September 24, 2022

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

අපේ හාමුදුරුවෝ නිදහස ලබා බන්ධනාගාරයෙන් පිටව යයි

පූජ්‍ය ගල!ගොඩ!අත්තේ ඥා!ණ!සාර හිමියන් ජනාධිපති සමාව ලැබ වැලිකඩ බන්ධනාගාරයෙන් අද පස්වරුවේ පිටව ගියහ. ආරක්ෂක අංශ උපදෙස් මත රැස්ව සිටි මාධ්‍යවේදීන් හෝ ජනතාව රැඳී සිටි ස්ථානය වෙත නොපැමිණ කෙට්ටාව රුක්මලේ පිහිටි විහාරස්ථානයට වැඩම කළ බවයි ස්වාමීන්වහන්සේ නමක් මාධ්‍ය වෙත පැවසුවේ.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ඇතුළු චෝදනා හතරකට වරදකරුවූ උන්වහන්නේ වසර 19ක බරපතල වැඩ සහිත සිර දඬුවමක්, වසර හයකින් ගෙවී යන ලෙස නියමව සිටියහ. 2018 අගෝස්තු 08දා සිට අද දක්වා උන්වහන්සේ එම සිර දඬුවම් විඳිමින් සිටියහ. සංඝයාවහන්සේ, මාධ්‍යවේදීන් සහ විශාල ජනකායක් අද දහවල් සිට බන්ධනාගාරය අවටට රැස්ව සිටිනු දක්නට ලැබුණි. දැඩි ආරක්ෂක විධිවිධානද යොදා තිබුණි.