October 1, 2022

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

ගාල්ලේ පාසලක විද්‍යාගාරයේ පිපිරීමක්

ගාල්ල රිච්මන්ඩ් විදුහලේ විද්‍යාගාරය තුළ පෙරේදා (22දා) දහවල් පිපිරීමක් සිදුව ඇති අතර පිපිරීමට හේතුව රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාව ලැබුණු පසු ප්‍රකාශයට පත් කරන බව ගාල්ල පොලිසිය පවසනවා. විදුහලේ විද්‍යාගාරය තුළ පෙරේදා දහවල් සිදුවූ එම පිපිරීමෙන් සුළු තුවාල ලැබූ සිසුන් සිවුදෙනකු කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිසුන් කණ්ඩායමක් විද්‍යාගාරය තුළ පුහුණුවීම් කරමින් සිටියදී ඔවුන්ට පිටුපස මේසයක තිබූ බෝතලයක් මහ හඩින් පුපුරා තිබෙනවා. එම බෝතල් කටු වැදීමෙන් මෙම සිවු දෙනා තුවාල ලබා ඇති අතර පිපිරීමෙන් විද්‍යාගාරයේ තිබූ උපකරණවලට දැඩි හානිද සිදුව තබෙනවා. තුවාල ලැබූ සිසුවකු පැවැසුවේ පිටුපසින් ශබ්දයක් ඇසී බලනවිට එහි මේසය මත තිබූ බෝතලයක් මහ හඩින් පුපුරා ගිය අතර එහි කැබලි වැදීමෙන් තමන්ට තුවාල සිදුවූ බවයි. සිද්ධිය වාර්තා වීමත් සමඟ ආරක්ෂක අංශ වහා ක්‍රියාත්මක වූ අතර පොලිසිය පැමිණ පරීක්ෂණ ආරම්භ කොට රජයේ රස පරීක්ෂකවරයා ගෙන්වීමටද ක්‍රියාකර තිබෙනවා.