September 24, 2022

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

අන්තර්ජාලයෙන් බලා ලොව සුපිරිම අවි නිපදවූ ලංකාවේ කොල්ලෙක්

ඇල්පිටිය, නුගේතොට ප‍්‍රදේශයේ ගරාජයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ආයුද කම්හලක් වටලා පොලීසිය විසින් අත්අඩංගුවට ගත් ආයුද නිර්මාණ ශිල්පියා පිළිබඳව නෙත් ගොසිප් මින්පෙර වාර්තා කළේය. පොලීසිය විසින් ඔහුගේ කම්හල වටලා එහි නිෂ්පාදනය කරන ලද ගිනි අවි හා ගිනි අවි නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා උපකරණ තොගයක්ද සමග අත්අඩංගුවට ගන්නා ලද මෙම සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට බද්දේගම මහෙස්ත‍්‍රාත්වරයා නියෝග කර තිබේ. මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ බද්දේගම ප්‍රදේශයේ පදිංචි අජිත් කුමාර නම් සැකකරුවෙකි. සැකකරු ඕනෑම වර්ගයක ගිනි අවියක වීඩියෝවක් පරිගණකයක් මගින් නිරීක්ෂණය කර එම ගිනි අවිය නිෂ්පාදනය කිරීමේ සුවිශේෂි හැකියාවක් සහිත අයකු බවද ඇල්පිටිය පොලිසිය කියයි.

සැකකරු සමග ගිනි අවි නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා ලේත් යන්ත්‍රයක්, වෙල්ඩින් ට‍්‍රාන්ස්ෆෝමරයක්, පරිගණක කොටස් තොගයක්, නිෂ්පාදනය කරන ලද ගිනිඅවි කොටස් විශාල ප‍්‍රමාණයක් හා නිෂ්පාදනය කරන ලද අංග සම්පූර්ණ ගිනි අවියක් ඇල්පිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු ලොව මිල අධිකම නවීන තාක්ෂණයෙන් යුත් ගිනි අවි පවා පරිගණක මාර්ගයෙන් නිරීක්ෂණය කර එම ගිනි අවි නිපදවා තිබෙන බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. සැකකරු කිසිදා පාසල් නොගිය අයකු බවත් එසේ තිබියදී පරිගණක භාවිතය සහ ගිනිඅවි නිශ්පාදනය පිළිබඳව හසල දැනුමක් ලබාගෙන තිබෙන බවත් ඇල්පිටිය පොලිසියේ ප‍්‍රකාශකයෙක් සඳහන් කළේය.