June 4, 2019

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

රසල් ආර්නල්ඩ්ගෙන් අමුතු කතාවක්.!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ ලයිස්තුව වෙනස් කරමින් තිසර පෙරේරා ආරම්භක පිතිකරුවෙකු ලෙස ඉදිරිපත් කරන ලෙස ඉල්ලා විරෝධතාවයේ යෙදෙන ක්‍රිකට් රසිකයෙක් පිළිබඳ පුවත මේ වනවිට දැඩි කතාබහට ලක්ව තිබෙනවා. මෙම ක්‍රිකට් රසිකයා සිය ඉල්ලීම් ඉදිරිපත් කරමින් විහාර මහා දේවි එළිමහන් රංග පීඨයේ ගසක් මතට නැගී විරෝධතාවයේ නිරත වුනා. මෙම පුද්ගලයාගේ විරෝධතාව බොහෝ දෙනාගේ අවදානමට ලක්වූ අතර සමාජජාලා මාධ්‍යයන්හී එම විරෝධතාවය පිළිබඳ පුවත සීඝ්‍රයෙන් පැතිර ගියා.

මේ අතර මේ ක්‍රිකට් රසිකයාගේ අපූරු විරෝධතාවය ක්‍රිකට් ක්ෂේත්‍රයේද කතාබහට ලක්ව තිබෙනවා. හිටපු ක්‍රීඩක සහ විස්තර විචාරක රසල් ආර්නල්ඩ් සිය නිල ට්විටර් ගිණුමෙන් පණිවිඩයක් තබා විමසා සිටින්නේ එම රසිකයා තවමත් ගහ උඩද යන්නයි. ඉන්පසුව එයට ලැබුනු පිළිතුරකට රසල් ආර්නෝල්ඩ් පවසා තිබුනේ එසේ නම් තමන්ද ගසකට නගිනා බවයි. එම ට්විටර් පණිවිඩය පහතින්,