May 17, 2021

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

ෂාෆි සීසර් කළ අම්මලා කියන කතා

ඊළග බබා හම්බ වෙන්නත් එයාගෙ ළ`ගට එන්න කීවා…. දැන් කොන්ද කකුල් අමාරුයි- හිරිපිටියේ මවක් කියයි….. බබාට අවුරුදු දෙකයි තුවාලේ තවම රිදෙනවා…..  කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ සේවය කළ දැනට සැකපිට පොලිස් අත්අඩංගුවේ සිටින ජ්‍යෙෂ්ඨ ප‍්‍රසව හා නාරිවේද වෛද්‍ය ෂාෆි ෂෙහාබ්ඞීන් විසින් සිදු කරන ලද සිසේරියන් සැත්කම්වලින් පසු තමන්ට සිදුවූ ශාරීරික අපහසුතා ඇත්නම් තොරතුරු ලබා දෙන මෙන් කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා මව්වරුන්ගෙන් කරන ලද ඉල්ලීම මත දින 02 ක් පුරා (27 හා 28* මව්වරු කුරුණෑගල ශික්‍ෂණ රෝහලට පැමිණියහ.

28 වැනිදා එනම් ඊයේ පෙරවරුවේ සිට මව්වරුන් 67දෙනකු රෝහල් අධ්‍යක්‍ෂවරයාගේ කාර්යාලයට පැමිණ සිටි අයුරු දක්නට ලැබුණි. මෙසේ පැමිණ සිටි මව්වරුන් කීපදෙනකුගෙන් කළ විමසීමකදී ඔවුහු මෙසේ අදහස් දැක්වූහ. ‘‘මම හිරිපිටියේ ප‍්‍රදේශයේ පදිංචි වෙලා ඉන්නේ. මගේ මහත්තයා වැඩ කරන්නේ යුද හමුදාවේ. මගේ සීසර් එක කරලා තියෙන්නේ ෂාෆි ඩොක්ටර්. ඩොක්ටර් මාත් එක්ක කතා කර කර තමයි සීසර් එක කළේ. මගෙන් ඇහුවා වයස කීයද කියලා. මම කීවා 33 යි කියලා. අම්මට තව වයස නෑනේ. ඊළ`ග බබා හම්බවෙන්න මගේ ළගට එන්න කියලත් කීවා. මට නිතරම කොන්දේ අමාරුව තියෙනවා. කකුල් අමාරුව තියෙනවා. මම ප‍්‍රවෘත්ති දැකලා තමයි මේ මගේ නිරෝගි බව බලා ගන්න රෝහලට ආවේ.’’

මම පදිංචි වෙලා ඉන්නේ කළුගල්ල ගනේවත්ත පාරේ. මගේ පළමු බබා 2017-10-11 තමයි හම්බ වුණේ. ෂාෆි මහත්තයා තමයි සීසර්කරලා ගත්තේ. මම වාට්ටුවේ හිටියේ නෝර්මල් හම්බ වෙන්න. ඒත් මම හදිස්සියේ ලේබර් රූම් එකට ගත්තා සීසර් කරලා ගන්න කියලා. එයාලා කීවා ළමයා හැදිලා වැඩියි කියලා. මම සීසර් කරලා දින 04 ක් පුරා වාට්ටුවේ තියා ගත්තා. මට නැගිටින්නත් බැරිව හිටියේ. ගොඩක් කොන්දේ අමාරුව තමයි තියෙන්නේ. තාමත් තියෙනවා. කකුල් කකියනවා. පැත්තකට හැරිලා නිදා ගන්න බෑ. දිවයින පත්තරේ ප‍්‍රවෘත්ති බලලායි මේ ආවේ. මම ආයෙත් ළමයි හදා ගන්න බලාපොරොත්තු වෙනවා. මම නිරෝගී ද කියලා බලා ගන්න තමයි මම ආවේ.

‘‘ මම පදිංචි ගොකරැුල්ලේ. මගේ පළමු බබා ෂාෆි දොස්තර මහත්තයා තමයි සීසර්කරලා ගත්තේ. මට අසීරුයි කොන්ද. දනිස් දෙකට රිදෙනවා. උහුලා ගන්න බැහැ. සීසර් කළේ බබා හැරිලා හිටියේ නැහැ කියලා. මම වෛද්‍යවරු ළ`ගට ගියත් ඔවුන් ස්ථිර යමක් කළේ නෑ. 2017-09-30 සීසර් කරලා තමයි බබා ගත්තේ. බබාට අවුරුදු 02 ක් වෙනවා. ෂාෆි දොස්තර මහත්තයා තමයි සීසර් කළේ. මටත් මේ වගේ දෙයක් වෙලාද කියලා බලා ගන්න තමයි අද රෝහලට ආවේ.

මම මාවතගම දොල්ගොල්ල වත්තේ පදිංචිව ඉන්නේ.මට අවුරුදු 22 යි. සීසර් කරන්න කලින් මට ටැබ්ලට් වර්ගයක් දුන්නා. මට ඇවිදින්නත් හරි අමාරුයි. කකුල් කැක්කකුමයි. කොන්දේ කැක්කකුමයි. මම නිරෝගී ද කියලා බලා ගන්න තමයි මම ආවේ. මට අවුරුදු 29 ක් වෙනවා. මම සමෘද්ධි නිලධාරිනියක්. 2017 අගෝසතු මාසයේ බබා ලැබුණේ. බබාට අවුරුදු 02 ක් වෙනවා. මගේ තුවාලේ තාමත් රිදෙනවා.’’