May 29, 2019

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

රාවණා නිසා කඩු සටනුත් පුරුදු වුන ඩිෂ්නි

මේ දවස්වල මොනවාද ඩිෂ්නිගේ තොරතුරු?  මගේ කාලය ගතවෙන්නේ “රාවණා” සහ “සක්කාරං” කියන ටෙලිනාට්‍ය දෙකේ ෂූටින් වලට

වෙනස් චරිත දෙකක් නේද ඔබට මේ දිනවල රඟපාන්නේ?  ඔව්. රාවණා ටෙලිනාට්‍යයේ “ෙකෙකසී” කියන්නේ වීර චරිතයක්. සටන් කරන, නිතර තරහා ගන්නා චරිතයක් තමයි ෙකෙකසී කියන්නේ. ඒත් සක්කාරං ටෙලිනාට්‍යයේ “කොමලි“ ඊට හාත්පසින්ම වෙනස්, ගැමි යුවතියකගේ චරිතයක්.

ඒ කියන්නේ බටහිර පන්නයේ චරිතවලින් නිතර දැකපු ඩිෂ්නිගේ රංගන ජීවිතයේ දැන් අලුත් වෙනසක් සිද්ධ වෙලා නේද?  ඔව්. මොකද, මගේ පෙනුමත් එක්ක හුඟක් අය හිතාගෙන හිටියා මට ගැමි චරිත රඟපාන්න බැහැ කියලා. ඒත්, “සක්කාරං” අධ්‍යක්ෂ අරුණ ජයවර්ධන මට කොමලිගේ චරිතය ලබා දුන්නාට පස්සේ මම ඒ අභියෝගය භාර ගත්තා. මෙච්චර කාලයක් වෙස්ටර්න් චරිතවලට කොටුවෙලා හිටපු නිසා මට වුවමනා වුණා ඒ රාමුවෙන් මිදෙන්න. මම හිතනවා මගේ වෑයම සාර්ථකයි කියලා.

“රාවණා” ටෙලි නාට්‍යයේ සටන් ජවනිකා රඟපෑම අභියෝගයක් වුණේ නැද්ද?  ඒක මට අමාරු වුණේ නෑ. මම ‍පොඩි කා‍ලේ ඉඳලා සටන් කලාව ඉගෙන ගත්තා. හැබැයි මම කඩු සටන් ඉගෙන ගෙන තිබුණේ නැහැ. ඒ නිසා රාවණාහි රඟපාද්දී මම ඔසඳ සමන් බණ්ඩාරගෙන් කඩු සටන් ඉගෙන ගත්තා.

හැමදාම පුංචි තිරයටම කොටුවෙලා ඉන්නද කල්පනාව? එහෙම දෙයක් නැහැ. පසුගිය අවුරුදු දෙක තුළදී මට “සුළඟ ඔබ ලුහු බඳී”, “පිනි”, “සඳ පිනි වැස්ස”, “හිතුවක්කාරයා”, “මංසල”, “ක්‍රයිම් සීන්” වගේ ටෙලි නාට්‍ය රැසක රඟපාන්න අවස්ථාව ලැබුණා. එහෙම වුණා කියලා මම පුංචි තිරයට විතරක් කොටුවෙන්න කැමති නිළියක් ‍නෙවෙයි. ප්‍රසන්න විතානගේගේ “ගාඩි” චිත්‍රපටයේ මම ළඟදී රඟපෑවා. එය ඉදිරි කාලයේදී තිරගත වීමට නියමිතයි. ඒ හැරුණාම තවත් චිත්‍රපට දෙකක ෂූටින් ළඟදීම පටන් ගන්නවා.

ඉදිරි කාලයේදී නිළියක් විදිහටම ගමනක් යන්නද හිතාගෙන ඉන්නේ?  මම මේ වෙද්දී ජාත්‍යන්තර පාසලක් පවත්වාගෙන යනවා. එහෙම කළා කියලා රංගනය වෙනුවෙන් කරන කැපවීම නම් මම චුට්ටක්වත් අඩු කරලා නැහැ. හැබැයි හොඳට තෝරා බේරාගෙන හොඳ නිර්මාණවලට විතරයි මම රංගනයෙන් දායක වෙන්නේ.