December 5, 2021

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

Huawei තහනමත් සමග සමාගම් 173 අමෙරිකාවට එරෙහිව නැගිටී

ලොව සුප්‍රකට පාවහන් නිෂ්පාදන සමාගම් දෙකක් වන Nike හා Adidas සමාගම් අමෙරිකානු ජනාධිපතිවරයා වෙත විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අදාළ නිවේදනය නිකුත් කරමින් ඔවුන් පවසා තිබෙන්නේ වහාම චීනය සමග මේ වන විට ඔහු සිදුකරන වෙළඳ සම්බාධක පැනවීම නවතා දමන ලෙසයි. මෙමගින් පාරිබෝගිකයන් විශාල පිරිසකට ව්‍යසනකාරී පාඩුවක් සිදුවන බව ඔවුන් නිවේදනය කරනවා. මේ අනුව Nike හා Adidas ඇතුළු ප්‍රසිද්ධ සමාගම් 173ක් මෙම ලිපිය උපුටා දක්වමින් පවසන්නේ අමෙරිකානු රජය විසින් 25% ආනයනික තීරුබදු ඉහල දැමීම වෙළඳාම් අනුව අමෙරිකාවට අවාසි සහගත තත්වයක් උදාකරනු ඇති බවයි.