September 24, 2022

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

යක්ඛ ගෝත්‍රකයින්ගේ විස්කම්

විජය කුමරු විසින් ඉතාමත් ද්‍රෝහි ලෙස එලවා දැමූ යක්ෂ ගෝත්‍රකයින් ගෙන් බොහෝ දෙනෙක් කෑගල්ල ප්‍රදේශයේ අරණායක පෙදෙස් රහළ ගලට ගොස් සැගව සිටි බැව් විවිද ජනසෘති වල සද හන් වේඅද රාවණ පිටුව තුලින් ඒ පිලිබද තොරතුරු ගෙන ඒමට අප කණ්ඩායම බලපොරොත්තු වන්නෙමු.යකඩ උණු කොට මුවහත් තබා දුනු කඩු කෙටේර කිනිසි තෝමර තැනීමට එකල හසල දැනුමක් තිබූ යක්ඛ ගෝත්‍රයන් තුල තිබූ දැනුම් සම්බාරය මෙතරම් යැයි කිය කිව නොහැකි තරම් ය..වෙදකම අංගම් ක්‍රමය මන්ත්‍ර ශාස්ත්‍රය හා බැදුනු හසල දැනුම් සම්භාරයක් වන්නට විය . මේ අතර ම ඔවුනගේ විස්කම් අප වර්තමාණය විමතියට පත් කරන්නේය .කලු ගල් මුදු මොලොක් කොට කර ශිල්ප ක්‍රම හා විවිධ නිර්මාණ කිරීමට සක් සුදක් සේ කීමට ශිල්ප ක්‍රම සම්පුර්ණ ලෙස දන්නා පිරිසක් ලෙස යක්ඛ ගෝත්‍රය හැදින්විය හැකිය .විවිධ ඔසු ගෙන බෙහෙත් සකසා ගල මත ආලේපයෙන් මෙම විස්කම් ශාස්ත්‍රය කල පසු එය මූලොක් වීම රහැනකින් පවා කැපීමට පුලුවන, මෙය බොහෝ ග්‍රන්ථ වල රජාඔසුව ලෙසද වැඩි දුර සදහන් වේ. ජනසෘතිය හා බැදුණ කල වේ රැහැනින් කලු ගල් කපා මහා දෙවොලක් එක රාත්‍රියෙන් නිමවා දැඩිමුණ්ඩ දේවතවන්ට පුද පූජා කොට දී රකුසන් රහල ප්‍රදේශයේ විජය කුමරුගේ සිද්ධීන් පසුව ජීවත් වූවා යැයි කියවේ.බලන්ගොඩ තන්ජන් තැන්න,කුරුවිට බට දොඹ ලෙන ,සිංහරාජ අඩවියේ තොරණ ගල ,ළිහිණි ගල,කුලුගල සමනළ ,ධර්ම රාජගල ආදී ස්ථාන ප්‍රග් එයිතිහාසික යුගයට අයත් තවත් පරීක්ෂණ කල යුතු ස්ථානයන් බැවු කිව හැකිය .මේ පලාත් වල වෙසූ ආදී වාසී යක්ෂ ගෝත්‍රිකයන් නොයෙක් මාදිලියේ වෙස් මුහුණු පැලදගෙන සතුන්ග්ගේ සම් පොරවාගෙන දුටු පමණින් බිය ගන්වන සුළු ඇදුම්න් පැළදුම් වලින් සැරසී සිටීම ලංකා යක්ෂ සංස්කෘතියේ විශේෂ ලක්ෂනයක් වන්නට විය .යකුන්ගේ අගනුවර වූ ලංකාපුර රාජධානියට අයත් සීගිරි බලකොටුවේ සිට ලග්ගලටත් එහි සිට ඌව පලාතටත් ඌවේ සිට සමන්කූට පර්වතයටත් ඉතා දියුණු උමං මාර්ගයන්තිබූ බව රාවණ කථා පුස්කොල ග්‍රන්ථයේ පැහැදිලිව සදහන් කිරීම අප කුතුහලය වෙනත් මගකට යොමු කරන්නේය .