October 25, 2020

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

රත්නපුරෙන් හොයාගත්තු ලසිත් මාලිංග මෙන්න

ශ්‍රී ලංකාවේ වේගවත්ම නවක පන්දු යවන්නා සොයා ගැනීම උදෙසා ‘එයාර්ටෙල්’ ආයතනය මඟින් සංවිධානය කළ Airtel Fastest 2019 වැඩසටහනේ ජයග්‍රාහකයා බවට රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍යයකු වන ඒෂාන් මාලිංග සම්මාන දිනා ගන්නා ලදී. තවද මෙම සොයා ගැනීමේදී ඔහු පැයට කිලෝ මීටර් 133ක වේගයක් සටහන් කරගෙන තිබීමද කැපී පෙනිණි.

කෙසේ වෙතත් Airtel Fastest 2019 වැඩසටහනේ මූලික වටයේදී ඒෂාන්ගේ පන්දු යැවීමේ වේගය පැයට කිලෝමීටර් 127ක් වශයෙන් සටහන් වුවද ප්‍රවීණ පන්දු යැවීමේ පුහුණුකරු අනූෂ සමරනායක මහතා විසින් පවත්වන ලද වේගපන්දු යැවීම පිළිබඳ තාක්ෂණික පුහුණු සැසිවාර කිහිපයට සහභාගි වීමෙන් අනතුරුව ඔහුගේ පන්දු යැවීමේ තාක්ෂණයේ සහ වේගයේද සුවිශේෂී වෙනසක් දක්නට ලැබිණි. එමෙන්ම එහි දෙවැනි වටයේදී ශ්‍රී ලංකා හිටපු වේගපන්දු යවන්නකු වන චමින්ද වාස්ගෙන් ලැබුණු ගුරුහරුකම් මත ඒෂාන් මාලිංගගේ දක්ෂතා කැපීපෙනෙන අයුරින් වැඩි දියුණු වී තිබීමද විශේෂත්වයකි.