October 2, 2022

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

රතන හිමියන් බැහැ දැකීමට අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමි පැමිණෙයි

උපවාසයේ නිරත පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් බැහැ දැකීමට අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමි අද (03) පෙරවරුවේ පැමිණියේය. රතන හිමියන්ගේ සුවදුක් විමසීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ කාදිනල් හිමිපානන් පැවසුවේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට අනුබලය අනුග්‍රහය දුන් අයගේ සැබෑ තතු සොයාගෙන උන්වහන්සේ උපවාසය අරඹා ඇති බවයි.

රතන හිමියන් ඉකුත් සිකුරාදා (31) දා මෙම උපවාසය ඇරඹුවේ අන්තවාදී ඉස්ලාම් ත්‍රස්තවාදයට අනුබල දෙන බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලී, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා සහ අමාත්‍ය රිෂාඩ් බදියුදීන්වහාම දැනට දරන තනතුරුවලින් ඉවත් කරන්නැයි ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට බලකරමිනි.