September 24, 2022

NethTv.com

Hot & Fast News – Gossip – Sport News – Entertainment 24 Hours

ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් වන ලැයිස්තුවේ ඥානසාර හිමියන් නෑ …

මෙවර වෙසක් පුර පසලොස්වක පොහොය නිමිත්තෙන් ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලැබීමට නිර්දේශිත සිරකරුවන්ගේ ලැයිස්තුවේ ඥාණසාර හිමියන්ගේ නම නොමැති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. සිරදඩුමට ලක්ව සිටින ඥාණසාර හිමියන් මේ වනවිට රදවා සිටින්නේ වැලිකඩ බන්ධනාගාර රෝහලේයි. ඉකුත් දිනවල උන්වහන්සේගේ සුවදුක් විමසීමට පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් කිහිප දෙනෙකුම පැමිණ ඇති අතර ඔවුන් කියාසිටියේ  ඥාණසාර හිමියන් ජනපති පොදු සමාව යටතේ නිදහස් කළ යුතු බවයි. කෙසේවෙතත් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පොදු සමාව ලබාදීමට අත්සන් කර ඇත්තේ සුළු වැරදි සම්බන්ධයෙන් සිරදඩුවම් විදින සිරකරුවන්, වයස අවුරුදු 70 ඉක්මවූ සිරකරුවන් සහ සුළු වැරදි සදහා දඩ ගෙවීමට නොහැකිව බන්ධනාගාර ගතකර සිටින සිරකරුවන් සදහා පමණක් බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. එම ලේඛණයට අනුව  ඥාණසාර හිමියන්ගේ නම නොමැති බව එම ආරංචි සදහන් කළා. වෙසක්  පොහොය නිමිත්තෙන් ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලැබීමට නිර්දේශිත සිරකරුවන් ගණන 762 දෙදෙනෙක්. ජනාධිපති පොදු සමාව යටතේ එකවර මුදා හැරෙන වැඩිම සිරකරුවන් ගණනද මෙයයි. කාන්තාවන් 26 දෙනෙකු ද ඒ අතර වනවා.