October 1, 2022

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

ලෝකයේ සාර්ථක මිනිසුන් හැමදාම මේ දේවල් කරා

සාර්ථක මිනිසෙක් වෙන්න හැමෝම කැමතියි. හැබැයි කීයෙන් කී දෙනාද ජීවිතයේ සාර්ථකත්වය ලගා කරගන්නෙ? හැමෝම සාර්ථක වෙන්න ආස නිසා මම හිතුවා අද සාර්ථක මිනිසුන්ගේ රහස් ටිකක් ඔයාල එක්ක බෙදාගන්න.අපි බලමු කොහොමද සාර්ථක මිනිසුන් නින්දට කලින් හෙට දවස සදහා සූදානම් වෙන්නෙ කියල.දවස නිමා කිරීමහැම සාර්ථක මිනිසෙක්ම එදා දවසට අදාල වැඩ කොටස අනිවාර්‍යන් එදා දවසේම නිම කරනව. ඒ කරල ඔයාල ඊලගට කරන වැඩේ තමයි හෙට දවස සදහා සැලසුම් සකස් කිරීම.මේ සෑම ක්‍රියාවක්ම වෙලාවට නිම කරන්න නම් නිසි ලෙස කාලය කළමණා කර ගැනීම අතිශයින් වැදගත්.පොත් කියවන්නමේ ගැනනම් අමුතුවෙන් කියවන්න දෙයක් නෑ. අහල තියෙනවනෙ කථාවක් හොද පොතක් යාළුවෝ 100කට සමානයි කියල. පොත් කියවනකොට ඔයාගේ දැනුම දවසින් දවස ඉහල යන එක ඉතින් අනිවාර්‍යන් සිද්ධ වෙනව. ඒ දැනුම ඔබේ දියුණුවට හේතු වන බව රහසක් නෙමෙයි.පවුල වෙනුවෙන් වෙලාවක් සමහර අය සාර්ථක වෙන්න ඕන කියල හිටු කියල වැඩම කරනව. පවුලේ අය ගැන හොයල බලන්න වෙලාවක් නෑ. ඒත් ඇත්තටම හිතල බලන්න තමන්ගේ පවුල ගැන හිතන්න වෙලාවක් නැතිනම් ඔබ යන ගමන හරිද? සැබෑ සාර්ථකත්වය පරිපූර්ණ විය යුතුයි. එය මුදල් පිළිබද කාරණාවක් පමණක් නෙවෙන බව මතක තබා ගන්න. හෙට දිනන සැලසුම මේක අනිවා කරන්න ඕන. නින්දට කලින් හෙට කරන්න ඕන වැඩ ටික ප්ලෑන් කරගන්න. එතකොට අනවශ්‍ය වැඩ වලට කාලය මිඩංගු කිරීම නවතා ගන්න පුළුවන්. අපිට තියෙන්නෙ පැය විසි හතරයි. නිවැරදි සැලැස්මක් නැතුව යන්න ගියාම වෙලාව යනව දන්නෙම නෑ.බාහිර ලෝකයේ වල් පල් එපාරාත්‍රී කාලයේදී ඔබේ දුරකථනය විසන්ධි කරන්න. නැතිනම් එක මහ කරදරයක්නෙ. අනිත් එක ෆේස්බුක් වගේ දේවල් යූස් කරන එක ලිමිට් කරන්න. විශේෂයෙන් නිදි යහනේදී. 9ට නිදාගන්න යන අය දුරකථනය අල්ලන් ඉදල නිදාගන්නේ 12 පහුවෙලා සමහර වෙලාවට. දන්නෙම නෑ කාලය ගිහින්. පස්සේ ඉතින් හෙට නැගිටින්න පරක්කු වෙනවා. දවසම ඉවරයි.භාවනාව අනිවාර්‍යයි ඔවු ඔබ දැනටම දන්නවා භාවනා කිරීම කොච්චර සහනයක්ද කියල. මානසික හා කායික සුවයට එය ඉතා වැදගත්. අනිවාර්‍යයන් භාවනා කරන්න නින්දට පෙර. ලැබෙන ප්‍රතිපල ගැන ඔබ විශ්මයට පත්වෙනවා සත්තයි!