October 3, 2022

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

ලංකාවේ 12 ස්ථනය හිමි කරගත් කැලෑවේ හෝටලය

මහ රූස්ස වනාන්තරයක් අස්සේ කුරුල්ලනුයි රැහැයියනුන් එකතුවෙලා හරි හරියට කියන සිංදු අහගෙන ලෝකෙ තියන හොඳ ම සැපසම්පත් විඳින්න තියනවා නම් කියල සිහිනයක් කොළඹ වගේ කොන්ක්‍රීට් වනන්තර වල ජීවත් වෙනම ඔබටත් මටත් අපි හැමෝටම තියනවා.ඒත් කෝ එහෙම තැනක් කැලෑ අස්සෙ තියන හෝටල් ගැන අහල තිබ්බට ඒ වයෙ කොහෙන්ද ලෝකෙ තියන හොඳම සැප..හැමදාම කැරකෙන කෝණෙන් පොඩ්ඩක් පිට පැනලාවෙනසකටත් එක්ක මේ පාර අපි තෝරගත්තෙ පොළොන්නරුව ගිරිතලේ පැත්ත.ගිරිතලේ කිව්වම ඕනම කෙනෙක්ගෙ හිතේ ඇදෙන්නේ රස්නෙ කර්කශ දේශගුනයක් තියන පළාතක්.ඔව් ඉතින් ඒ කතාවෙ වරදක් නෑ අපි හිතුවෙත් එහෙමයි.හැබැයි පැයගානක් කෝච්චි බස් වල ඇවිල්ල ගිරිතලේ වැව් තාවුල්ලෙ ගොඩ බැස්සම ඇගේ තිබිච්ච් දාඩියත් එක්කම ගමන් මහස්සිය ගිරිතලේ වැව් සුලං එක්ක ගහගෙන යනකොට අපේ හිතත් ටිකක් වෙනස් වුනා.රූස්ස වනාන්තර අස්සෙ නවාතැන් තියෙන්න පුළුවන් හැබැයි ලෝකෙ තියන හොඳම සැප ඒ වයෙ හොයන්න ටිකක් අමාරුයි.අපි මේ පාර නිවාඩුව ගත කරන්න යන්නෙ එහෙම තැනකට ඒ තමයි පොලොන්නරුවේ ගිරිතලේ deer park තරු හතරේ නවාතැන.Deer park කියන්නෙ පොලොන්නරුව පළාතටම තියන ලොකුම හෝටලය කිව්වත් මා නිවැරැදියි. නවාතැටනට ඇතුලු වෙනකොටම දැනෙන්නෙ වනාන්තරය ක් ඇතුලට යනවා වගේ හැගීමක්.එහෙම හිතාගෙන නවාතැනට ඇතුලු වුනා කියමුකො.ලොබි එකේ ඉඳලා පහල බලනකොට එක පාරටම අපේ ඇස් අදහාගන්න බැරි වුනා අපි මේ ඇවිත් ඉන්නේ ගිරිතලේටද එහෙමත් නැත්නම් නුවරඑළියෙ ග්‍රෙගරි වැව ළඟටද කියල ඒ තරමට සුන්දරයි මේ පරිසරය.ඉතින් ඔබට හිතෙන්න පුළුවන් මෙච්චර ‍රස්නෙ පැත්තකට කොහොමද නුවර එලිය වගේ කියන්නේ කියල ඇත්තටම ඒක මට පැහැදිලි කරන්න අමාරුයි.ගිරිතලේ වැවෙන් එන සුලං කැරලි deer park නවාතැනේ තියන රූස්ස ගස් සිඹගෙන ඇවිත් අපේ ඇඟේ දැවටෙන කොට හිතටයි ගතටයි දැනිච්ච සනීපේ නුවරඑළිය ග්‍රෙගරි වව ළඟදිවත් මටනම් දැනිලා නෑ.මේ නවාතැන ගස් වලට ආදරේ නවාතැනක් කාමර 85ක් තියන මේ නවාතැන භාගෙට භාගයක්ම කාමර ඇතුලෙත් විශාල ගස් තියනවා.ගසටත් හානියක් නැතිව කාමර හරිම අපූරු වට නිර්මානය කරල තියනවා.මේ කාමර වලට ඇතුලු වෙනකොටමදැනෙන්නෙ හරියට අපේම ගෙදරකට ගියා වහේ හැඟීමක් ඒ විදිහට තමයි මේ නවාතැනේ හැමදේම නිර්මානය වෙලා තියෙන්නේ.

නාන තටාකයත් හරිම අපූරුයි උඩතියන තටාකෙ වතුරටික ගසාගෙන ඇවිත් පුංචිදිය ඇල්ලක් නිර්මානය කරමින් පහළ තටාකයට ඇදහැලෙනවා.අංග සම්පූර්ණ විශාල ප්‍රමාණයේ කායවර්ධන මධ්‍යස්ථානයක් ආයුර්වේද ස්පා එකක් වගේම ඔබගේ ජීවිතයේ වැදගත්ම දිනය වෙනස්ම ආකාරයෙන් සැමරීමට රාජකීය මංගල ශාලාවක් ඇතුලු සියලු සැපසම්පත් මේ පුංචි වනාන්තරය ඇතුලේ තියන නවාතැනේ තියනවා.Deer park හෝටලයෙ තියන සුන්දරම ස්තානය තමයි lake view poit එක එතන ඩෙක් එක උඩ තියන sun bed එකක් උඩ හාන්සි උනාම දවසක් වුනත් වැව දිහා බලාගෙන ඉන්න පුළුවන් හවස් වරුව තමයි ලස්සනම ඉර බැස යන දර්ශනය හරිම අපූරුවට මෙතනට පේනවා.ආගන්තුක සත්කාර ගැන පිරිසිදු භාවය ගැන කෑම බීම ගැන මම අද කතාකරන්නෙම නෑ මොකද ඒ ගැනත් කිව්වොත් ආර්ටිකල් එක සති දෙකකට අපට දාන්න වෙන්නෙ .කියන්න කිසිම අඩුපාඩුවක් නෑ.මේ තියන පිළිගැනීම සහ පරිසරය හින්දම වෙන්න ඇති 2019 ලංකාවෙ හොඳම හෝටල් 24න් 12 ස්තානයට මේ නවාතැන තෝරාගන්නේ.හතු පිපෙනවා වහේ හෝටල් හැදෙන කාලේ ලංකාවේ තියන නවාතැන් දහස් ගනෙන් 12 තේරෙනවා කියන්නේත් කොච්චර ලොකු ආඩම්බරයක් ද .ඇත්තටම මටනම් මේ හෝටලය දිව්‍ය ලෝකයක් වගේ හොඳට හුස්ම අරගෙන සැහැල්ලුවෙන් ඉදලා එන්න පුළුවන් තැනක්.මෙතන පටන් අරගෙන අවුරුදු 25 වුනාට ලංකාවේ අය මේ ගැන වැඩිය දන්නෙ නැ.ලක්ශ ගනන් වියදම් කරලා රටවල් වල කොන්ක්‍රීට් බිල්ඩින් වල නවතින්න යන නෝනල මහත්තයලට මට ආරාධනා කරනවා දවසක් මෙහේ ඉඳලා බලන්න කියලා.ඔබට යන්න හිතෙන එකක් නෑ.(0776601050/ 0775227755 අංකය අමතා ඔබේ දිනය කලින්ම වෙන් කරවා ගන්න. නිශ්ශංක මුවර්)