November 24, 2020

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

විභාග සහතික නිකුතුව හෙට සිට ඔන්ලයින් ක්‍රමය

ඔන්ලයින් ක්‍රමයට විභාග සහතික පත්‍ර නිකුත් කිරිමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට පියවර ගත් බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත් බී පූජිත මහතා පැවසීය. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව එක්දින සේවාව යටතේ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සහ අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග සහතික පත්‍ර නිකුත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක අතර ඒ සඳහා විභාග අපේක්ෂකයා පැමිණිය යුතුය. එම වැඩපිළිවෙළ තවදුරටත් කාර්‍යක්ශම කරමින් සහ විභාග අපේක්ෂකයන්ට පහසුවක් ඇති කරමින් (11) හෙට සිට මෙය ක්‍රියාත්මක බව සඳහන් කළේය.

මේ යටතේ විභාග දෙපාර්තමේන්තුවට පැමිණිමකින් තොරව විභාග සහතිකයේ පිටපතක් ලබාගත හැකිය. ඔන්ලයින් ක්‍රමය ඔස්සේ ඕනෑම අයදුම් කරුවෙකුට අයදුම් කිරීමට හැකි අතර එහිදි ක්‍රෙඩිට් කාඩ් මගින් හෝ ඩෙබිට් කාඩ් එක මගින් මුදල් ගෙවිය හැකිය. එසේ නොමැතිනම් තැපැල් කාර්‍යාල මගින් මුදල් ගෙවා ලැබෙන කේත අංකය මගින් ඔන්ලයින් ක්‍රමය හරහා අයදුම් කර හැකිය. විභාග සහතිකය ඉල්ලුම් කර දිනට පසු දින කුරියන් සේවාව හරහා හෝ සීග්‍රග්‍රාමි තැපෑල මගින් ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇතිබව වැඩිදුරටත් පැවසීය.