September 24, 2022

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

ප්‍රහාරයක් ගැන කටකතාවකින් අනුරාධපුර පාසල් කැළඹිලා

ම!රා!ගෙන මැ!රෙ!න බෝ!ම්බකරුවන් පිරිසක් පාසල් දරුවන් ඉලක්කර ප්‍රහාරයක් එල්ල කිරීම සදහා බෝ!ම්බ ලොරියකින් පැමිණ ඇති බවට පැතිරගිය අසත්‍ය දුරකථන ඇමතුමක් නිසා අද (23දා) අනුරාධපුර නගර සිතියමේ පාසල් අසල දැඩි කලබලකාරි තත්වයක් ඇතිවූ අතර දරුවන් නිවෙස් කරා රැගෙන යාමට එකවර දෙමාපියන් විශාල පිරිසක් පැමිනීමෙන් පාසල් අසල දැඩි කලබලකාරි තත්වයක් ඇතිවී තිබෙනවා.

අනුරාධපුර ශාන්ත ජෝශප් පිරිමි විද්‍යාලය ,අනුරාධපුර කේ.බී.රත්නායක මිශ්‍ර පාසල හා අනුරාධපුර ජනාධිපති මිශ්‍ර පාසල ඉලක්ක කර පාසල් අවසන්වනවාත් සමගම ප්‍රහාරය එල්ල කිරීම සිදුවන බවට අසත්‍ය ඇමතුම ලැබීමත් සමග දෙමාපියන් විශාල වශයෙන් පාසල් අසලට රැස්වී සිය දරුවා ආරක්ෂිතව රැගෙන යාමට උත්සහයක නිරතවී තිබෙනවා.

ප්‍රාථමික ශ්‍රේණි කිහිපයක පාසල් අවසන් වන වේලාවවූ සවස 1.15වූ අතර ඊට පෙර විද්‍යාලයන්හි අධ්‍යන කටයුතු හදිසියේ අවසන්කර දෙමාපියන්ට දරුවන් ලබාදීමට විද්‍යාලවල බළධාරින්ට මේ හේතුවෙන් කටයුතු කර තිබෙනවා. මෙම දුරකථන ඇමතුමත් සමග අනුරාධපුර කොට්ඨාශ භාර පොලිස් අධිකාරිවරයා ඇතුළු උසස් නිලධාරින් ඇතුළු විශාල පිරිසක් වහාම පාසල් අසලට ගොස් දරුවන්ට අවශ්‍ය ආරක්ෂාව සැලසීමට කටයුතු කර තිබෙනවා.

මේ අතර පාස්කු ඉරිදා දින බෝ!ම්බ ප්‍රහාරයෙන් දින කිහිපයකට පසුව උතුරුමැද පළාත් සභා සංකීර්ණයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවන බවට අසත්‍ය දුරකථන ඇමතුමක් ලැබීමත් සමග එදින පළාත් සභාවේ වැඩකටයුතු සම්පුර්ණයෙන්ම නතරකර සේවකයන් නිවෙස් කරා යැවීමට බලධාරින්ට සිදුවී ඇති බවද වාර්තා වනවා. අසත්‍ය දුරකථන ඇමතුම් දෙන පුද්ගලයා සම්බන්ධයෙන් මේ වනවිට විශේෂ පරික්ෂනයක් ආරම්භකර තිබෙන අතර ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවට අනුරාධපුර කොට්ඨාශ භාර පොලිස් අධිකාරිවරයා පවසනවා.