September 25, 2022

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

මහවැලි ගග මුහුදට වැටෙන තැනින් තවත් යුධ උපකරණ මතුවෙයි

මහවැලි ගග මුහුදට වැටෙන මූතූර් ගෙංගෙයි පාලම යට තවදුරටත් සිදුකල සෝදිසි මෙහෙයුම් තුලින් තවත් යුධ උපකරණ කිහිපයක් සොයා ගැනීමට නැගෙනහිර නාවික විධානයට අයත් නාවික භටයන් සමත්වුහ. පසුගිය තෙදින පුරා ගෙංගෙයි පාලම යට සිදු කරන ලද කිමිදුම් මෙහෙයුම් තුලින් ටී 56 ගිනි අවියක් ඇතුලූ අවි ආයුධ කිහිපයක් සොයා ගැනීමට සමත් වූ අතර ඒ අනුව තවදුරටත් සිදුකල සෝදිසි මෙහෙයුම් වලින් තවත් යුධ උපකරණ කිහිපයක් සොයා ගැනීමට නාවික හමුදාව සමත්වුහ.

එහිදී ජීව අත් බෝම්බ හතක්, ටී 56 ගිනි අවි සඳහා භාවිතා කරනු ලබන ජිව උණ්ඩ 34 ක් සමඟ මැගසිනයක්, ටී 56 ගිනි අවියක කොටසක් හා ජංගම දුරකථනයක් සමඟ සිම්පතක් සොයා ගැනීමට සමත්ව තිබේ. සොයා ගන්නා ලද අවි ආයුධ සහ උපකරණ ඉදිරි විමර්ශන කටයුතු සඳහා මූතූර් පොලිසිය වෙත භාර දුන් බවත් ගෙංගේ මෝය ප‍්‍රදේශය ආශ‍්‍රීතව යුධ උපකරණ තිබේ දැයි සොයා බැලීම සඳහා තවදුරටත් සෝදිසි මෙහෙයුම් සිදු කරන බව නාවික හමුදාව පැවැසීය.