October 4, 2022

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාව

ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාව ලබා දීමේ නිවේදනයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අත්සන් තබා ඇති බවට වන තොරතුරු තමන්ට දැනගන්නට ලැබී ඇති බව බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී ඩිලන්ත විතානගේ සදහන් කර සිටිනවා. ඒ අනුව ඥාණසාර හිමියන් ඉදිරි දෙදින තුල නිදහස ලබනු ඇති බව තමන් විශ්වාස කරන බවයි ඔහු ප්‍රකාශ කර සිටියේ.

මේ අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ ජේෂ්ඨ නිලධාරියෙකු සදහන් කර සිටියේ ජනාධිපති සමාව ඥාණසාර හිමියන්ට ප්‍රධානය කල බවට වන ආරංචියක් පැතිරී ඇතිමුත් එය මේ දක්වා තහවුරුවී නොමැති බවයි. ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අධිකරණයට අපහාස කිරීම ඇතුළුව චෝදනා 4 කට වරදකරුවීම හේතුවෙන් 6 වසරක සිර දඬුවම් ඉකුත් වසරේ අගෝස්තු මස 08 වෙනිදා අධිකරණයෙන් විසින් නියම කරනු ලැබුවා.