December 6, 2021

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් කිරීමට මහේල බෑ කියයි

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා කණ්ඩායම සූදානම් කිරීමේ කටයුත්තෙහි වගකීමක් පවරමින් ක්‍රිකට් ආයතනය විසින් සිදු කරන ලද ඇරයුම හිටපු නායක මහේල විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ. ඒ අනුව 2019 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය නිමා වීමෙන් අනතුරුව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් කිරීමේ කටයුත්තෙහි තිරයෙන් පිටුපස වගකීමක් භාරගන්නා ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරීවරයා විසින් අවස්ථා දෙකකදී මහේල ජයවර්ධනගෙන් ඉල්ලීම් සිදු කර ඇති බවද දැනගන්නට ඇත.

කෙසේ වෙතත් කණ්ඩායම සූදානම් කිරීමේ කටයුත්තේ සියලු කටයුතු සම්පූර්ණ කර අවසන් අවස්ථාවක තම මැදිහත් වීමෙන් කණ්ඩායමේ සැලසුම්වල හෝ උපායන්වල වැඩිදියුණු කළ හැකි හෝ වෙනස් කිරීමේ හැකියාවක් තමන්ට පවතී යැයි නොහැඟෙන නිසා මෙම ආරාධනය කාරුණිකව ප්‍රතික්ෂේප කරන බවද එම ආරාධනයට පිළිතුරු දෙමින් මහේල ජයවර්ධන දන්වා ඇති බවද පැවැසේ. තවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් සමඟ කිසිදු ආකාරයක රාජකාරියක් සඳහා එක් වීමට මෙය නිවැරදි අවස්ථාව නොවන බවත් එහිදී වැඩිදුරටත් මහේල ජයවර්ධන පවසා ඇති බවද සඳහන් වේ.