October 2, 2022

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

නිදන්ගන්න ගිය 7ක් STF දැලේ

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සෞඛ්‍යය අමාත්‍යංශය අනුග්‍රහය ඇතිව ආහාර නිශ්පාදන ආයතනයක් සහ පානීය වතුර බෝතල් නිෂ්පාදනය කරන ආයතනයක් මුවාවෙන් බකමුණ ඇලහැර කුමාරඇල්ල ප්‍රදේශයේ වසර තුන හමාරක් තිස්සේ නිදහන් ගැනීම සඳහා කැණීම් සිදුකළ ස්ථානයක් දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් වටලා සැකකරුවන් හත්දෙනෙකු හා උපකරණ රැසක් අත්අඩංගුවට ගනු ලැබුවා. වසර තුනහමාරක පමණ කාලයක සිට දිවයිනේ ප්‍රබල පුද්ගලයන් රැසක් සහ සම්බන්ධ වී ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ අනුග්‍රහය ඇතිව මෙම ස්ථානයේ විශාල කළුගලක් බිද අඩි හැටක පමණ ගැඹුරට දෝණාවක් හාරා නිධන් සොයා ඇතැයි පොලිස් විශේෂ කාර්ය බළකාය සිදු කළ පරීක්ෂණයේදී හෙලිවී තිබෙනවා. නිධාන ලබා ගැනීම සඳහා අවසාන දින දෙක තුළදී මෙය අනාවරණය කර ගැනීම විශේෂත්වයකි.—-උපුටා ගැනීම මවුබිම