May 28, 2019

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

මුහුණු‍පොත හරහා මගේ නම ඩොලර්වලට විකුණලා

ෆේස්බුක් හරහා මේ දවස්වල මට බරපතළ සිදුවීමකට මුහුණ දෙන්න සිදුවෙලා තියෙනවා. මම මගේ ෆේස්බුක් ගිණුම හරහා ඒ ගැන මගේ රසික රසිකාවියන් දැනුවත් කළා. මේ ලිපිය තුළින් රටේම ජනතාවට මේ සිදුවීම ගැන හෙළි කරන්න අවස්ථාවක් ලබා දීම ගැන මුලින්ම මම ‘රිද්ම’ට ස්තුතිවන්ත වෙනවා. මම 2018 වසරේදී හිරු අවුරුදු කුමරිය ලෙස කිරුළු පැලඳුවා. ඉන් පස්සේ “නීල පබළු” හා “අහස් මාලිගා” ටෙලි නාට්‍යවලට සම්බන්ධ වුණාට පස්සේ රසික අවධානය මා වෙත යොමු වෙන්න පටන් ගත්තා. ඒත් මේ දිනවල විකාශය වන “සංගීතේ” ටෙලි නාට්‍යයේ අයෙනිගේ චරිතයට සම්බන්ධ වුණාට පස්සේ ඒ රසික ආකර්ෂණය ගොඩක් වැඩි වුණා. ඒ ජනප්‍රියත්වයත් එක්කම තමයි මේ කියන සිදුවීමට මට මුහුණ දෙන්න සිදුවුණේ.

මේ දවස්වල “සංගීතේ” ටෙලි නාට්‍යයත් එක්ක ගොඩක් කාර්යබහුල වෙලා ඉන්න හින්දා මට නිතරම ෆේස්බුක් පාවිච්චි කරන්න ලැබෙන්නේ නෑ. හැබැයි ඉඳහිට ලැබෙන විවේකය අනුව මම facebook යනවා. ඒ හැම අවස්ථාවකම මම දකින දෙයක් තමයි Masanger හරහා පණිවුඩ ගොඩක් මගේ ෆේස්බුක් ගිණුමට ඇවිත් තියෙන බව. ඒව එවන අය අතරින් බහුතරයක් මගේ රසිකයෝ. විවේකයක් හොයාගෙන හරි ඒ Masange කියවන්නත්, පුළුවන් විදියට පිළිතුරු යවන්නත් මම අමතක කරන්නේ නෑ. මීට සති දෙක තුනකට කලින් එක්තරා දවසක මම විවේක අවස්ථාවක Masanger හරහා මට ඇවිත් තිබුණු Masange ටික කියෙව්වා. ඒ වෙලාවේ මම ගොඩක් සසල වුණා. ඒ හැම Masange එකකම තිබුණේ එකම දෙයක්. “ඔයා ගැන වැරදි කතාවක් ෆේස්බුක් හරහා Share වෙනවා.”

ගොඩක් දෙනෙක් දාලා තිබුණේ ඒ පණිවුඩයයි. ඒ අය ඒ ගැන වැඩි විස්තර දාලා තිබුණා. සමහරු Screen Shot පවා එවලා තිබුණා. ඇත්තටම සිද්ධවෙලා තියෙන්නේ මේකයි. මගේ නමට කැළැලක් ඇති වෙන විදියේ මා ගැන නරක ප්‍රතිරුපයක් මවන ලින්ක් එකක් මගේ ලින්ක් එක්ක දාලා ෆේස්බුක් එකේ Share වෙනවා. හැබැයි ඒ ලින්ක් එක open කළාම තියෙන්නෙ ගුගල් ඇඩ් විතරයි. ඒක රැවටීමක්. මේ රැවටීම කළේ කවුද එහෙම කළේ ඇයි කියලා මම හොයලා බැලුවා. ඇත්තම කියනවා නම් පහුගිය සති දෙක තුන තුළ මම දිගින් දිගටම කළේ අදාළ අංශවලට පැමිණිලි කරලා මේ සිදුවීමේ සුලමුල සොයා බලපු එකයි. අන්තිමට මම එක දෙයක් හොයා ගත්තා.

මේ සිදුවීමට සම්බන්ධ වෙලා තියෙන්නේ පේජ් ඇඩ්මින්ලා. ඒ අය මේ විදියට ජනප්‍රිය අයගේ (විශේෂයෙන්ම නිළියන්ගේ) Photos දාලා බොරු Link හදනවා. ඒ Link එකේ සඳහන් වන්නේ ඒ නිළිය ගැන වැරදි පුවතක්. ඒ පුවත වැඩිදුර දැන ගන්න ලින්ක් එක open කළ යුතු බවයි. ඒවායේ සඳහන් වෙන්නේ. ඒත් ලින්ක් එක ධනඥද කළාම ඔය කියන විදියේ කිසිම දෙයක් එහි නැහැ. ඇත්තම කීවොත්, මිනිස්සු රැවටීමක් විතරයි එතැන තියෙන්නේ. හැබැයි මේ ලින්ක් එක open වන වාරයක් පාසා ඒ අයට ඩොලර් වලින් ආදායමක් ලැබෙනවා. මගේ නම සඳහන් කරලා දාලා තියෙන ලින්ක් එක දැක්ක හැටියෙම තමයි මගේ රසික පිරිස් ඒ ගැන මට Masange කරලා තියෙන්නේ.

ඒත් මගේ කාර්යබහුලකම හින්දා මම ඒ Masange දැක්කේ ඔවුන් මට Masange එවලා දවස් තුනකට පස්සෙයි. ඒ දවස් 3 තුළ අර ලින්ක් එක හයසිය ගණනක් Share කරලා. ඒ අතර කී දාහක් අය ඒක Open කළාද? ඒ හරහා ඩොලර් කොයිතරම් ආදායමක් ලැබුවාද කියන්න නම් මම දන්නේ නැහැ. මේකට සම්බන්ධ පේජ් ඇඩ්මින් ලාට වෙන වෙනම අමතලා වහාම මේක ඉවත් කරගන්න කියලා මම ඔවුන් දැනුවත් කළා. මේ ලිපිය කියවන අය අතර තවමත් ඒ ලින්ක් එක තියාගෙන ඉන්න අය ඉන්නවා නම් වහාම එය ඉවත් කරන ලෙසත් මා ඉල්ලා සිටිනවා. මොකද තව ටික දවසක් බලලා මම මේ වැඩේට විරුද්ධව නීතිය ඉදිරියට යන්නයි හිතාගෙන ඉන්නේ.