October 4, 2022

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

වෙසක් පෝය දවසේ පුතා කරගත්ත පාපතර වැඩේ

වෙසක් පොහෝ දිනයට පෙර දිනයේ වැලිගම පැලෑන ප්‍රදේශයේදී මහළු පියෙකු මහමග දමා ගොස් සිටියදී වැලිගම පොලිසිය විසින් සොයාගෙන තිබේ. මෙම පුද්ගලයාගේ වයස අවුරුදු හැත්තෑ පහක් පමණ වෙතැයි පොලිසිය අනුමාන කරයි. පසුව පොලිස් නිලධාරීන් මෙම මහළු පුද්ගලයාට ප්‍රථිකාර කිරීම සඳහා වැලිගම වලාන දිසා රෝහලට ඇතුලත් කර තිබේ. ප්‍රදේශවාසීන් එම වයෝවෘද්ධ පුද්ගලයාගෙන් විමසූ විට පුතා රැගෙන ආ බව කියූ බව ප්‍රදේශවාසීන් කියයි. මෙම පියා වර්ෂාවේ පවා තෙමි තෙමී සිටියදී ප්‍රදේශවාසීන්දැක පොලිසියට දන්වා තිබේ. එහෙත් මෙම පුද්ගලයාගේ ඥාතීන් මෙතෙක් හදුනාගෙන නොමැත. මෙම පුද්ගලයා ඥාතීන්ට භාරදීමට පොලිසිය පරික්ෂණ සිදුකරයි.