
තංගල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසැලක ඉගෙනුම ලබන සිසුවෙකු ගේ පාසැල් බෑගයක් තුළ සිටි නාගයෙකු දෙමාපියන් විසින් අල්ලා ඊයේ (10) දහවල් පාසැල් භූමියෙන් ඉවත් කොට තිබේ. අදාළ පාසැලේ විවේක කාලයේදී පාසැල් සිසුවෙකු තම ආහාර ඇසුරුම පාසැල් බෑගයෙන් පිටතට ගැනීමට සූදානම් වීමෙන් අනතුරුව සර්පයෙකු අතට හසු වී තිබේ. අනතුරව සිසුවා ඒ බව පන්තිය භාර ගුරුවරයාට දැනුම් දී තිබේ.
ක්ෂණිකව පාසැල් බෑගය අගුලූ දමා ඇති ගුරුවරයා බෑගය පන්ති කාමරයෙන් පිටතට ගෙන පාසැලේ ආරක්ෂාවට සිටි දෙමාපියන්ට බාර දී තිබේ. දෙමාපියන් විසින් පාසැල් බෑගය පරීක්ෂා කිරීමේදී අඩි 03ක් පමණ නාගයෙකු පාසැල් බෑගයේ සිට ඇති අතර දෙමාපියන් එම නාගයා ආරක්ෂිතව පාසැල් භූමියෙන් ඉවත් කොට තිබේ.
More Stories
ලංකාවේ විද්‍යාඥයෙකුගේ නවතම සොයා ගැනීම
විභාග සහතික නිකුතුව හෙට සිට ඔන්ලයින් ක්‍රමය
රංගිරි දඹුලු රජමහා විහාරාධිපතිගෙන් කෝටි 10ක කප්පම් ඉල්ලලා