September 27, 2022

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

එකම User ට Whatsapp ගිණුම් කිහිපයක් තිබ්බොත් වෙන්න යනදේ මෙන්න

නිල ‘වට්ස්ඇප්’ යෙදුමට පරිබාහිරව එය තෙවැනි පාර්ශ්වයක් විසින් නවීකරණයට ලක්කොට විවිධ වූ නව නාමයන් හරහා භාවිත කරන සියලුම පරිශීලකයන්ගේ ගිණුම් හා ඔවුන්ගේ පැරැණි සංවාද සියල්ලම ඉවත් කිරීමට ෆේස්බුක් සමාගම තීරණය කර ඇති බව ශ්‍රී ලංකා පරිවර්තන සමූහය පවසනවා. නිල වට්ස්ඇප් යෙදුමෙහි භාවිත කිරීමට හැකියාව තිබෙන්නේ එක් පරිශීලක ගිණුමක් වන අතර මේ නිසා දුරකථන අංක කිහිපයක් එදිනෙදා ජීවිතයේදී භාවිත කරන බොහෝ වට්ස්ඇප් පරිශීලකයන් මෙලෙස විශාල වශයෙන් තෙවැනි පාර්ශ්වයක් විසින් නවීකරණය කරන ලද වට්ස්ඇප් යෙදුම් භාවිතය සඳහා යොමු වී තිබෙනවා.

මෙසේ තෙවැනි පාර්ශ්වයක් මඟින් නවීකරණය කරන ලද වට්ස්ඇප් යෙදුම් භාවිත කරන පරිශීලකයන්ගේ පෞද්ගලික දත්ත පිළිබඳව ඇතිවිය හැකි ආරක්‍ෂක හේතූන් මත ෆේස්බුක් ආයතනයට එම පරිශීලකයන්ගේ දත්ත පිළිබඳ වගකීමක් දැරීමට නොහැකි නිසා මෙම පියවර ගැනීමට සිදුවන බව වට්ස්ඇප් සමාගමේ නියෝජිතයෙක් ශ්‍රී ලංකා පරිවර්තන සමූහය දැනුවත් කර තිබෙනවා. තෙවැනි පාර්ශ්වයක් මඟින් නවීකරණය කොට තිබෙන වට්ස්ඇප් යෙදුම් භාවිත කරන පරිශීලකයන්ට තම ගිණුම් අවලංගු නොවී පවත්වාගෙන යෑමට අවශ්‍ය උපදෙස් වට්ස්ඇප් වෙබ් අඩවියෙහි  දක්වා ඇති බවද එම සමූහය වැඩිදුරටත් සඳහන් කරයි.