙනස් ගුණයන් තිබුනා එදිනෙදා දිවියට අවැසි බොහෝ ඔසු ගුණද මෙයින් ලැබුනා මේවාට සාත්තු කිරීමක් සිදුවූයේනෑ එකල වැසි සමයේ සිටුවූ පසු නිවැරදි මාස ගණන ගියපසු නියන් කාලයක වුවද මේ අල ගලවා ආහාරයට ගතහැකී කුසේ සිටින දරුවා ප්‍රසූතියට සුදුසු අන්දමට හිස පහලට හැරී නොතිබූ විට අදමෙන් එකල නොයෙකුත් බෙහෙත් පර්‍යේශණ නොකලේය නොතිබුනි නාඩි බලා කුස සිටින දරුවාගේ චලනය්ස්න් බලා එය හැදින හිගුරළ වේල් කිහිපයක් එ අදාල ගැබිණියට කෑමට දීමෙන් ඒ වරද නිවැරදි කරගැනිනි ඉතා සරලවම අපේ අලවර්ග /හිගුරල/කුකුළල/කොඩොල/සෙවෙල අල/ඉන් අල (රටල)/කටු අල කිරි අල/දන්දිල අල/බුත්සරණ/හුලංකීරිය/බතල/වැලි අල/කිඩාරන්/රටල/රාජඅල /දියේ සෑදෙන අල /නෙළුම් අල/කොහිල/මානෙල් අල/කෙකටිය අලමේ අල අතරින් නෙළුම් අල තවත් රසවත් මෙන්ම පෝෂණ ගුණය මෙන්ම ඔසු ගුණයෙන්ද පිරිපුන් අලවර්ගයකි මෙය බොහෝවිට වැව් ආශ්‍රිතව හෝ පොකුණු වල වැඩෙනා නිසා ඉඩෝරයට ඒවා සිදීයනවා නමුත් නැවත මාස කිහිපයකින් වැසිලැබී දිය පිරුනු පසු ඒවා නැවත වැඩෙනවා එම ඉඩෝර කාලයට ආහාර අවුලු වර්ග හිගයට මනා විසදුමක් මෙය බැවින් සිදිගිය වැව් වල වලවල් හාරා මේ අල ගොඩට ගෙන කෑමට සකස් කිරීමට පුරුදුව සිටියා එකල හෙළයන්නෙළුම් අල වල ගුණය ගත් කල කෙදි සහිත බව නිසා සිරුරේ ආහාර ජීර්ණ පද්ධතියට ඉතාමත් ගුණ වන බැවින් මළ බද්ධයද බිද දමනවා මූලග්ගින්න ඇති අයටද බොහො ගුණ දෙන අතර කිරි දෙන මවුවරුන්ටද බොහො ගුණ දෙන ආහාරයකි .

අදවනවිට බොහෝ ඈයින් මේ අල කැමට බියෙන් පසුවනවා මන්ද කුඹුරට ගැසූ අධි විස රසායනිකයන් වැවට ගලා ඒමෙන් මේඅලවලට ඒවා උරා ගැනීමෙන් මෙය අහරට ගැනීමෙන් වකුගඩු රෝගය ඇතුළු රෝග වැළදෙනවා යැයි උගත් යැයි කියනා ඇයින් මාධ්‍යය මගින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම නිසා. ඇත්තෙන්ම මාද වසර ගණනක සිටම ඔය කියනාදෑ පර්‍යේශන සිදුකලද එවැනි ආසනික් හෝ බැරලෝහ අන්තර්ගත බවක් නොදුටුඅතර වෙළද පොළේ ඇති සහල් වල පලාවර්ගවල සහ හෙළ සහල් යැයි පවසමින් ඉතා අධික මිල ගණන් වලට විකුණන බහුජාතික සමාගම්වල සහල්වල ඒ කියනා වසවිස අන්තර්ගතවී ඇති බැවු පෙනීගියා වසවිසෙන් තොර අහාර හැකිතාක් මිනිසාගෙන් ඈත්කොට වස විස නොමැතිව වැඩෙනා බෝග මිනිසාගෙන් ඈත්කොට වසවිස නහවා සකසන බෝග පමනක් අලෙවිය ඔවුන්ගේ අරමුණ වන්නට පුළුවනි මන්ද වස ගෙන්වන්නේද එවායෙන් හැදෙනා ලෙඩවලට අවැසි ඔසු යැයි කියනා පෙති ඇතුළු දැ ගෙන්වන්නේද ඔවුන් බැවිනි. කෙසේනමුදු මේ නෙළුම් අල වැනි දෑට,අද කාලයට අනුව විස එකතුවීමෙ යම් ප්‍රවණතාවක් නැතුවාම නොවෙ නමුත් එසේ ඇත්නම් එය මගහරවා ගැනීමට නිවසට ගෙනආ නෙළුම් අල පිසීමට මත්තෙන් සෝදා දෙකොන කපා සෝදා අගල් පහක පමණ කැබලි කපා සුදු සහල් මිටක් භාජනයකට දමා වතුර දමා මේ අල කැබලි තම්බා ගෙන උණු දියෙන් සෝදා ගන්න පෙර සහල් සමග තැම්බූ දිය අවපැහැ ගැන්වී සහල්ද අවපැහැ ගැන්වේ. යම් වසක් විසක් ඇත්නම් මෙමගින් ඉවත්වේඅපරටේ වාරි පද්ධතිය අනුව සෑම වැවකටම කුඹුරෙන් නැවත ජලය නොයනා බැවින් කුඹුරේ හො වගාබිමෙ වසවිස නැවත වැව් ජලාශ වලට එක්වීම සෑම පලාතකම සිදුනොවේ නමුත් වැව් ආශ්‍රිතව වැවට ජලය සැපයුම දෙපස කුඹුක් අට්ටික්කා මී , වැනි ගස් සිටුවා තැබීමෙන් කට්ටකාඩුවෙ පන් වර්ග වැඩීමට ඉඩ සැලසීමෙන් මේ විස ඉවත්වේ පහසුවෙන්මනෙළුම් අල සලාදය ~නෙළුම් අල තම්බා පොතු ඉවත්කොට කුඩා පෙතිකපා ගමිමිරිස් ,කොච්චි රතුළූණු ,දමා සලාදයක් සකසා ගතහැක නෙළුම් අල කිරට සෑහෙන තරම් නෙළුම් අල ගෙන දෙකොන කපා සෝදා අගල් පහක පමණ කැබලි කපා සුදු සහල් මිටක් සමග තම්බා පසු උණු දියෙන් සෝදා කුඩා පෙති කපා ගම්මිරිස් කුරුදු කරපිංචා කොච්චි රතුළූණු තුනපහ ලුණු දමා කිරිදමා පිස කෑමට එක්කර ගන්නඔබේ බත් පතට කෙදි සහිත ආහාරයක අවශ්‍යයතාව මේමගින් සපුරාලනවානිරන්තරයෙන් වසවිසෙන් තොර හෙළ ආහාරයෙන් කුස පුරවා ගැනීමට පෙලඹෙමු පිළිකා වකුගඩු රෝග අස්ථි රෝගවලින් මිදෙමු නිවසේ වස විසෙන් තොරව කුඩා ගෙවතු වගාවක් ආරම්භ කරමු නීරෝගී වෙමු ආර්ථික වාසි ලබමුපරයන්ගේ විකෘති ආහාර කාබී ඒවායේ පිංතූරද මුහුණු පොතේ පෙන්වමින් තවකෙක් පිළිකාවට වකුගඩු රෝගයට ඇතුළු රෝගයන්ට ගොදුරු කිරීමට උඩගෙඩි නොදෙමු ඒ පාප කර්මයෙන් ඈත්වෙමුනිරන්තරයෙන්ම හෙළයන්ගේ නිදුක් නීරෝගි බව වෙනුවෙන් වෙහෙසෙන මා හේනේ පැලේ අප්පුහාමි ඔබ සැමට තෙරුවන් සරණයි ….!