May 27, 2019

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

සුපිරි ක්‍රීඩක රංගන හේරත් කවුරුත් නොහිතපු දෙයක් කරයි

ක්‍රිකට් ක්‍රීඩක රංගන හේරත්ගෙන් වව්නියාවේ අසරණ පවුල් වෙනුවෙන් නිවාස.  වව්නියාව දිස්ත්‍රීක්කයේ නැවත පදිංචිව අඩු ආදායම්ලාබී පවුල් වෙනුවෙන් වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ස්ථීර නිවාස සාදා දීමේ වැඩසටහන වෙනුවෙන් ශ්‍රීලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායයමේ රංගන හේරත් විසින්ද නිවසක් ලබා දීමට පියවර ගෙන තිබෙනවා. මේ අනුව වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කුමුදු පෙරේරාගේ උපදෙස්මත 21 වන සේනාංක බල ප්‍රදේශයේ සහ 56 සේනාංක බල ප්‍රදේශයේ නැවත පදිංචි අඩුආදායම්ලාබී පවුල් දෙකක් වෙනුවෙන් අංග සම්පූරණ නිවාස දෙකක් සැදීම සඳහා මුල ගල තැබීම සිදු විය. එහිදී එක් නිවසක් වෙනුවෙන් මූල්‍යමය දායකත්වය රංගන හේරත් දරන අතර අනෙක් නිවස වෙනුවෙන් පෞද්ගලික නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තාරක රන්වල මහතා විසින් මූල්‍ය දායකත්වය දරනු ලබයි. මෙසේ ඉදිකරුනු ලබන නව නිවාස වෙනුවෙන් ශ්‍රම දායකත්වයෙ ලබා දෙන්නේ 2වන විජයබාහු පාබල රෙජිමේන්තුව සහ 7වන ශ්‍රීලංකා සිංහ රෙජිමේන්තුවේ සෙබලුන් විසිනි. උපුටා ගැනීම මවුබිම ……